මගේ ජීවිතයේ එක පැත්තක් හරිගියාට තව පැත්තක් වැටුණා... | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ක්‍රිකට් ක්‍රීඩක නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරියගෙන් දික්කසාදය ඉල්ලා ඔහුගේ බිරිය සැන්ද්‍රා පසුගියදා නීතිය හමුවට ගියා. සනත්ගේ විවාහ ප්‍රශ්න හා දරුවන් ගැන මාධ්‍ය ඔස්සේ නැවත කථාබහ අලූත් වුණත් සනත් මේ කිසිවකට උත්තර දෙන්නට ආවේ නැත. නමුත් ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සනත් සිය පවුල දරුවන් ගැන කතා කර තිඛෙනවා. එම සාකච්ඡාවෙන් උපුටාගත් කොටසක් පහත පරිදිය.

ඔබේ පළමු විවාහය දික්කසාදයෙන් කෙළවර වෙනවා. දැන් ජීවිතය ගැනත් නොයෙක් වාර්තා පළවෙනවා. ඇයි ඔබේ පවුල් ජීවිතයේ එහෙම වෙන්නේ?
මනුස්සයෙකුට හැමදේම හරියන්නෙ නෑ. මගේ ජීවිතයේ එක පැත්තක් හරියටම හරි ගියා. සමහර තැන් වලදී මගේ ජීවිතය කඩා වැටිල තියනවා. ජීවිතය උඩට පහළට ගිහින් තියනවා. ඒත් මං හිතනවා. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. බිරිය ඉන්නවා. තාමත් මම ගෙදර ඉන්නේ. ඉතින් ඒ නිසා ඔහොම තමයි ජීවිතේ. ඉතින් මං දන්නෑ. බෞද්ධයෙක් හැටියට මං විශ්වාස කරනවා. පින් පව් අනුව තමයි ජීවිතේ හැම දෙයක්ම ලැඛෙන්නෙ කියලා.
මට ක්‍රීඩාවෙන් ඉහළටම එන්න අවස්ථාව ලැබුණා. තව පැත්තකින් පහළට ගිය අවස්ථාත් තියනවා. ඒක ඉතින් හැමදාමත් වෙන්න විදිහක් නෑ. කොයි වෙලාවක හරි උඩට එනවා.

දරුවො තුන් දෙනා දැන් මොනවද කරන්නේ?
ඇත්තටම හරිම සතුටුයි බබාලා තුන්දෙනා හොඳට ඉගෙන ගන්නවා. පුතා රනුක්ට හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන්. එයාට වයස 7යි. මම එයාට වැඩිය කියල දෙන්න යන්නෙ නෑ. මොකද එයාට හිතෙන්න පුළුවන්නේ තාත්තා වගේ ගහන්න වෙනවා කියලා. එයාට දෙන්න ඕන එයාට ඕන විදිහට ක්‍රිකට් ගහන්න. එයත් මං වගේම වමතින් බැට් කරන්නේ. ඇත්තටම හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන්. දූලා දෙන්නා හොඳට ඉගෙන ගන්නවා. ලොකු දුව ස්ටැෆර්ඩ් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට යන්නේ. පහවසරේ ඉන්නේ. පුතා යන්නෙත් ඒ පාසලටමයි. දෙවැනි දුව යන්නේ ඕවර්සීස් පාසලට. මගේ එකම උවමනාව තියෙන්නේ ක්‍රිකට් ගහන ඉස්කෝලෙකට පුතාව යවන්නයි.

දරුවන් තුන් දෙනාට හැමදාමත් තාත්ත ගැන ආඩම්බරෙන් ඉන්න පුළුවන්ද?

ඔව් ඇත්තටම පුළුවන්. ඒ අය බලනවා කට්ටිය මගේ ළ`ගට එනකොට අස්සන් ගන්න කොට අහනවා ඇයි තාත්ති මේ කියලා. සමහරු කියනවානේ අර ඉන්නෙ ලෙජන් කෙනෙක්. ඉතින් සමහරවිට බබාලා දන්නෙ නෑ. මට එහෙම කියන්නෙ ඇයි කියලා. එයාලා ආසයි ඒකට. මේ දරුවන් තුන් දෙනා තමයි මගේ ජීවිතය. මොන දේ තිබුණත් අන්තිමට මට ඉතිරි වෙන්නේ මේ දරු තුන් දෙනා විතරයි.

සාකච්ඡාව - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
 
Top