කිරි දුන් මව් කොහි ගියාදෝ....!
රත්ගම, අංහන්දිය ප්‍රදේශයේ නිවසක සිය මව්පියන් විසින් අද(21) දරුවන් සිව්දෙනෙකු නිවසක දමාගොස් සිටියදී රත්ගම පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම දරුවන් සිව්දෙනා අතර මාස 3ක් වයසැති නිවුන් දරුවන් සහ අවුරුදු 3ක් වයසැති මෙන්ම අවුරුදු 2ක් වයසැති දරුවන් සිටී. මෙම දරුවන් සිව්දෙනාගේ මව්පියන් නිතර රණ්ඩු සරුවල් වන බවත්, දරුවන්ගේ පියා දින ගණනකින් නිවසට නොපැමිණි නිසා මව ඔහු සෙවීම සඳහා
දරුවන් අනාරක්ෂිත ලෙස දමාගොස් ඇති බවත් පැවසේ. මේ එකී ළමුන් රත්ගම පොලීසියේ කාන්තා නිලධාරීන් රැක බලාගන්නා අයුරුය.
අද(21) පෙරවරුවේ මෙම දරුවන්ගේ ආච්චි සහ සීයා එම නිවසට ගොස් ඇති අතර මව්පියන් එහි නොසිටි නිසා ඔවුන් ඒ ගැන රත්ගම පොලීසියට කළ දැනුම්දීමකට අනුව එම ළමුන් පොලීසිය බාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි