සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කරන්න බැරි යයි මේ ආණ්ඩුවේ අමැතිවරුන් කියුවත් තම පක්‍ෂය බලයට පැමිණියොත් බඩු මල අඩු කරන හැටි වයිමාටත් පෙන්විය හැකි යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්‍ෂ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා මාතර ප‍්‍රදේහයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
‘මේ රටේ බදු ගහනවා. සියලූම බදු ගහලා ජනතාවට බදු තමයි කන්න තියෙන්නේ. අපි ආපේ පාලන කාලයකදී
අත්‍යවශ්‍ය සියළුම භාණ්ඩවලට කිසිදු බද්දක් අය කරන්නෙ නෑ. අපේ පාලනයකදී ආහාරපානවලට බදු අය කරන්නේ නෑ. එවිට තමයි මේ ජීවන බර අඩු වෙන්නේ.
මේ ආණ්ඩුව කියනවා සක්කරයගෙ පුතා වයිමා ආවත් බඩු මිල අඩුකරන්න බෑ කියලා. ඒත් අපි කියනවා ජවිපෙ පුත්තු ආවොත් ජනතාවට සහන දෙනවා කියලා’ යයිද මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් කීය.