ඕස්ට්‍රේලියාවේ සිටි එරන්දිට නුගේගොඩදී විශ්ව හමුවුණ හැටි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාර පසුගියදා විවාහ වුණා. ඔහු අත ගත්තේ එරන්දි හල්කවිදානේ සමගයි. විශ්වගේ පියා ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන පද්මසිරි කොඩිකාරයි. එරන්දිගේ පියාත් ව්‍යාපාරිකයෙක්. ජීවිතේ වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ හැදුණු වැඩුණු එරන්දි කලකට පසු ලංකාවට ඇවිත් තවමත් මාස අටක් පමණි. මේ කාලය තුළ ඇගේ ඉරණම්කාරයා වූ විශ්ව මුණගැසී ඔවුනගේ කසාදයද දැන් සිදුවී හමාරය.
ඒ පිළිබඳව එරන්දි විස්තර කරන්නේ මෙසේය.


”මම නිවාඩුවට ලංකාවට ඇවිත් හිටියේ මම ඒ දවස්වල ලිස්බන් නුවර ග‍්‍රිපිත් විශ්ව වද්‍යාලයේ උපාධිය හදාරමින් හිටියේ.. ඉතින් නිවාඩුවට ආවට පස්සේ අපේ පවුලේ ළඟ හිතවතෙක් වන සරත් අන්කල් කිව්වා එයාව හමුවන්න දකින්න ඇවිත් යන්න එන්න කියලා.. ඉතින් අපි එතෙන්ට ගියා.. ඒ ගියාම තමා විශ්ව දැක්කෙ.. හලෝ කොහොමද නංගි.. කියලා විශ්ව කිව්වා.. වැඩිය වෙන කතා බහක් වුණෙ නැහැ.. පස්සෙ මම ඔයාට කැමතියි කිව්වා.. මම කිව්වා මම පවුලේ එකම දරුවා මට බැහැ අම්මලාගේ විශ්වාසයවත් අම්මලාගේ බලාපොරොත්තුවත් නැති කරලා එයාලගෙ හිත් රිදවන්න ඒ නිසා අම්මලාගෙන් අහන්න කිව්වා.. විශ්ව ඒ අතින් කොයි තරම හොඳයිද කියනවා නම් ආයෙ වෙනත් කිසිම දෙයක් කිව්වෙ නැහැ අම්මලාගෙන් අහන්නම් කිව්වා.. ඒ වගේම එයා ඇහැව්වා.. කෙළින් වැඩකරන පිළිවෙළකට වැඩකරන කෙනෙක් හැටියට අපේ අම්මලාත් විශ්වට කැමැති වුණා.. ඒ පැහැදීම මට අදටත් තියෙනවා මට විශ්වාසයක් ඇතිවුණා එයා ගැන මොකද අවංකයි. තීරණ ස්ථිරයි. හරිම හිත හොඳයි. ප‍්‍රියමනාපයි. ඉතින් ඒ වගේ කෙනෙක් මාව ආදරයෙන් රැක ගනීවි කියලා මට විශ්වාසයි.. මගේ හිත කියාපු තීරණය හරි ඒ නිසා..” 


”අපේ හෝම්කමින් එක තියන්න සූදානම් කළේ මහනුවර අර්ල් රිජන්සිස් හෝටලයේ.. අපි දෙන්නා හෝටලයට ගියා.. ඒ හෝටලයට නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා ඇතුළු පිරිස ඇවිත් ඉන්නා බව දැන ගත්තේ ගියාට පස්සෙ.. එතුමා අපිව බොහොම සාදරයෙන් පිළි ගත්තා.. මම ඇත්තටම ඒ වෙලාවෙ තමා ආරාධනා කළේ එතුමාට.. විශ්ව හා එරන්දි කීහ.

”දැන් ඉතින් අපි දෙන්නා පදිංචි වෙන්න ඕනේ විශ්වගේ ගෙදරනෙ.. මම එයාගේ අම්මා තාත්තා මගේ අම්මා තාත්තාවගේ ආදරෙන් බලා ගන්න ඕනේ.. ඒක මගේ වගකීම යුතුකම.. ඒ දෙන්නාගේ පුතාගේ වගකීමත් මම බාර ගන්න ඕනැනේ.


අපි නුවර ආවාම මෙහෙ ඉන්නවා.. විශ්වට ෂූටිං එහෙම තියෙන්නෙ කොළඹ හින්දා අපේ මහගෙදරත් ඉන්න පුළුවන් අපි දෙපැත්තෙම ඉන්නවා..”

එරන්දි හල්කවිදාන ඕස්ට්‍රේලියාවේ දී ව්‍යාපාර කළමණාකරනය හා ජනසන්නිවේදනය හදාරා උපාධිය සම්පූර්ණ කර මෙරටට පැමිණ සිටියද ඇයගේ රැකියාවක් කිරීමේ කැමැත්තක් නැත. ඒ විශ්වට කළ යුතු යුතුකම් අතපසුවේය යන සිතුවිල්ල නිසාය.”පස්සෙ ටික දවසකින් මමත් මාධ්‍ය පැත්තෙන් ඉගෙන ගත්තු නිසා ඒ හා සම්බන්ධව ව්‍යාපාරයක් අපි දෙන්නා එකතුවෙලා පටන් ගන්නවා..” එරන්දි අවසන් වශයෙන් කීවාය.
 
Top