මට නාම යෝජනා නොලැබුනාට දුමින්ද සිල්වා හරියට දුක් වුණා – රුවන්ති මංගලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන්ට නාම යෝජනා නොලැබුණ නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා හරියට දුක් වුණේ යයි බස්නාහිර පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් නාම යෝජනා ඉල්ලා එය ප‍්‍රතික්‍ෂෙප වුණු රංගන ශිල්පිනී රුවන්ති මංගලා මහත්මිය පවසයි.

ඇය මේ සම්බන්ධයෙන් සත් අන්ත පුවත්පතක් හා අදහස් දක්වන්නේ මෙසේය.

‘නාම යෝජනා ලැබෙයි කියා හිතුවා. අත්සන් කරන දවසේ උදේ වාරුවෙත් මා ඉන්නවා

කියලා ගොඩක් දෙනෙක් කිවුවා. නමුත් හවස් වන විට මා ලිස්ට් එකේ නෑ කියලා දැනගන්න ලැබුණා.

මට මැතිවරණට ඉදිරිපත් වෙන්න කිවුවේ දුමින්ද සිල්වා මන්ත‍්‍රීතුමා. ඒත් මට නාම යෝජනා නොලැබුණාම ඔහු හරියට දුක් වුණා. ඔහු පැවසුවා මෙවර නිළියන්ට අපේක්‍ෂකත්වය අපේක්‍ෂකත්වය ලබා දෙන්නේ නැහැ කියලා තීරණයක් ගත්ත හින්දා ඔයාගෙ නම ප‍්‍රතික්‍ෂෙප වුණා කියලා.

ඒ වගේ ජනතා නියෝජිතයන්ටත් අපට උදවු කරන්න බැරිනම් වෙන කාට කරන්න පුළුවන්ද? ඒ ගැන නම් මට හිතා ගන්න බැහැ. මොකද වුණේ කියලා මට හිතාගන්න අමාරුයි.

නොහොම වුණත් ඉදිරියටත් ජනතාවට මම සේවය කරනවා. මට පුළුවන් වැඩ කොටස මම කරනවා’
 
Top