ෆේස්බුක් මරණයේ වගකීම දෙමවුපියන්ගේ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මම හොඳට පොඩි කාලේ ගුටි කාලා තියනවා.එත් අපේ අම්මා කවදාවත් ඇවිත් විදුහල්පතිගෙන් ඇහෙව්වේ නෑ ඇයි මගේ පුතාට ගැහැව්වේ කියලා.මගේ අම්මත් ගුරුවරියක්. මම වැරදි කළාම විදුහල්පතිට ගිහින් මාව බර දෙනවා යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මැතිතුමා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුයේ පඬුවස්නුවර කොළඹගම විද්‍යාලයේ පැවති ගොඩනැගිල්ලක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වීමේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපි දැක්කා කුරුණෑගල කොතලාවල විද්‍යාලයේ දරුවෙක්ගේ සිද්ධියක් . මේකට තනිකර අම්මයි තාත්තයි වගකීම බාරගන්න ඕනේ. දරුවෙක් පාසල තුළ ඉන්නේ අවම වශයෙන් පැය හයයි හතයි. ඒ කාලය තුළ දෙමව්පියෝ බලන්නේ නෑ .ඒ කාලය බලන්නේ ආදරණීය ගුරුවරු සහ විදුහල්පතිතුමන්. තාත්තයි අම්මයි බලන්නේ නැත්නම් දරුවා ගෙදර ගිහින් මොනවද කරන්නේ කියලා ඉන්ටර්නෙට් යනවද ෆේස්බුක් යනවද චැට් කරනවද කියලා හොයලා බලලා මේ වගකීම ඔවුන් ගන්න ඕනේ.ළමයට අවශ්‍ය හින්දා පරිගණකයක් අරන් දෙනවා. ඉන්ටර්නෙට් තියනවා. දරුවෝ එක එක දේවල් අස්සෙන් ගිහින් තමුන්ගේ වැඩ කරනවා. කොතලාවල ඉස්කෝලේ සිද්දියත් ඒ වගේ. ඒ දරුවා ෆේස්බුක් එකට පුරුදු වුණා, චැට් කරන්න පුරුදු වුණා , පොටෝ ටැග් කරන්න පුරුදු වුණා. ඉතින් මෙව්වා සිද්ධ වුණාට පස්සේ මේක දැක්කාම විදුහල්පතිවරයාගේ හැසිරීම ගැනත් ප්‍රශ්ණයක් තියනවා. මේ ප්‍රශ්ණේ දෙපැත්තක් තියනවා. අන්තිමට වගකීම එන්නේ විදුහල්පතිවරයාට. අම්මලා බනින්නේත් විදුහල්පතිවරයාට. මම ඒ ගැන පරීක්ෂණයක් කරගෙන යනවා. හැබැයි විදුහල්පති වරයා දරුවාගේ වැරැද්දකට දඬුවමක් කළාම, තරවටු කළාම අම්මලා එනවා. ඇයි ගැහැව්වේ කියලා අහනවා.

අපිට ඒ කාලයේ හොඳට ගැහැව්වා.මම හොඳට පොඩි කාලේ ගුටි කාලා තියනවා.එත් අපේ අම්මා කවදාවත් ඇවිත් විදුහල්පතිගෙන් ඇහෙව්වේ නෑ ඇයි මගේ පුතාට ගැහැව්වේ කියලා. මගේ අම්මත් ගුරුවරියක්. අම්මා ඇවිත් මම වැරදි කළාම විදුහල්පතිට ගිහින් මාව බාර දෙනවා. එහෙම හැදුන නිසා තමයි මට මේ තැනට එන්න පුළුවන් වුණේ. ඒකයි මම ඔබතුමාලට කියන්නේ කරුණාකරලා තමන්ගේ දරුවෝ ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. නැත්නම් ජීවිතයේ ලොකු අවධානමකට ලක් වෙනවා.ඒ අම්මයි තාත්තයි දෙන්නා මගේ ලඟට ඊයේ ආවා. මට ඒ වේදනාව තේරෙනවා. ඒත් මේකට සම්පූරණයෙන් මම වගකීම බාරදෙන්නේ දෙමව්පියන්ට. එයාලා බලන්න ඕනේ මේකට හේතුව මොකක්ද කියලා. ඒ නිසා මම හිතනවා මේක අපි හැමෝගෙම වගකීමක්. විදුහල්පතිතුමා විතරක්වත් ගුරුවරු විතරක්වත් පැටලිච්ච එකක් නෙමෙයි. ඒ නිසා මේ ගැන හොඳ අවබෝධයකින් වැඩ කරන්න ඕනේ .
 
Top