පුතාගේ උදරයේ සෛල මැරිලා
මාස 02 ක් ළමා රෝහලේ ප්‍රතිකාර ගත්තා
- දරුවාගේ මව කියයි
ගිරිඋල්ල, අධ්‍යාපන කලාපයට අයත් අලව්ව - හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වැහැර සුධම්ම හිමියන් වෙතින් නොකළ වරද කට එහි ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් දඬුවම් කර තිබෙන පුවතක් වාර්තා වෙනවා.
" මට මගෙ පන්තියේ හිටපු හොඳම යාළුවො නැති වුණා. ඒ ගැන දුකයි. ඒත් මට ආයෙ ඒ ඉස්‌කෝලෙට යන්න බෑ......" මම වදරක් කරලා නැති වුණත් විදුහල්පති හාමුදුරුවෝ මට හොඳටම ගැහුවා. මට වෙන ඉස්‌කෝලෙකට යන්න ඕනෑ." යෑයි ගිරිඋල්ල, අධ්‍යාපන කලාපයට අයත් අලව්ව - හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති
වැහැර සුධම්ම හිමියන් වෙතින් නොකළ වරදකට අමානුෂික අන්දමින් දඬුවම් ලැබූ එම විද්‍යාලයේම 04 බී. ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එල්. හංසික ශ්‍රී ඉඳුරංග ලියනගේ සිසුවා " දිවයින" ට කීය.
"මම වරදක් කළා නම් මමත් එක්‌ක ගිනි පෙට්‌ටිය ගේන්න කැන්ටිමට ගිය නිපුනගෙනුයි තරුපතිගෙනුයි අහලා බලන්න....,"
" මම ජාතික ගීය කියන කොට දුවන්න ගියෙ නෑ......., සීරුවෙන් හිටියා. ලොකු පංතියක අයියා කෙනෙක් එතනින් දිව්වේ. මමත් එක්‌ක හිටිය යාළුවො දෙන්නත් ඒක දැක්‌කා......"
මේ පිළිබඳ අදහස් දැක් වූ හංසික ශ්‍රී ඉඳුරංග ලියනගේ සිසුවාගේ මව වන හුම්බුළුව, උඩත්තවගෙදර චන්ද්‍රd ජයවික්‍රම මහත්මිය මෙසේ කීවාය.
මට ගිය බදාදා (20දා) දින පුතාලගෙ පංතියට උදේ කෑම වේල තිබ්බෙ. මම කෑමත් හදාගෙන පුතා ඉස්‌කෝලෙ යන වෙලාවටම ඉස්‌කෝලෙට ගිහින්, පංතිය සුද්ධ කරලා බුදු පහන පත්තු කරන්න ගිනි පෙට්‌ටියක් බැලුවත් තිබ්බෙ නෑ. මම පුතාට සල්ලි දීලා කිව්වා කැන්ටිමෙන් ගිනි පෙට්‌ටියක් අරගෙන එන්න කියලා. පුතා තව පුතාල දෙන්නෙක් එක්‌ක ගිනි පෙට්‌ටියක් කැන්ටිමෙන් අරගෙන එනකොට ඉස්‌කෝලෙ පටන් ගන්න බෙල් කරලා ජාතික ගීය වාදනය වෙලා.
පුතාල ජාතික ගීයට සීරුවෙන් ඉඳලා තියෙනවා. එතැනින් ලොකු පන්තියක පිරිමි දරුවෙක් දුවගෙන ගිහින් තියෙනවා.
නමුත් විදුහල්පති හාමුදුරුවො මගෙ පුතත් එක්‌ක හිටිය පුතාල දෙන්න කාර්යාලයට ගෙන්වලා මගෙ පුතාට තමයි හොඳටම ගහලා තියෙන්නෙ. මම ඒ වෙන කොට පුතාගෙ පංති කාමරයෙ හිටියෙ. අනිත් පුතාල දෙන්නා මට ඇවිත් කිව්වා නැන්දෙ හංසිකට හාමුදුරුවො හොඳටම ගහනවා කියලා. මම දුවගෙන කාර්යාලයට ගියා. පුතා කෑ ගහනවා මම නෙවෙයි දිව්වෙ කියලා. මම කිව්වා හාමුදුරුවන්ට මගෙ පුතාට ගහන්න එපාය කියලා.
ඒත් ගානකට ගත්තෙ නෑ....., පස්‌සෙ පුතාව මගෙ ළගට ඇදලා ගත්තා. නැත්නම් පුතාට හොඳටම ගහනවා. මට බලාගෙන ඉන්න බැරිම තැන තමයි පුතාව ඇදලා ගත්තෙ.
පුතා අසනීප දරුවෙක්, හාමුදුරුවො ඒ ගැනවත් හිතුවෙ නෑ. පුතාගෙ උදරයේ සෛල මැරිලා රෝගීව බොරැල්ල ළමා රෝහලේ නතර වෙලා මාස 02 ක් ප්‍රතිකාර කරලා පුතාට සුව වුණාට පස්‌සෙ මාසෙකට විතර කලිනුයි ඉස්‌කෝලෙ යන්න පටන් ගත්තෙ......,
මගෙ පුතාට වුණු අසාධාරණය ගැන මම පොලිසියට පැමිණිලි කළා. වැරැද්දට දඬුවම් දුන්නට කමක් නෑ. ඒත් වරද කළේ කවුරුවත් දඬුවම් දුන්නෙ කාටවත්. පුතාට ආයෙ ඉස්‌කෝලෙ යන්න බෑ කියනවා. දැන් පුතාගෙ ඉස්‌කෝල ගමනත් නතර වෙලා. වැරැද්දක් කළා නම් දඬුවම් කරන්න ඕනෑ. ඒක මමත් පිළිගන්නවා. ඒත් මේ වගේ නිරපරාදේ අමානුෂිකව දඬුවම් කරන්න හොඳ නෑ. හාමුදරුවන්ට දරුවන් පේන්න බැරි වුණාට දරුවන්ට දෙමාපියො ආදරෙයි. මේ වගේ සිද්ධි මීට කලින් මේ පාසලේ වුණේ නෑ. මගෙ පුතාට වුණු අසාධාරණකම් වෙනත් දුවලා පුතාලට නම් වෙන්න ඉඩ තියන්න එපා යෑයි ඇය වැඩිදුරටත් පැවැසුවාය.
සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු හුම්බුළුව විද්‍යාලයේ විදුහල්පති වැහැර සුධම්ම හිමියන් පොල්ගහවෙල මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප නියම කිරීමෙන් පසු වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් මස 19 වැනි දිනට කල් තැබූ මහෙස්‌ත්‍රාත්වරයා අමානුෂික අන්දමින් සිසුනට දඬුවම් නොපමුණුවන ලෙස අවවාද කිරීමෙන් පසු මුදා හැර තිබේ.
Home
»
»Unlabelled
» මා වරදක් කළේ නැහැ! විදුහල්පති හාමුදුරුවෝ මට හොඳටම ගැහුවා
Recent Posts
දම්මි ඇන්ටි 1 Dammi Aunty 1 Sinhala Walkatha
12 Oct 2014undefinedකතාවේ සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.. මගේ නම හේමන්ත. මේ සිද්ධිය වන විට මට වයස අවුරුදු 20ක්...[...]
Sinhala wela Kathasinhala wela katha 2012sinhala wela katha ammasinhala wela katha 2011sinhala wela katha hansisinhala wela katha mp3sinhala wal kathasinhala songsgossip lanka
02 Sep 2014undefinedwal kathasinhala wala kathasinhala wal kathawww sinhala wal katha pituwawela kathasinhala ...[...]
Upeksha Swarnamali and Akalanka Ganegama - Sinhala New Movie Cinderella
02 Sep 2014undefinedInoka Sathyangani [...]
Sinhala wela Katha Hot Girls Bathroom Pics
01 Sep 2014undefinedsinhala wela katha 2012sinhala wela katha ammasinhala wela katha 2011sinhala wela katha hansisinhala...[...]