රොෂාන් පිලපිටිය කියන නම මෙරට කලක පටන් සිනමා හා නාට්‍ය ලෝලීන් හොඳින් දන්නා හඳුනන නමක්. ඉකුත් දින පුවත් පතක් රොෂාන්ව කතා බහකට එක් කරගෙන තිබුණේ ඔහුගේ පුද්ගලික තොරතුරුත් සමගින් කලා තොරතුරුත් ඔහුගේ රසික රසිකාවියන් අතරේ බෙදා හදා ගන්නට සිතමින් ය. නමුත් ඔවුන්ට රොෂාන්ව නම් අල්ල ගන්න නම් ටිකක් අපහසු වී තිබුණා. නමුත් එහෙමයි කියලා ඔවුන් උත්සාහය නම් පොඩ්ඩක්වත් අත්හැර නැහැ. ඉතින් ඒ රසබර කතාව පිළිබදව අපිත් පොඩියට හෝ සටහනක් තබන්නට සිතුවා.
චතුරිකා ඔහු හැර ගිය පසුත් රොෂාන් තවම සාමාන්‍ය විදිහටම වැඩකටයුතු කරගෙන හොඳින් ඉන්නවා. රොෂාන් දැන් පුංචි තිරයේ දීත් නිතරම දකින්න ලැබෙන චරිතයක් වෙලා. රොෂාන් මෙගා නාට්‍ය විරෝධියෙක් නොවුනත්
ඔහු මෙගාවලටනම් එතරම් කැත්තක් නොදක්වයි. අප ඉහත සදහන් කළා වූ රොෂාන් එක් වූ පුවත්පත් හමුවේ දී,
අයියේ මට ආටිකල් එකක් කරගන්න ඕනේ පුළුවන් වෙයිද?
පුළුවන් නංගි හැබැයි පෞද්ගලික ජීවිතේ ගැන කතා නොකර. එහෙම නම් විතරක් කරමු. මොකද මම මගේ ජීවිතයේ පුද්ගලික දේවල් රටේ ලෝකේ මිනිස්සු එක්ක බෙදා ගන්න කැමැති නැහැ.... අනික මිනිස්සුන්ට මොකටද? අපේ පුද්ගලික ජීවිත ගැන.
කලාකරුවන් දේශපාලකයන් වෙනුවෙන් කඩේ යාම නිසාම කලාවට සිදුවන මේ අසාධාරණකම්.
කලාකරුවන් ඒ ගැන කතා කරලා තියෙනවා. ඒ නිසාම ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා සියලුම ටෙලි නාට්‍ය කොටස් 100කට පමණක් සීමා කළා. ආරංචියක් තියෙනවා නැවතත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න යනවා කියලා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
වර්තමානයේ තියෙන මල් නාට්‍යය ඉල්ලන්නේ රසිකයන්මයි කියලයි ගොඩක් අය කියන්නේ.
සල්ලි දීලා නාට්‍ය පෙනවන්නේ මොන රටේද ඒත් අපේ රටේ සල්ලි දීලා තමයි නාට්‍ය පෙන්වන්නේ. බලන්න රූපවාහිනි නාලිකාවල යන ප්‍රවෘත්ති. හැමෝම හදන්නේ එක වෙන්න. කවුරුහරි මරපු කොටපු එකක් මුලින්ම ටී.වී. එකේ දාලා එක වෙන්න පුළුවන්නේ. සදාචාරය කියන්නේ මේකටද? මම පෞද්ගලිකව කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙවෙයි. නිර්මාණාත්මක අගයෙන් පහළ මට්ටමක තියෙන නාට්‍ය බාල පරම්පරාව නිරන්තරයෙන් නැරඹීම නිසා ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව ඛේදවාචකයක් කරා යනවා නෙවෙයි.
මේක කලාකරුවන්ගේ වැරැද්දක් නෙවෙයි මං කියපු විදිහට සිස්ටම් එකේ වැරැද්දක්. අහිංසක ළමයින්ට වඩා පවතින සිස්ටම් එක ප්‍රබලයි. ඒකයි ලංකාවේ කලාවට සම්බන්ධ සෑම ක්‍ෂේත්‍රයක් සඳහාම වෙන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ. විද්වත් සාකච්ඡාවක් මගින් ගොඩනැගෙන ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව දැන් කලාකරුවන් සෑමදෙනාම දන්නවා.
දැන් මිනිස්සු එහෙම රූපවාහිනි බලන්නේ නැහැ. ඉස්සර වගේ බලන්න තරම් නාට්‍ය නැහැ. ඉස්සර "දූ දරුවෝ" වගේ නාට්‍ය බලන්න ගොඩක් ප්‍රේක්ෂකයෝ කැමැත්තෙන් එකතු වුණා. ඒත් දැන් එහෙම නැහැ. වෙලාවක් තිබුණොත් විතරයි ටී.වී දාන්නේ.
වර්තමාන කලාකරුවගේ අනාගතය අස්ථාවරයි .
අපේ විතරක් නෙවෙයි. නාට්‍ය කණ්ඩායමේ සෑම සේවකයන්ගේම ජීවිත පිළිබඳ අස්ථාවර හැඟීමක් තියෙනවා. ලයිට් අල්ලන ළමයාට හදිසි අනතුරක් වුණොත් එකට වග කියන්නේ කවුද? ඒවට කිසිම වගකීමක් තියෙනවාද? අද නියම කලාකරුවට වෙලා තියෙන්නේ අතින් වියදම් කරගෙන මේ කලාවේ නිරත වෙන්න. හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න බැහැ. අන්තිමට මට කියන්න වෙන්නේ වීරයා මැරිලා කියලා විතරයි."