කලා ශිල්පී ඩෙන්සිල් ජයවීර මහතා අභාවප්‍රාප්ත වෙයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ප්‍රකට කලාකරුවෙකු වූ ඩෙන්සිල් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී ඇත. චිත්‍රපට හැටක පමණ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළ ඒ මහතා අධ්‍යක්ෂ රෝයිද සිල්වා මහතාගේ බොහෝ චිත්‍රපටවල සංස්කරණ ශිල්පියා ද විය. ඔහුගේ ප්‍රථම සංස්කරණය වූයේ ‘දයාබර නිලූ’ නැමැති එදා අතිශය ජනප්‍රියත්වයට පත් වූ චිත්‍රපටයයි. කඳපොල කුමාරතුංගගේ චිත්‍රපට 12 කත්, රෝයි ද සිල්වාගේ ඉංග්‍රීසි චිත්‍රපටය වූ "ඉට්‌ස්‌ අ මැටර් ඔෆ් ටයිම්" සමගින් චිත්‍රපට 14 කත්, ගාමිණි හේවාරත්නගේ චිත්‍රපට 3 කත් ටයිටස්‌ තොටවත්තගේ චිත්‍රපට 3 කත් උපාලි පියරත්නගේ චිත්‍රපට 3 කත්, ආරියරත්න විතානගේ චිත්‍රපට 2 කත්, එච්. ඩී. ප්‍රේමරත්නගේ චිත්‍රපට 2 කත්, එරංග සේනාරත්නගේ චිත්‍රපට 2 කත්, රංජිත් ජයසිංහගේ චිත්‍රපට 2 කත් විජය ධර්මශ්‍රීගේ චිත්‍රපට 2 කත් ධර්මසේන පතිරාජ, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, රන්ජන් රාමනායක, රංග විෙ-න්ද්‍රගේ, නිශාන්ත අල්විස්‌, ගාමිණි නවරත්න, කේ. වෙන්කට්‌ යන අධ්‍යක්‍ෂකවරුන්ගේ චිත්‍රපට එක බැගින්ද සංස්‌කරණය කරනු ලැබූ ඒ මහතා ‘වස්සානයේ සෙනෙහස’ අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂවරයෙකු බවටද පත්විය.එම චිත්‍රපටය 2012 වසරේ දී තිරගත විය.

එදා ජනප්‍රිය චිතුපටයක් වූ ‘අහංකාර ස්ත්‍රිය’ චිත්‍රපට කතාව

ඇසුරෙන් ඒ මහතා ටෙලි නාට්‍යක්ද නිෂ්පාදනය කරමින් සිටියේය.

ජනප්‍රිය නිළියක වූ අභාවප්‍රාප්ත ලලිතා අල්මේදා මහත්මියගේ එක් සොහොයුරෙක් වූයේ ඩෙන්සිල් ජයවීර මහතායි.

අභාවප්‍රාප්ත ඩෙන්සිල් ජයවීර මහතාගේ දේහය මේ වනවිට 79/12 නියඳගල, පන්නිපිටිය යන ස්ථානයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු සෙනසුරාදා සවස හෝමාගම, වලව්වත්ත පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
 
Top