මට බිකිනි අදින්න වුණේ තරගයක් නිසා...... | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඉතිහාස කතා තේමා කරගත් චිත‍්‍රපට නිර්මාණය වීම දැන් රැල්ලක් බවට පත් වී හමාරය. ඉතින් ඒ නිර්මාණ අතරට අලුතින්ම එකතුවෙන අලූත්ම චිත‍්‍රපට නිර්මාණය වන්නේ "විහාර මහා දේවීයගේ" චරිතය ඇසුරිණි. මේ ඵෙතිහාසික චරිතය නිරූපනය කරන්නට මේවන විට තෝරාගෙන තියෙන්නේ ඉෂාරා සඳමිණි ය. කෙසේ වෙතත් මේ තෝරා ගැනීමේ හොඳබව වගේම නරක යැයි කියන පිරිසකුත් ගොඩක් ඉන්නවා.

මේ අතරින් සමහරුනම් කියන්නේ "විහාර මහාදේවීය" වගේ ගෞරවාන්විත චරිතයක් රඟපාන්න බිකිනි අඳින ඉෂාරව සුදුසු නෑ.... කියලයි. ඉතින් මේ ගැන

ඉෂාරා සඳමිණිගේ අදහස් දැනගන්න පසු ගිය දිනක මාධ්‍යකින් ඇය අමතා තිබුණා.

ඉතින් ඒ වෙලාවේ ඉෂාරා පවසා තිබුණේ චිත‍්‍රපටිය සඳහා තමන්ට ආරාධනාවක් ලැබුණත් තාම ඒ ගැන තීරණයක් අරන් නෑ කියලයි. කිසි දෙයක් නොදැන රඟපාන්න ආපු තමන් මේ වෙනකොට පොඩි පොඩි චරිත කිහිපයකින් ගොඩක් දුර ඇවිති තියෙන නිසාම වෙන්න ඇතිලූ මේ වගේ ආරාධනා ලැබෙන්නේ. හැබැයි මේ තරම් ඉක්මනට මේ වගේ දැවැන්ත චරිතයක් ලැබෙයි කියලා නම් ඇය හීනෙකින්වත් හිතලා නෑ..... ඒත් මේ ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක වෙලාවකට හිතෙනවලූ ලැබුණු ආරාධනාව පිළිගන්නත්.

එම මාධ්‍ය හමුවේ දී ඉෂාරාගෙන් මේ බිකිණි ප‍්‍රශ්නය ගැනත් අසා තිබුණා. ඒ අවස්ථාවේ දී නම් ඇය පවසා තිබුණේ බිකිනි අදින්න සිදු වුණේ "Miss Sri Lanka" තරගාවලිය සඳහා කියලයි. ඒ වගේම ඒ ගැන පටු විදියට හිතන්න එපා කියලත් ඇය ඉල්ලීමක් කර තිබුණා.

ඒ වගේම තමන් සුදුසුයි කියලා හිතෙන හින්දා ලැබුණු මේ චරිතයට සාධාරණයක් ඉටුකරන්න පුළුවන් කියන විශ්වාසයත් ඉෂාරාගේ හිතේ තියෙනවා. හැබැයි විහාර මහා දේවීයගේ චරිතය භාර ගන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන්ලූ ඇය තාමත් ඉන්නේ.

ජනපි‍්‍රය නළු නිළියන්ගේ රංගන ජීවිතය ගැන වගේම පෞද්ගලික ජීවිතය ගැනත් රසික රසිකාවියෝ දැනගන්නේ මාධ්‍ය හරහානේ. ඉතින් ඇත්ත නැත්ත හරියටම දැනගෙන ඒ තොරතුරු කියනවා නම් හොඳයි කියලයි ඉෂාරා කියන්නේ. කොහොම වුණත් ජනපි‍්‍රය නිළියක්, නිවේදිකාවක්, නිරූපිකාවක් හැටියට අපිට දකින්න ලැබෙන ඉෂාරා සඳමිණි අනාගතයේ දී වෘත්තීමය වශයෙන් ආයූර්වේද වෛද්‍යවරියක්වීමේ බලාපොරොත්තුවෙන් ඈ අධ්‍යාපන කටයුතුවල නිරත සිටිනවා. 














 
Top