මෑතකදී සිය දිවි නසා ගැනීම් හේතුවෙන් කතා බහට ලක් වී ඇති ෆේස්බුක් වෙබ් අඩවිය ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කරයි.
හෙට්ටිපොල මහ විදුහලේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා කියා සිටියේ ෆේස්බුක් එන පොට හොඳ නැති බව යි.
ඒ මහතා එහිදී මෙසේද කීය.
‘මම අවුරුදු දැන් තුන හතරකට උඩදි කිව්වේ මේ ෆේස්බුක් කතාව මේක එනපොට හොඳ නෑ. දෙමව්පියෝ මේ ගැන වැඩියෙන් සැළකිලිමත් වෙන්න ඕන.
දරුවන් මේ පිළිබඳ වැඩි අවබෝධයක් ලබාගන්න ඕන ඒ නිසා මේවා පිළිබඳව අපි මේකේ තියෙන හොඳ නරක දෙකම අපි අඳුරගන්න ඕන.
අඳුරගෙන තමයි හොඳ දේ විතරක් අරගෙන නරක දේ පැත්තකට කරන්න අපි කටයුතු කරන්න ඕන. දෙමව්පියන් ගුරුවරුන් එකතුවෙන්න ඕන.
මේ දෙමවුපියෝ, අපි ඔක්කොම මොන දේවල් කළත් අවසානයේ මේ රටේ අනාගතය භාරගෙන සිටින දරුවාව අපි වැරදි මාර්ගයක යැව්වොත්, අයාලේ යන්න ඉඩ හැරියොත්, මේ රටට සෙතක් වෙන්නෙ නැහැ’