ගඩොල් කැපූ වළට වැටී 5 හැවිරිදි දරුවා මියයයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

වැල්ලවාය ගම්පංගමුව කනිටු විදුහල අසල ගඩොල් කැපූ වතුර වළකට වැටීමෙන් පිරිමි දරුවකු පෙරේදා (12 දා) මියගොස්‌ තිබේ. මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ පස්‌හැවිරිදි ඒ. ඩී. එම්. කණිෂ්ක ප්‍රසාද් නමැති දරුවෙකි.

මව්පියන් දෙදෙනා නිවසේ නොසිටි අවස්‌ථාවක තම සහෝදර සහෝදරියන් සමඟ ක්‍රීඩා කරමින් සිටියදී මෙම අවාසනාවන්ත මරණයට මෙම දරුවා ගොදුරු වී තිබේ. මියගිය දරුවාගේ මරණ පරීක්‍ෂණය එච්. එම්. ඡේ. ඒ. හේරත් මහතා පැවැත්වීය. එහිදී ජලය පෙවී හුස්‌ම හිරවීමෙන් සිදු වූ මරණයක්‌ ලෙස මරණ පරීක්‍ෂකවරයා නිගමනය කර ඇත. වැල්ලවාය පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් ආර්. ඩී. වී. චමින්ද ජගත් (68512) මහතා පරීක්‍ෂණ කටයුතුවලට සහය විය.

 
 
Top