ගයානුයි මමයි වෙන් වෙලා නැහැ...-චතුරිකා පීරිස් | Gossip lanka news Sinhala News Sinhala Cinema News


චතුරිකා පීරිස්, රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂක ආදරය වසර 12ක් තිස්සේ තවමත් නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්. ඇය පිළිබඳව පහුගිය කාලයේදී බොහෝ අවස්ථාවන්හිදී කතාබහට ලක්වුණා. මේ දිනවල ඇය රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම නිෂ්පාදිකාවක් ලෙසත් කාර්යබහුල වී සිටින්නේ ආත්මා ටෙලිනාට්‍යය වෙනුවෙන්. මේ ඇය සමගින් කළ පිළිසඳරක් පහතින්


මුලින්ම ආදරය ගැන චතුරිකාගෙ අදහස මොකක්ද කියලා කියමුද?
ආදරය... හැම කෙනෙක්ගෙම ජීවිතයට අත්‍යවශ්‍යයි. මටත් ආදරය අවශ්‍යයි. ආදරය ලැඛෙද්දී තනිවෙන්නෙ නැහැ. මං ආදරයට ගොඩක් ආදරෙයි.

ඔයා ආදරයට ආදරය කරන තරම් ඔයාට ආදරය ලැබිලා තියෙනවද?


ලැබිලා තියෙනවද කියනවට වඩා, දැන් මට ඒ පැතුව ආදරය ලැඛෙනවා කියලා කියන්න පුළුවන්.

ඔබ ආදරය ලැඛෙනවා කිව්වට නොයෙක් මාධ්‍ය මගින් නම් කියවෙන්නෙ ඔබ දෙදෙනා අතරේ සෑහෙන්න ගැටුම් රණ්ඩුසරුවල් තියෙනවා කියලා.


ඔව්. ඔය විදියේ ආරංචියක් මටත් දැනගන්න ලැබුණා. මමත් ඔය විස්තර දැන ගන්නෙ කවුරුහරි මගෙන් අහනවා නම්. ඕක හරිම විහිළු කතාවක්. මායි ගයානුයි රණ්ඩුවෙනවා කියලා අධ්‍යක්ෂවරයා ඉවත් වෙනවා කියන එක මොනතරම් විහිළුවක්ද? ලක්ෂ දහයක් දොළහක් නිර්මාණයකට ගන්න අධ්‍යක්ෂවරයෙක් අපි දෙන්නා රණ්ඩුවෙනවා කියලා අයින් වෙලා යනවා නම් මෝඩයෙක් වෙන්න ඕන. අපි දෙන්න රණ්ඩු වෙනවා කියලා නාට්‍ය කණ්ඩායමේ අය යනවා නම් අපට ඕන තරම් රණ්ඩු වෙලා මුදල් ඉතිරි කරගන්න පුළුවන්. අපි රණ්ඩුවීම නිසා නාට්‍ය කණ්ඩායමේ අය යනවා කියන එක බොරුවක්.

ඔය විදියේ කතාවක් ඇතිවෙන්න හේතුව?
උදේ ඉඳලා හවස් වෙනතුරු වැඩ කරන්න තියෙනවා නම් කාටවත් අනිත් මිනිහගෙ අඩුපාඩු හොයන්න වෙලාවක් නැහැ. එහෙම නැති අය කරන්නෙ අනිත් කෙනාගෙ අඩුපාඩු හොය හොය මඩ ගහන එකයි. මට නම් උදේ පාන්දර ඉඳලා හවස් වෙනතුරු වැඩ. උදේ වැඩට ගිහිල්ලා හවස ගෙදර එද්දි මට වාහනේම නින්ද යනවා. අනික් මිනිහා වට්ටන්නෙ කොහොමද කියලා හිතන්න වෙලාවක් නැහැ. දවසෙම වැඩක් නැති අයට අනුන්ගෙ ඕපාදූපවලින් තොර දෙයක් නැහැනෙ.

අතීතය දිහා බැලුවහම කලකිරීම් ඇතිවෙන්නෙ නැද්ද?
කලකිරීම් තියෙනවා. නමුත් මම ඒ කලකිරීම් ගැන හිතන්නෙ නැහැ. පරණ දේවල් ගැන හිතන්න ගියොත් අපේ ජීවිත පස්සට යනවා. ඒ නිසා අතීතය අමතක කරලා හෙට දවස ගැන හිතීමයි වැදගත්.

රංගනය තෝරා ගැනීම හොඳ දෙයක් කියලා හිතෙනවද?
රංගනය කියන්නෙ මම තෝරගත්තු දෙයක් නෙවේ. මට ලැබුණු දෙයක්. මට ලැබුණු හැම දෙයක්ම මගේ ළඟ හැමදාමත් තියෙනවා. රංගන ශිල්පිනියක් වීම ගැන මම පසුතැවෙන්නෙ නැහැ. පහුගිය අවුරුදු දොළහ පුරාම මම සෑහෙන්න දුර ගමනක් ඇවිත් තියෙනවා. වසර දොළහට ටෙලිනාට්‍ය අටක් නිෂ්පාදනය කරලා විවිධ චරිත රැසක් රඟපාලා තියෙනවා. ඒ ගැන සතුටුයි.

චතුරිකා ඔයා වඩාත්ම ආදරය කරන්නෙ ජීවිතයේ මොන දේටද?
වැඩියෙන්ම ආදරය කරන දෙයක් මගේ ජීවිතයේ තියෙනවා. හැබැයි ඒ දේ ගැන මම පස්සෙ කියන්නම්.

විවාහ වෙන්න සුදුසු කාලයත් ටිකින් ටික ගවෛනවනේ...?
විවාහය ගැන කියන්න තව පොඩි කාලයක් තියෙනවා. හැම දෙයක්ම සදාචාරාත්මකව සතුටින් සිද්ද වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. එහෙම කටයුතු කරන්න පුළුවන් කාලෙ ආවහම මාධ්‍යයටත් හැමෝටමත් කියලා නිසි විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

රංගන ශිල්පිනියක් හැටියට ක්ෂේත්‍රයට ආපු කාලේ ඔබ ඉතාමත් ආකර්ෂණීයයි. වයසට යද්දී ඒ ආකර්ෂණය කමෛන් අඩු වෙනවා කියලා ඔබට හිතෙනවද?
එහෙම දෙයක් මට දැනිලා නැහැ. ඒ ගැන හිතන්න අවශ්‍යත් නැහැ කියලයි මගේ හැඟීම. මේ ක්ෂේත්‍රයට අලුතින් අය එනවා. ඒ අය වටා ආකර්ෂණයක්
ගොඩ නැගෙනවා. නමුත් රංගන ශිල්පිනියක් කියන්නෙ ආකර්ෂණය, ලස්සන කියන දේ මත පමණක් ගොඩ නැගෙන අය නෙවේ. වසන්ති චතුරාණි, වීණා ජයකොඩි වගේ රංගන ශිල්පිනියන් බලන්න තාමත් ප්‍රේක්ෂකයෝ කැමතියි. වයසට යෑමේ ගැටලුවක් රංගන ශිල්පීන්ට ඇති වෙන්නෙ නැහැ.

රංගන ශිල්පිනියක් හැටියට ඔබ ගැඹුරක් දකින, යමක් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතන රංගන ශිල්පිනියන් කවුද?
වීණා ජයකොඩි, මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලව ආරච්චි, දමිතා අබේරත්න වගේ බොහෝ පිරිසක් ඉන්නවා.

මේ දිනවල ඇතැම් ටෙලි නිර්මාණ මගින් රංගන ශිල්පිනියන්ගේ භූමිකාව පිළිබඳ කතා බහට ලක්වෙනවා. මේ නිර්මාණයන්ට ක්ෂේත්‍රයේම ඇතැම් පිරිස් වල විවේචනයන් තියෙනවා. රංගන ශිල්පිනියක් හැටියට ඔබේ අදහස මොකක්ද?
සිනමා නිර්මාණයකදී අපට බොහෝ දේ කතා කරන්න පුළුවන්. නමුත් ටෙලිනාට්‍යයකදී අපට කතා කරන්න පුළුවන් වෙන්නෙ එක්තරා සීමාවක් විතරයි. මොකද පවුලේ හැමෝම එකට ඉඳලා නරඹන නිසා. හැබැයි එවැනි නිර්මාණ කරන්න බැහැ, කරන්න කියලා සීමාවල් හදන්න බැහැ. අපිමයි වෘත්තීය ගරුත්වය රැකගනිමින් කටයුතු කළ යුත්තේ.
 
Top