පාසලෙන් දුන් 'ගෙදර වැඩ' අතපසු කළැයි සිසුවකුට කන පැලෙන්න ගහලා
වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු පාසලෙන් පැවැරූ ගෙදර වැඩ අතපසු කළැයි බැන වැදී එම පන්තියට බුද්ධාගම විෂය උගන්වන හිමිනම සිසුවාගේ කනට ගැසීම හේතුකොටගෙන කන් අඩිය පැළී දැනට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තිහේ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
සිද්ධිය පිළිබඳ ළමයාගේ පියා වන ගජනායකගම, හකුරුවෙල පදිචි ඩබ්ලිව්.එම්. ආරියදාස මහතා වීරකැටිය පොලිසියට පැමිණිලි කර ඇත.
ඉකුත් දහවැනි දින මෙය සිදුවී ඇති අතර ළමයාගේ කන් ඇසීමේ ශක්තිය අඩුවූ නිසා වීරකැටිය රෝහලටත් පසුව හම්බන්තොට දිස්ත්‍රික් රෝහලටත් ළමයා ඇතුළත් කර තිබේ. පසුව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සිය වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ පහරදීමක් නිසා වම් කනේ කර්ණ පටලය (කන්බෙරය) ඉරී සිදුරු වී ඇති බවයි.