අරහත් බව පෙන්වන්න මම සූදානම් – සමන්තභද්‍ර හිමි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන් අරහත් වී ඇතැයි කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් කිත්සිරි ආනන්ද මහතා විසින් කරන ලද අභියෝගය දෙයාකාරයකින්ම භාරගන්නා බව සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

මේ බව සඳහන් කරමින් සමන්තභද්‍ර හිමියෝ යොමු කර ඇති ලිපියක ඒ බව දැක්වේ.

ඒ අනුව අදාළ ලිපියේ සඳහන් කර ඇති පරිදි උන්වහන්සේට මඟ පෙන්වීමට ධර්මාවබෝධය ඇති භික්ෂුන් වහන්සේට තමන් වහන්සේගේ පළමු අභියෝගය එල්ල කරන බව සඳහන් කරන සමන්තභද්‍ර හිමියෝ තමන් කැමැති වන්නේ උගත්, ධර්මධර, විනයධර මාතිකාධර බහුශ්‍රැත සත්‍යාවබෝධ කළ භික්ෂුන් සමඟ වාද කිරීමට විනා

කිත්සිරි දයානන්ද මහතා වැනි අයෙකු සමඟ වාද කිරීමට නොවන බව පෙන්වා දෙති.

එබැවින් එවැනි භික්ෂුන් වහන්සේ තමන්ගේ අභියෝගය භාරගත යුතු බව පවසන සමන්තභද්‍ර හිමියෝ කිසියම් හේතුවක් නිසා ඔහු කී එම භික්ෂුන් වහන්සේට තමන් වහන්සේ ඉදිරියේ සිට ගැනීමට ශක්තියක් නොමැති නම් හෝ එවැනි භික්ෂුන් වහන්සේ සත්‍ය වශයෙන් නොසිටී නම් හෝ අභියෝගය භාරගැනීමට බියක් පැකිලීමක් තිබේ නම් පමණක් උන්වහන්සේගේ එකම නියෝජිතයා ලෙසට ආනන්ද මහතා හට එම අවස්ථාව ලබාදීමට සමන්තභද්‍ර හිමියෝ එකඟත්වය පළකරති.

ආනන්ද මහතා තමන් වහන්සේ සමඟ සංවාදයට සූදානම් බව පැවැසුවද ඔහු කවුරුන්දැයි දැන ගැනීමට ඔහු සොයා යා යුතු බව පවසන සමන්තභද්‍ර හිමියෝ තමන් බලාපොරොත්තු වූයේ ලිපිනයක් නොමැති එහෙත් නමක් පමණක් ඇති රටේ චිර ප්‍රසිද්ධ සාධු සම්මත අයෙක් මේ අභියෝගය භාරගනු ඇති බවත් සඳහන් කරති. තමන් වහන්සේට අවශ්‍ය කරන්නේ තමන් දේශනා කරන ධර්ම මාර්ගය නිර්වාණ මාර්ගයම බව සියලු දෙනා ඉදිරියේ ප්‍රකාශ කිරීම බවද උන්වහන්සේ පවසති.

ආනන්ද මහතා වැනි සාමාන්‍ය පුද්ගලයන් සතිපතා තම ආශ්‍රමය වෙත පැමිණ මේ පිළිබඳ බොහෝ සාකච්ඡා සිදුකරන බව පවසන උන්වහන්සේ සිංහයකුට අභියෝග කළ යුත්තේ තවත් සිංහයකු හෝ හස්තියකු බවත් එහෙත් සිංහයාට අභියෝග කිරීමට තවත් බලවත් සත්ත්වයකු ලෝකයේ නොමැති නම් වෙනත් සතෙකුගේ අභියෝගයක් භාරගැනීමට සිදුවන බවත් මේ සිදුව ඇත්තේ එවැන්නක් බවත් උන්වහන්සේ සඳහන් කරති.
 
Top