I have married twice,Nirosha reveals every thing of her life | Gossip lanka news Sinhala News Sinhala Cinema News

 මම කසාද තුනක් බැන්දේ නෑ...ඇත්තටම මම කසාද දෙකක් බැන්දා... නිරෝෂා විරාජිනී
නිරෝෂා විරාජිනී කියන්නේ කවුද?
ලංකාව හඳුනන්නේ ගායිකාවක් විදියට ඒ ඇරුණම මමත් සරල’’’’’, සාමාන්‍ය සිතුම් පැතුම් තියෙන කාන්තාවක්.’’’
 ඕක ඇතුළේ පොඩි සංකීර්ණ කෑල්ලක් නැත්ද?
සමහර අයට එහෙම හිතෙන්න පුළුවන්.’’’මොකද අපේ රටේ පුරුදු වෙලා තියෙන විදියත් එක්ක කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්.’’’
පිරිමින්ට අකැමැතියිද’’’’’’?
නැහැ’’’’’’’.
විවාහය කියන වික්ටෝරියානු සංකල්පයට නිරෝෂා කැමැතිද’’’’? අකැමැතිද’’’’’?
මම කැමැතියි.’’’’’ විවාහය මත ජීවිතයේ ගොඩාක් දේවල් තීරණය වෙනවා.’’’’ විවාහ බැඳීමක් කියන්නේ උත්තරීතර බැඳීමක්.’’’’ ඒ බැඳීමට අකැමැති කවුරුත් ඉන්නවා කියලා මම හිතන්නේ නෑ. යම් යම් හේතුමත කෙනෙක්ට විවාහ නොවී ඉන්න පුළුවන්.’’’’ හරි කෙනා හරි විදියට ජීවිතයට ආපුවම  ඕන කෙනෙක් විවාහයට යනවා.
විවාහයට මේ සමාජයේ වටිනාකමක් තියෙනවාද’’’’?
ඒක ලෝකෙම තියෙන ප‍්‍රශ්නයක්.’’’ ඉස්සර මගේ අම්මයි’’ තාත්තයි, ආච්චිලා’’’ සීයලා ජීවත් වුණ සමාජ වාතාවරණය නෙවෙයි දැන්’’’’ තියෙන්නෙ. දැන් ඊට වඩා ගොඩක් වෙනස්’’’, කාන්තාව හා පුරුෂයා යන දෙදෙනාම ප‍්‍රබලයි.’’’ කාන්තාව ගොඩක් දේවල් දරාගෙන ඉන්න  ඕන කියන එක තමයි බොහෝ ආසියාතික රටවල අදහස වුණේ.’’’ නමුත් අද ලංකාවේ කාන්තාව කාන්තාව ගොඩක් ප‍්‍රබලයි.’’’ ජීවිතයේ තමන්ට එන දේවල් එක්ක ඒ තරම් කැපවීමක් කළ යුතු නැහැ’’. මම දෙයක් කැප කරන්නේ ඉන් මට ධනාත්මක උත්තරයක් ලැබුණොත්.’’’ එය නොලැබෙන්න නොලැබෙන්න බහුතරයක් ප‍්‍රශ්න මැද ජීවත් වෙන්න කැමැති නැහැ.’’’
එක බිරියක් පෙම්වතියෝ ගොඩක් මේ ගැන මොකද හිතෙන්නේ?
මම තව පාර්ශ්වයක් ගැන කතා කරනවා නෙවෙයි’’’. මේ ලෝකේ පිරිමියා විතරද ඒ දේ කරන්නේ කියන එකත් ප‍්‍රශ්නයක්.’’’’ පිරිමින්ට මම පක්ෂව කතා කරන්නවත් නෙවෙයි’’’’. මේ සමාජයේ මම දන්න කාන්තා චරිත ඉන්නවා’’’’ තමාට ස්වාමිපුරුෂයෙක් ඉද්දි බොහෝ ආදරවන්තයෝ ඇසුරු කරන’’’. ඒක මේ වෙනකොට ඔරුබා එකක් කරගෙන’’’. එහෙම නොවුණොත් අපි සාම්ප‍්‍රදායික වෙයි, ගතානුගතික වෙයි කියලා එයාලා හිතනවා.’’’
ගැහැනිය බිරියක් වීම තුළ පෙම්වතියගේ භූමිකාව අහිමි වෙනවද?
බිරිය සහ පෙම්වතිය පැහැදිලිවම භූමිකා දෙකක්’’’’. බිරිය කියන චරිතය වටා වගකීම්, බැඳීම් ගොඩක් එකතු වෙනවා’’.. එතැනදි අපි සාම්ප‍්‍රදායික ක්‍දබිැචඑ එකක හිර වෙනවා.’’ පෙම්වතිය කියන්නේ බොහොම ස්වාධීනව තීරණ ගන්න පුළුවන් හොඳට නිදහසේ හුස්ම ගන්න පුළුවන් චරිතයක්.’’’ පිරිමියා හොයන බිරිය කියන චරිතය තුළ පෙම්වතිය බිරිය බවට පත්වුණාම බලාපොරොත්තු වෙන්නේ තමන් හොයන පෙම්වතිය බිරියගෙන් නැති වුණාම පිරිමි පෙම්වතියන් හොයනවා.’’’’ මේක තමයි ඇත්තටම වෙන්නේ.’’’’
එතකොට ඒක ගනුදෙනුවක්ද?
මේක දෙගොල්ලන්ටම පොදුයි.’’’’ මුල් කාලේ අපේ සංස්කෘතියක් එක්ක බැඳුණ දෙයක් තමයි ආදරය කියන්නේ.’’’’ ඊට වඩා අද සමාජය සංකීර්ණයි.’’’ අවශ්‍යතා මත තමයි පෙම්වතා හෝ පෙම්වතිය තෝරාගන්නේ.’’’’’ ඔයාගේ මේ දේ තිබුණොත් ඔයා මේ දේ කළොත් මාත් එහෙම කරනවා ඒ අන්න ඒ ගනුදෙනුව තමයි තියෙන්නේ.’’’’ බහුතරයක් බලන්නේ අනෙකාට තමන් වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියන එකයි.’’’’ බොහෝ තැන්වලදි ආදරය අද ගනුදෙනුවක්.
ආදරේ කියන දේ අද ඇත්තෙම නැද්ද?
ආදරේ කියලා හිතන දේ ආදරේ නෙවෙයි ඇත්තටම’’’’ මම දකින ආදරේ ඊට වඩා වෙනස්.’’’’ සැබෑ ආදරේදි අනෙකාගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න බෑ’’’. ආදරේට සුදු කළු භේද නෑ. භෞතික කාරණා ආදරේට වලංගු වෙන්න බෑ’’’. ඉතින් එහෙම දේවල් සමග ඇතිවෙන බැඳීම ආදරේ නෙවෙයි.’’’ ඔයාගේ රස්සාව මොකක්ද’’’? ඔයාගේ පඩිය කීයද’’’’? ඔයාට දේපළ තියෙනවද’’’? ඉගෙන ගත්තේ කොහේද මේ දේවල් ආදරේ තුළ වලංගු නැහැ’’’. මම දකින ආදරය තුළ මේවා බලාපොරොත්තු වෙන්න බෑ’’’. මේ සමාජයේ අපි ආදරේ කියලා අත්විඳින්නේ ඇත්තටම අවශ්‍යතාවයන් ටිකක් විතරයි’’’.
ඇත්ත ආදරේ විඳලා තියෙනවාද?
ආදරය කළා.’’’’ ආදරය ලැබුවා’’’’. මගේ ජීවිතයේ මට ලැබුණු ආදරේ කියලා මම දැක්කේ වෙන දෙයක්.’’’’’ නිරෝෂා කියන පුද්ගලයා තුළින් ඔවුනට ලැබෙන දෙයක් ගැන හිතලා තමයි ඔවුන් මට ළං වුණේ’’’. මම අවංකවම ආදරේ හෙව්වත් ගොඩක් අය කරලා තියෙන්නේ ගනුදෙනුවක් විතරයි.’’ මම මේ දේවල් කළොත් තමයි අනෙකා මට ආදරේ වෙන්නේ.’’’ එය තමයි හුගක් වෙලාවට මට ලැබුණේ.’’ ඒ වගේ දේවල් එක්ක තමයි මම නිතර ගැටුණේ මගේ ජීවිතය තුළ.’’’
ආදරේ මේ ලෝකේ තියෙනවා’’’. ඒක බාහිර කාරණාවලින් යට ගිහින්’’. ඒක ගොඩ ගන්න හරි අමාරුයි’’’. ආදරය පසුපස හඹා යෑම තේරුමක් නෑ’’. නැති දෙයක් සොයා යෑම නුවණක්කාර නෑ’’’.
ආදරේ නැතිව ජීවත් වෙන්න නිරෝෂාට’’’’ පුළුවන්ද?
මමත් ආදරේ කරයි.’’’ හැබැයි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන නෙවෙයි.’’’’ අතීතයේ මම හොයපු ආදරේ මම දැන් හොයන්නේ නෑ’’’. මම ආදරේ කරයි’’’, ආදරේ තියෙයි’’’. මගේ වැඩත් මම කරගනියි.’’’ ගැටුම්වලට යන්නේ නෑ’’. ආදරේ කියන්නේ මගේ ජීවිතෙන් එක කොටසක් විතරයි දැන්’’’. මට ලොකු බලාපොරොත්තු නැති වුණාට ජීවත් වෙන්න පුළුවන්.’’’
ජීවිතේ අන්තිම හුස්ම යද්දි අමතක කරන්න බැරි බැඳීමක්’’’ තියෙනවද?
අම්මගෙයි තාත්තගෙයි බැඳීම’’’ තරම් බැඳීමක් මගේ ජීවිතයේ නම් නැහැ.
නිරෝෂාව වැඩිපුරම හම්බවුණෙ ඔබේ හඩට ආදරේ කරපු පිරිමිද’’’, නැත්නම් නිරෝෂා කියන ගැහැනියට ආදරේ කරපු පිරිමිද’’?
නිරෝෂා විරාජිනී කියන්නේ මේ රටේ ගායිකාවක් ක්‍ැකැඉරසඑහ කෙනෙක්’’’ කිව්වොත් හරි. ඇතුළාන්තයේ ඉන්න නිරෝෂා ඊට වඩා වෙනස්. හුගක් වෙලාවට මගේ ජීවිතයේදී මට ළං වෙන්න උත්සාහ කරපු බොහෝ පිරිමි අතර හිටියේ නිරෝෂා විරාජිනී කියන ගායිකාවට ළං වුණ අය’’’. ඒකට මට වරදක් කියන්නත් බෑ’’. ඒක ක්‍ැකැඉරසඑහ කෙනෙක්ට ලැබෙන දේ’’’. මේක මට විතරක් පොදු දෙයක් නෙවෙයි’’.පිට ඉන්න කෙනා ඇතුළාන්තයේ ඉන්න මාව දකින්නේ නෑ’’නේ. බොහෝ අය ආකර්ෂණය වෙන්නේ පිටතින් දකින මගේ හඩට’’’.
නිරෝෂා කියන්නේ සරාගී’’’ කටහඩ වගේම සරාගී පෙනුමක්’’’ තියෙන ගායිකාවක්ද?
එය මං දිහා බලන කෙනාගේ ඇහැත් එක්ක තීරණය වන දෙයක්.’’’ මේක සාපේක්ෂයි. බහුතරයක් කාන්තාවෝ උත්සාහ කරනවා සරාගී වෙන්න’’’’, ලස්සනයි කියලා අහගන්නවට වඩා ශදම ්රු ඩැරහ ිැංහගගගගග දර හදම ්රු ඩැරහ යදඑගගගග කියලා අහන්න ගොඩක් කාන්තාවෝ ආසයි. කෙනෙක්ට මාව සරාගීව පෙනෙද්දි තවකෙනකුට නොපෙනෙන්නත් පුළුවන්.’’’’
මනසින් බැදෙන ආදරේ කායික බැඳීමත් සමග’’’හමාර වෙනවද?
නියම ආදරේ එහෙම වෙන්නේ නැහැ’’’’. මගේ අම්මා මම යෞවනියකව ඉද්දි නිතරම කියපු දෙයක් තමයි පුතේ ආදරේ කළාට කමක් නෑ’’’’ තමන්ගේ පරිස්සම් කරගන්න  ඕන’’’’ ඒවා පරිස්සම් කරගෙන.’’’ ගැහැනියගේ වටිනා දේවල් ආදරය තුළ පරිත්‍යාග කළාම ගැහැනියකගේ වටිනාකම අඩුවෙනවා කියලා’’’’ ඒක මම යම්තාක් දුරකට විශ්වාස කරනවා’’’. ඈතින් ඉඳන් ආදරේ කරද්දි ඒ කියන්නේ චිත‍්‍රපටයක් බැලූවට’’’’, අතින් අල්ලන් හිටියට ඒ බැඳීම අඩුවෙන්නේ නෑ’’’. නමුත් කායික බැඳීමකට ගියාම විවාහෙකට පෙර ඒ  බැඳීම  ීඑරදබට වෙන්නේ නෑ.
නිරෝෂාට හැදුණු නරකම කටකතාව මොකක්ද’’’?
මම කසාද තුනක් බැන්දා කියන එක. ඇත්තටම මම කසාද දෙකක් බැන්දා. ඒත් තුන්වැනි කසාදය කාව සම්බන්ධ කරන් කතා කරනවද මං දන්නේ නෑ.
මූණට හොඳට හිනා වෙලා ගිහින් නිරෝෂාට බනින අය ගැන මොකද හිතන්නේ?
කලකිරීම්’’’, වේදනාවලට මාව ලක් කරන්න අමාරුයි දැන්’’’. හැමදේටම සංවේදී වෙන කෑල්ල මම දැන් අයින් කරලා තියෙන්නේ’’’. මම ගැන මට වඩා හොඳින් කවුරුවත් දන්නෙ නෑ’’’. පිටතින් දකින සියල්ලම දේ සත්‍ය නෙවෙයි.’’’
ගීතවලට පෞද්ගලික අත්දැකීම් එකතු වුණාද?
සමහර ගීතවලට මගේ පෞද්ගලික අත්දැකීම් එකතු වුණා.’’’ මට ලැබුණු දේවල්, මම අත්විඳපු දේවල්’’’, මම ඒවට සංවේදී වුණ තරම’’’’ නිසා සමහර ගීත ඒවා ඇසුරින් ලියැවුණා.
මාලනී බුලත්සිංහලගේ ගීයක් ඍැප්නැ කළේ මූල්‍යමය වාසියකටද’’’?
නෑ. ඇත්තටම ඒ ගීතය ගයන්න මට කිසිම අවශ්‍යතාවක් තිබුණේ නෑ’’’. ආචාර්ය රෝහණ වීරසිංහ සහ ගීත රචක කැමිලස් පෙරේරා වෙනුවෙන් ඇත්තටම ගීපද රචකයා ගොඩක් අසරණ වෙලා හිටපු නිසයි’’’’ ඔහුට ආර්ථික ශක්තියක් ලබාදෙන්නයි මම ඒ ගීතය කළේ.’’’ මේ ගීතය ඍැප්නැ කරපු මාධවට  ඕන විදියට තමයි මම ගීතය ගැයුවේ.’’’
මාලිනියන් ඒ ගීතය ගැයුවට වඩා නිරෝෂා එය ගැයුවම ජනප‍්‍රිය වුණා නේද’’’’?
සමහර ඇඉ ිසඑැල මට බැනලා තිබුණා. මගේ ගීත තියන් ඇයි මම අනුන්ගේ සින්දු කිව්වේ කියලා. මම පුංචි කාලේ ඉඳන්ම මේ ගීතයට ගොඩක් ආදරේ කළා’’’. මට පෙරේතකමකට මේ ගීතය කිව්වේ නැහැ.’’’ මාලනී බුලත්සිංහල කියන්නේ ඉතා දක්ෂ ගායිකාවක්.’’’ ඇය කියද්දිත් ඒ ගීතය ඉතා ජනප‍්‍රියයි.’’’ මට මාලනී බුලත්සිංහල මහත්මිය වෙන්න බෑ.’’’ මම ගැයුවම ඒ ගීතයට වෙන හැඩයක් ආවා.’’’ ගීත දෙක ආරවල් දෙකක්. මාලනියන්ට වෙනම අනන්‍යතාවක් තිබුණා. මට වැදගත් වුණේ මෙතැන මගේ අනන්‍යතාව විතරයි’’’.
ශිහාන් මිහිරංග, කසුන් කල්හාර, අමල් පෙරේරා, නලින් පෙරේරා දක්ෂතාව මත පෙළගස්වන්න?
කසුන් කල්හාර, අමල් පෙරේරා, නලින් පෙරේරා, ශිහාන් මිහිරංග’’’’
ශෂිකලා නිසංසලා, සමිතා මුදුන්කොටුව, උරේෂා රවිහාරි දක්ෂතාව මත පෙළගස්වන්න?
එක සමිතා මුදුන්කොටුව.’’’ ම්ම්ම්.... උරේෂායි, ශෂිකයි එකම මට්ටමේ වගේ තමයි මට තේරෙන්නේ. ඒ දෙන්නගේ ලොකු වෙනසක් තේරෙන්නේ නෑ’’’. ඒ දෙන්නම දෙවැනි තැන.
ඉන්දියාවේ ලතා මංගේෂ්කාර්, ශ‍්‍රියා ගෝෂාල්’’’?
ලතා මංගේෂ්කාර් තමයි. ශ‍්‍රියා කියන්නේ මම ඉතාමත් කැමැති වගේම දක්ෂ නව පරපුරේ ගායිකාවක්.
ලංකාවේ වේදිකාවේ ගයන සේරම ගායිකාවෝද’’’’? ගායකයෝද’’’?
නෑ.’’’ එයාල එක එක චරිත නියෝජනය කරනවා’’’, ගායනයට වඩා චරිත නියෝජනය තමයි එයාලා කරන්නේ. බහුතරය ගායකයෝ ගායිකාවෝ නෙවෙයි’’.
ජිප්සීස්, සන්ෆලවර්ස්, ෆ්ලෑෂ්බෑග්, සනිධප දක්ෂතාව මත පෙළගස්වන්න?
ජිප්සීස් එක, ෆ්ලෑෂ්බෑග්, සනිධප, සන්ෆලවර්ස්.’’’
ලංකාවේ ප‍්‍රබල දේශපාලන චරිතයක් ඔබට දේශපාලනයට එන්න කියලා ආරාධනා කළාද?
ඔව්. ඇත්තටම මට දේශපාලන දැනුමක් නැහැ’’’. දැනුමක් නැතිව මම කිසිම දේකට යොමුවෙන්නේ නෑ’’.
තනිකඩ ගැහැනියක් විදියට නිරෝෂාට පිරිමින්ගේ ආකර්ෂණය වැඩියිද?
ඒක මට විතරක් නෙවෙයි සමස්ත කාන්තාවටම පොදුයි’’’. තනියම ඉන්න  ඕනෑම ගැහැනියකට පුරුෂ ආකර්ෂණය යොමු වෙනවා වැඩියි.’’’ හැම කාන්තාවම ආකර්ෂණය නිසාම අසරණ වෙන තැනුත් වැඩියි.’’’ කාන්තාවගේ ආකර්ෂණය බව වැඩි වෙන තරමට ඇය අසරණ වෙන තැන් වැඩි වෙනවා.’’’ විශේෂයෙන් අපේ රටේ නම් ගැහැනියකට තනියම වැඩක් කරගන්න ගියාම බොහෝ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.’’
මේ වෙද්දි නිරෝෂා පෙම්වතියක්ද?
නැහැ.
උපුටා ගැන්ම මව්බිම
 
Top