අතුරුගිරිය - 10 කණුව, ඇල පාර මාලබේ ප්රදේශයේදී තරුණයෙකු ගෙවත්තක් තුළ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 වු නො 70/ඒ/5, කොටාපාර, කොළඔ 08 යන ලිපිණයේ පදිංචි අයෙකි.
මරණකරුගේ පෙම්වතිය හමුවීමට ඉහත ලිපිනයට ගොස් මිදුලේ සිට සිය පෙම්වතිය සමග ජංගම දුරකථනයෙන් කතා කර ආරවුලක් ඇති කරගෙන පසුව ඇගේ මිදුලේදීම ප්ලාස්ටික් පටියක් ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන ඇත.
මරණකරු අසල රෙදි බැගයක්ද සියදිවි හානිකරගන්නා බවට සිංහලෙන් හා ඉංග්රිසියෙන් ලියන ලද ලිපියක්ද සොයාගෙන ඇත.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්තාත් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මරණ පරීක්ෂණය සිදුකර ඥාතීනට භාරදි ඇත.
අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වාගෙන යනු ලබයි.