කවුද හරි කියලා ජන.30 වැනිදා බලාගමු - ශානිකා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සිරස සුපර් ස්ටාර් තෙවැනි අදියරෙහි කිරුළ දිනාගත් ශානිකා මධුමාලි ගැන පසුගිය සතියේ උණුසුම් පුවතක් මැවුණා. ඒ ඇයගේ පැරැණි පෙම්වතා නැවත පැමිණ ශානිකාට හිරිහැර පමුණවමින් ප්‍රසිද්ධියේ නින්දා කළ බවටයි. එම සිද්ධිය පිළිබඳව ශානිකා පුවත්පතකට පවසා ඇත්තේ මෙසේය.

ශානිකා මොකක්ද මේ සිද්ධිය? ඇත්තද ඒ කතාව?
අයියෙ මෙහෙමයි.

මට ඔය ගැන කිසිම දෙයක් පත්තරවලට කියන්න එපා කියලා තියෙන්නෙ මගෙ ලෝයර්ස්ලා. මේ වෙලාවේ මං නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙනයි තියෙන්නේ. ඒවා අස්සේ මේ ගැන කියන්න තහනම්.

ඒත් මේ ආරංචියේ ඇත්ත නැත්ත ගැන නොදැන ඔබ පිළිබඳ වැරදි ආකල්පයක් සමාජය තුළ ගොඩනැගෙන්න පුළුවන් නේද?
එහෙම වෙන්නෙ කොහොමද? මගෙ ගෙදර අය මේකෙ සත්‍ය දන්නවා. අනෙක ලබන ජනවාරි තිස්වෙනිදායින් පස්සේ මේ නීතිමය කටයුතු නිමවී තීන්දු තීරණ එනවා. අන්න එදාට මං හැමෝටම ඇත්ත කියන්නම්කෝ.

ඔබ මේ වෙලාවේ නිහඬව සිටීම ඔබටම අවාසිදායක තත්ත්වයක් නෙවෙයිද?
නිහඬවෙලා ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ජනවාරි 30 වෙනකම්.

ඔබ කිව්වා වගේ මට යම් අවාසියක් තමයි. ඇතැම් අය මගෙන් අහන්නෙවත් නැතුව පත්තරවල එක එක වැරදි විස්තර මං ගැන දාලා. ඒ හැමදෙයකින්ම මාවයි තැලෙන්නේ. මේ වෙලාවෙ මං පොඩි ඉල්ලීමක් කරන්න කැමැතියි. තිස්වෙනිදා වෙනකම් මගෙ වැරදි ප්‍රවෘත්ති දාන්න එපා. මමම එදායින් පස්සේ පත්තර හැම එකකටම සවිස්තරාත්මකව වෙච්ච දේ කියන්නම්.

මේ පුවත නිසා ඔබගේ පෞද්ගලික ජීවිතයට යම් බලපෑමක් වුණාද?
මොන පිස්සුද? මේ මම යසට ඉන්නේ. කිසිම හානියක් වුණේ නැහැ මට. ඉස්සර වාගෙම බොහොම සැහැල්ලුවෙන් සුන්දරව ජීවිතේ ගෙවනවා.

එතකොට ඔබේ සංගීතමය කටයුතු?
ඒවත් බොහොම හොඳින් කරගෙන යනවා.
 
Top