මුදලට වකුගඩු විකිණීමේ ජාවාරමකට ලංකා හොස්පිට්ල් නම ගෑවේ | Gossip lanka news Sinhala News Sinhala Cinema News


බ්‍රිතාන්‍යය ජාතිකයන් හට නීති විරෝධී ලෙස වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක් පසුපස ලංකා හොස්පිට්ල් ද ඇතැයි ටයිම්ස් පුවත්පත වාර්තාකොට තිබෙනවා. නමුත් ලංකා හොස්පිට්ල් මෙයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් සොයාගැනීමට එම පුවත්පත අසමත් වී තිබෙනවා.

ටයිම්ස් පුවත්පතේ මාධ්‍යයවේදීයෙකු බ්‍රිතාන්‍ය වකුගඩු රෝගියෙකු ගේ ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් එංගලන්තයේ හෝ ඉන්දියාවේ වකුගඩුවක් ලබා ගත හැකිදැයි සොයා තිබෙන අතර එහිදී ඔහුට ඉන්දියාවේ Mediease India ආයතනයේ නිලධාරියෙකු වන කනිකරාජ් හමුවී තිබෙනවා.

ඒ අනුව කනිකරාජ් සහ එම මාධ්‍යවේදියා අතර හමුවක් බැන්ගලෝර් හීදී පවත්වා තිබෙන අතර කනිකරාජ් පවසා ඇත්තේ වකුගඩුවක් ඩොලර් තිස් පන්දහසක් සහ හතලිස් දහසක් අතර මුදලකට ලබාදිය හැකි බවත් එම සැත්කම ලංකාවේ ලංකා හොස්පිට්ල් හි සිදු කල හැකි බවයි.

කනිකරාජ් ට අනුව මෙම වකුගඩු ලබාදීම පරිත්‍යාගයක් ලෙසින් දක්වනු ලබන්නේ නීතියෙන් ගැලවීම සඳහාය. මෙම සැත්කමේදී පවතින එක ප්‍රධාන කාරණයක්ද වන්නේ වකුගඩුව ලබාගැනීම සඳහා ලබා දුන් මුදල රහසක් වශයෙන් තබා ගැනීමයි.

එම මාධ්‍යයවේදියා හා කනිකරාජ් අතර පැවැත්වූ මෙම කතාබහ රහසිගතව වීඩියෝ කිරීමටද ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියා සමත්වී තිබෙනවා. ඉන්දියාවේ Mediease India ආයතනයේ සහකාර ආයතනයක් ලෙස ලංකා හොස්පිට්ල් ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

මේ පිලිබඳ සන්ඩේ ටයිම්ස් ලංකා හොස්පිට්ල් ප්‍රධාන විධායක ලකිත් පීරිස් ගෙන් විමසා ඇතිඅතර සියලු වකුගඩු සැත්කම් නීත්යානුකුලවා සිදුකරනු බවත් වකුගඩු ප්‍රධානය කරන තැනැත්තාට කිසිදු මුදලක් ලැබෙන්නේ නැති බවද අවධාරණය කොට තිබෙනවා.




 
Top