ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බංග්ලාදේශයේ ෆතුල්ලාහි පිහිටි ඛාන් සහීබ් ඔස්මන් අලි කී‍්‍රඩාංගණයේදී අද (25) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 12 ක ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රහණය සදහා ලකුණු 297 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු පිල ඕවර 48.5 කදී ලකුණු 284 කට සීමා විය. ලසිත් මාලිංග විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 52 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් වූ අතර තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.
මිස්බා උල් හක් (73) සහ උමාර් අක්මාල් (74) පස්වැනි කඩුල්ල සදහා ලකුණු 121 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිලට දැඩි පීඩනයක් යොමු කිරීමට සමත් වූහ. එහෙත් දිනේෂ් චන්දිමාල්, ෂෝට් කවර් ස්ථානයේදී රැකගත් අති විශිෂ්ට උඩ පන්දුව හමුවේ සහිඞ් අෆ්රිඩිගේ ඉනිම ලකුණු 4 කට සීමා වීමත්, නායක මිස්බා උල් හක් හත්වැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමගම ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණියේය.
සුරංග ලක්මාල් දැවූ ඉනිමේ 35 වැනි ඕවරයේ තෙවැනි පන්දුව මිස්බා උල් හක්ගේ පිත්තේ වැදී උඩ පන්දුවක් ලෙස රැකගත් බවට කඩුලූ රකින කුමාර් සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් ඉල්ලීමක් කළද දකුණු අපි‍්‍රකානු විනිසුරු ජොහාන් ක්ලෝට් මහතා එය ප‍්‍රතික්‍ෂේප කළේය.
තරගයේ විශේෂඥ විස්තර විචාරකයන් පැවසුවේ එම විනිසුරු තීරණය තරගයේ තීරණාත්මක අවස්ථාවක් වනු ඇති බවයි.
වමතින් පා දඟ පන්දු යවන චතුරංග ද සිල්වා සිය මංගල අන්තර්ජාතික කඩුල්ල ලෙස අහ්මඞ් ශෙෂාඞ් දවා ගැනීමට සමත් විය. සුරංග ලක්මාල් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් සර්ජිල් ඛාන් (26) පළමු කඩුල්ල ලෙස දවා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 50 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස් කිරීම නිසා ශී‍්‍ර ලංකා පිලට ලකුණු 300 ආසන්නට ඒමට හැකි විය.
මෙම තරගයට කැදවා සිටින කෝඩුකාර පා දඟ පන්දු යවන්නා වන චතුරංග සිල්වා, ශ්‍රී ලංකා පිලේ උප නායක ප‍්‍රවේගකාරි පිතිකරු දිනේෂ් චන්දිමාල්ට පෙර පන්දුවට පහරදීමට එවීම මොන හේතුවක් උඩගත් තීරණයක් ද යන්න අපහැදිළිය. චතුරංග දුවද්දී දැවී ගිය අතර එහිදී නැවත හැරී තම කඩුල්ල වෙත දිව යෑමට පිතිකරුවා කිසිදු උත්සාහයක් නොගැනීමත් පුදුමයට කාරණාවකි.
ළහිරු තිරිමාන්න 39 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී දැවී යන විට ශ්‍රී ලංකාව කඩුලූ හතරක් පමණක් දැවී ලකුණු 224 ක් ලබා සිටියේය. ඕවර 11 ක් ඉතිරිව තිබියදී පිතිකරු ලැයිස්තුව අනවශ්‍ය ලෙස වෙනස් කිරීම නිසා පහසුවෙන් ලකුණු 315 ක් පමණ රැස්කිරීමට තිබූ අවස්ථාව අහිමිවිය.
ළහිරු තිරිමාන්න පන්දු 110 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 102 ක් රැස්කළ අතර මෙය තිරිමාන්නගේ දෙවැනි එක්දින ශතකයයි.
ළහිරු තිරිමාන්න සහ කුමාර් සංගක්කාර පන්දු 146 කදී ලකුණු 161 ක වේගවත් සම්බන්ධතාවක් පවත්මින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
කුමාර් සංගක්කාර ලකුණු 67 ක් ලබා සිටියදී උමාර් ගුල් යැවූ කෙටි පන්දුවකට පුල් පහරක් ගැසීමට ගොස් ෂෝට් මිඞ්විකට් ස්ථානයේ පන්දු රකිමින් සිටි අහ්මඞ් ශෙෂාඞ් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. මෙය සංගක්කාරගේ 84 වැනි එක්දින අර්ධ ශතකය වේ. සංගක්කාරගේ පන්දු 65 ක ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා පිලේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 28 කට සීමා වෙමින් කුසල් පෙරේරා ලකුණු 14 කට දැවී ගියේය.
ශ්‍රී ලංකා නිත්‍ය ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ආබාධයකට ලක්ව මෙම තරගාවලියෙන් ඉවත්ව සිටීම නිසා ළහිරු තිරිමාන්න මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තේය.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාම ශී‍්‍ර ලංකා කණ්ඩායමට නැවතත් එක්වී සිටින අතර කිත්රුවන් විතානගේට ස්ථානය අහිමිවිය. වමතින් දග පන්දු යවන කී‍්‍රඩක චතුරංග ද සිල්වා මෙම තරගයේදී එක්දින වරම් ලබාගත්තේය.
Related Posts
ඉන්දියාවට කඩුලූ 6 ක ජයක්
26 Feb 2014undefinedආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ෆතුල්ලාහි, ඛාන් සහීබ් ...[...]
Asia Cup Final : ශ්‍රී ලංකා-පාකිස්තාන තරඟය [සජීව විකාශණය]
08 Mar 2014undefinedආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර තරඟය අද බංග්ලාදේශයේදී...[...]
SLC mistreats Mahela and Sanga again
14 May 2014undefinedufya, yd ix.dg l%slÜ wdh;kfhka ;j;a wßhdÿjla Y%S ,xld l%slÜ msf,a ysgmq kdhlhka yd fcHIaG l%Svlhka ...[...]
දකුණට මහ ඇමතිවරු 8ක් ? (වීඩියෝ)
25 Feb 2014undefinedඉදිරි පළාත් සභා ඡන්ද විමසීම ළංවත් ම මැතිවරණ වේදිකාව ද උණුසුම් වෙමින් පවති.දකුණේ මී ළඟ මහ ඇමති කවු ද...[...]
ආදරය නිසාම මේ අවුරුද්දේ ජීවිතේ වෙනසක් වෙයි - පියුමි බොතේජු
25 Feb 2014undefinedජනප්‍රියත්වය එක ලෙස රඳවාගත් දක්‍ෂ රංගන ශිල්පිනියක් ලෙස පියුමි බොතේජුව හඳුන්වන්න පුළුවන්. ඇයට වැඩියෙ...[...]