කැළණියේ අඹු සැමියන් හොඳට වැඩ… ජනගහනය ඉහල ගිහින් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කැලණියේ අඹු සැමියන් ජනගහනය වැඩි වන ආකාරයට වැඩ කටයුතු කරමින් යන බවත් එම වෙනස ඇතිව ඇත්තේ තමන් කැළණියට ආ පසු බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

පෑලියගොඩ ප‍්‍රදේශයේ කාණු පද්ධතියක් ඉදි කිරීමේ ආකාරය නිරීක්ෂණය සඳහා පැමිණි ඇමතිවරයා මේ බව කීවේ පෑලියගොඩ මාර්ග සංවර්ධනය අනුව එහි ඇති ගොන්ගාලේ ගොඩබණ්ඩා පිළිරුව ඉවත් කරන්නේදැයි මාධ්‍ය වේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තමා ගිරුවාගම් දොලොස්දාහේ අයෙක් බවද එහි ඇත්තන් පොරොන්දු නොකඩන බවත් කී ඔහු

රුහුණේ මිනිසුන් කළු නොවන බවද කීවේය.

ලෙඩ සුව කර ගැනීමට මිස මිනිසුන් තිත්ත බෙහෙත් බොන්නේ කැමැත්තෙන් නොවන බවත් ඒ ආකාරයට අවශ්‍ය වුවහොත් ගොන්ගාලේ ගොඩ බණ්ඩාගේ පිළිරුව අයින් කිරීමට සිදුවන බවද පැවසූ ඇමතිවරයා එය අයින් කළ හොත් පෑලියගොඩ නගරයේම එය යළි ඉදිකරණ බවටද පොරොන්දු විය.
 
Top