සොරාගත් සුදු කැස්බෑවා පිලිබඳ චෝදනව එක එල්ලේ අමල් පෙරේරා වෙත පසුගිය කාලයේ යොමුවුවත් මේවනවිට එය උඩු යටිකුරු වී තිබේ.
දැන් එහි වරද පැටවී ඇත්තේ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය බාරව සිටි චන්ද්‍රසිරි අබ්‍රෙව් වෙතය.
1937 අංක 22 දරණ වන සත්ත්ව හා රුක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥාපනතින් පනතින් සංශෝධිත 2009 පනතේ 30 වෙනි වගන්තිය අනුව ලංකාවේ කැස්බෑවෙක් මැරීම ළඟ තබාගැනීම ප්‍රදර්ශනය කිරීම කැස්බෑවකුගෙන් කොටසක් ළඟ තබාගැනීම විකිණීම සම්පූර්ණයෙන්මතහනම් වේ.
ඒ අනුව ලංකාවේ පිහිටා ඇති කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන කිසිවක් නීත්‍යනුකුල ඒවා නොව.
කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයද එවන් නීත්‍යනුකුල නොවන විදේශිකයන් වෙත කැස්බෑවන් අලෙවිකල ස්ථානයකි.
කැස්බෑවෙකු ඉපදී පැය විසි හතරක් තුල කැස්බෑ වා සාගරයට මුදාහැරිය යුතුය. සාගරයේ පීනා යාම සඳහා අලුත උපන් කැස්බෑවා සතුව බීජානු මඩියක් තිබේ. එම මදිය මගින් එම කැස්බෑ පැටවා දින දෙකක් ජීවත් කරවිය හැක.
විල්පිකයන්ට හසු නොවී ගැඹුරු මුහුද පීනා යාම ආකාරය මත කැස්බෑවාගේ ලිංගිකත්වය තීරණය වේ. ඒ අනුව අලුත උපන් කැස්බෑවකු දින දෙකක් ගොඩ තබාගැනීමෙන් පවා උගේ ජීවිතයට තර්ජනයක් සිදුවිය හැක. ඒ බීජානු මඩිය නොමැතිව ගැඹුරු දියඹට යාමේදී කැස්බෑ වා විලෝපිකයන් ට හසුවීමට ඉඩ කඩ ඇති හෙයිනි. එමෙන්ම ඉපදුනු ගමන් කැස්බෑ වා ටැංකියක දැමීම මගින් ඌ නපුංසක තත්වයට පවා පත්විය හැක.
මේ අතර කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ ඇති දැඩි ආරක්ෂාව හමුවේ කැස්බෑවා සොරාගත්තේ කෙසේද යන්න පිලිබඳ මේවනවිට ගැටළුවක් පැන නැගී ඇත. කැස්බෑවා සිටින ටැංකිය අසල සුනඛයෙකු ගැට ගසා ඇතිඅතර එම සුනඛයා නන්නාදුනන අය ටැංකිය අසලට පැමිණ විට බිරීමත් ඇඟේ කොටසක් කඩා ගැනීමටත් තරම් දරුණු වේ. තවදටැංකිය දෙසට සී.සී.ටී.වී. කැමරා වක්ද එල්ලකොට තිබේ. (සතියකට පෙර අක්‍රිය වී ඇත)
ටැංකිය අසල සංවේදක වලින් බේරී, බල්ලාගෙන් බේරී , කිලෝ නවයක කැස්බෑ වකු සොරා ගත්තේ කෙසේද යන්න ගැටලුවකි. මේ සම්බන්ධව එහි මුරකරුගෙන් හා ඥාති පුත්‍රයෙක් ගෙන් කට යුත්තර ලබාගෙන ඇත.
මාලදිවයින් ජාතිකයා විසින් කැස්බෑවා ඉල්ලා ඇත්තේ මාලදිවයිනේ ජනාධිපති අපේක්ෂකයෙකුගේ පුජාවක් සඳහා බව වාර්තා වුනි. සැබවින් එය පුජවක් නොව හුනියමකි. එහිදී කැස්බෑවාගේ පිටෙහි අදාල අපේක්ෂකයාගේ නම ගසා නිදහස් කල විට එම කැස්බෑවා මියයන තුරුම අපේක්ෂකයා ජීවත් වේ. සාමාන්‍යයෙන් කැස්බෑවෙකු අවුරුදු 300ක් පමණ වේ.
Home
»
»Unlabelled
» කැස්බෑ සොරකම උඩු යටිකුරු වූ අන්දම