පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට එන රාජ්‍ය නායකයන් වෙනුවෙන් මෙරට ඉතිහාසයේ විශාලතම ආරක්‌ෂක වැඩපිළිවෙළ හෙට (10 වැනිදා) සිට ක්‍රියාත්මක වෙයි.
ඊට හමුදා නිලධාරීහු 676 දෙනෙක් ආරක්‌ෂක භටයෝ දාහතරදහසක් සහ අතිරේක භටයෝ හාරදහසක් සහභාගි වෙති.
ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ආරක්‌ෂක මෙහෙයුමට සම්බන්ධවී තිබේ. 1976 කොළඹ පැවැති නොබැඳි සමුළුවට වඩා දස ගුණයක ආරක්‌ෂක බළකායක් මෙවර යොදවා ඇත.
මෙම සමුළුවට එන රාජ්‍ය නායකයන් වෙනුවෙන් හයිබ්‍රිඩ් බෙන්ස් රථ 54 ක්, නිසාන් රථ 110 ක්, ලෑන්ඩ්රෝවර් ජීප්රථ 200 ක් හා සුපිරි බස් රථ 100 ක් යොදවා තිබේ.
මේ හැර අධි තාක්‌ෂණික ස්‌කැනර් උපාංගද මෙරටට ගෙනැවිත් ඇත.