හාල් කිලෝවක් කීයද කියා නොදන්නා ඇමති දුව මෙවර මැතිවරණයට | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මෙවර පළාත් සභා මැතිවරණයට තරඟ කරන අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ දියණිය මල්ෂා කුමාරතුංග මහත්මිය මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයා ඇති අයුරු පහතින්.

තාත්තාගේ නම ?
ජීවන් කුමාරතුංග.

ඔබේ නම මොකක්ද?
ශලනි මල්ශා කුමාරතුංග.

වයස කීයද?
26යි.

ඉගෙන ගත්ත පාසල? 

 Whcherley ජාත්‍යන්තර පාසල.

ලබාගෙන තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකක්ද?
මම ලන්ඩන්වල LLB Law කළා.

දැනට කරන රැකියාව මොකක්ද?
මම දැනට රැකියාවක් කරන්නේ නැහැ. මම ඉස්සර තාත්තිගේ ප්‍රයිවට් සෙකටි‍්‍ර විදියට හිටියා.


ඡන්දෙට එන දිස්ත්‍රික්කය?
කොළඹ.

මොකක්ද ඡන්දේ ඉල්ලන්න තියෙන සුදුසුකම?
මගේ තාත්ති දේශපාලන වශයෙන් ගොඩාක් වැඩකරන කෙනෙක්. මම තාත්තිත් එක්ක කාලයක් වැඩ කරලා තියෙනවා. ඒ කාලේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න මම අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මට මිනිස්සුත් එක්ක එකට වැඩකරන්න පුළුවන්වීම දේශපාලනයට එන්න හොඳ සුදුසු කමක් කියලා.

ඡන්දෙට කීයක් වියදම් කරනවාද?
ඒ ගැනනම් තාම හිතලා නැහැ.

රටේ ආර්ථීකය දැන් දියුණු වෙලාද?
ඔව් මම හිතනවා ඒක එහෙමයි කියලා. අපේ මේ තියෙන රජය පුළුවන් තරම් හොඳට ආර්ථීකය හසුරුවනවා.

උද්ධමනය කියන්නේ මොකක්ද?
භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම.

දැන් හාල් කිලෝවක් කීයක් වෙනවද?
අයියෝ මතක නැහැ.
මම මාකර්ටිං යනවා. ඒත් හරියට මතක නැහැ.

පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ කී වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද?
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්.

ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනද?
ඒකට නම් “නෝ කමෙන්ට්‘‘

ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා?
මහින්ද දේශප්‍රිය.

නළු නිළියෝ දේශපාලනයට එන එක හොඳද?
මෙහෙමයි, ඒ අයට කොලිෆිකේෂන් තියෙනවා කියලා හිතනවානම් පක්ෂවලිනුත් ඒ අයට චාන්ස් එකක් දෙන්න කැමැතිනම් මම හිතනවා ඒක ප්‍රශ්නයක් වෙන්නැහැ කියලා.

පසුගිය කාලේ අගමැති මත්කුඩු ව්‍යාපාරිකයන්ට උදව් කරලා තියෙන නිසා අගමැතිකමින් අයින් කරන්න ඕනෑ කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරපු හාමුදුරුවෝ කවුද?
හාමුදුරුවෝ නම් මතක නැහැ. එහෙම වුණානම් මතකයි.

5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න ඕනද?
නැහැ. මම හිතන්නේ දැන් තියෙන විදිය හොඳයි.

මේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑද?
ඕන දේක කාලේ යනකොට වෙනස්වීමක් තියෙනවා. ඒ විදියට අලූ‍ත් පරම්පරාවත් එක්ක දැන් තියෙන මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හදලා වෙනස් වුණොත් හොඳයි.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කවුද?
ජේ.ආර්. ජයවර්ධන.

සරත් ෆොන්සේකා නායකත්වය දරන පක්ෂෙ මොකක්ද?
ඒකනම් මතක නැහැ.

පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු ගාණ?
225යි.

ඡන්දේ දිනලා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ?
මම විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ හෙට දවස වෙනුවෙන් අලූ‍ත් වැඩපිළිවෙළක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ පරම්පරාව වෙනුවෙනුත් යමක් කරන්න මට ලොකු වගකීමක් තියෙනවා.

කැසිනෝ ලංකාවට ඕනැද?
ඒ ගැන මට මුකුත් කියන්න බැහැ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද එක පාරට මතකෙට එන්නෙ නැහැනේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ?
අතනේ. මට එක පාරට මතක් වුණේ පුටුව.

කවුද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු?
ඒක පක්ෂයේ තීරණයක්.

උතුරු පළාත් සභාවේ බලය අයිති කාටද?
TNA එකට

ලංකාවට විදේශීය විශ්වවිද්‍යාල ඕනද?
මම හිතන්නේ ලංකාවේ ඉස්කෝලවලින් එළියට යන හැම කෙනාටම විශ්වවිද්‍යාලවලට යන්න ලැඛෙන් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි විදේශීය විශ්වවිද්‍යාල ලංකාවේ ඇතිකළා කියලා ප්‍රශ්නයක් නැහැ.

රඟපාන්න කැමැති නැද්ද?
රඟපාන පැත්තට අකැමැත්තක් නැති එක නෙවේ, හැබැයි මම හිතන්නේ මට හොදටම කරන්න පුළුවන් ජොබ් එක මේක තමා.

මේ කරන්නෙත් රඟපෑමක්?
ඒ කිව්වේ.

දේශපාලනය කියන්නේ එක්තරා රඟපෑමක් ?
ඒක එක එක්කෙනාට හිතෙන විදිය. හැබැයි මමවත්, තාත්තවත් දේශපාලනයයි, රඟපෑමයි පටලව ගන් නැහැ. මම රඟපෑම පැත්තකින් තියලා දේශපාලනය කරන්නේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන නිසා
 
Top