මහ රෑ තනියම ෆෝන් කඩයක් කොල්ලකෑ තරුණිය | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මධ්‍යම රාත්‍රියේ තනියම පැමිණ ජංගම දුරකථන වෙලඳසැලක් බිඳි තරුණියක් පිළිබඳව ගාල්ලෙන් වාර්තා වෙනවා.

වෙළඳසැලට ඇතුළුළු වූ ඇය පසුවදා ගොස් තිබෙන්නේ දුරකථන හා මුදල් සොරාගැනීමෙන් පසු ඇඳුම් මාරු කර එහි නිදාගන රැය පහන්කිරීමෙන් අනතුරුව වීම මෙම සොරකමේ විශේෂත්වයක්.

සොරකම කල දිනයේ සවස 4 ට පමන ඇය දුරකථන චාර්ජරයක් මිලදී ගැනීමට ගාල්ලේ ගාමිණි මාවතේ පිහිටි වෙළෙඳ

සංකීර්ණයකවූ මෙම ජංගම දුරකථන අලෙවිසැලට පැමිණ තිබුණා.

අනතුරුව රාත්‍රී 11.30 ට පමණ විහුලි පන්දමක් ද රැගෙන තනියම පැමිණි ඈ එහි වූ දොර කඩා අලෙවිසළේ තිබු රුපියල් 34,200ක් වටිනා ජංගම දුරකථන 32ක් හා රුපියල් 4,000ක් සොරාගන තිබුණා.

ආරක්ෂිත කැමරාවක මෙම සියල්ලම පටිගතවී තිබූ නිසා පසුව 28 හැවිරිදි, ගාල්ල බටදුව ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය අත් අඩංගුවට පත් වුනා.

ඇය විසින් තනියම මෙම වෙලඳසැල කොල්ලකන අයුරුත්, ඇඳුම් මාරු කර රැය පහන්කිරීමට නිදාගත් අයුරුත් පහත වීඩියෝවෙන්.





 
Top