Gossip Chat With Dayana Niroshani | Gossip lanka news Sinhala News Sinhala Cinema News


අද නිළියක් වෙන එක හරි සිම්පල්

සල්ලිවලට  ඕනෑදෙයක්‌ කරන අයත් ඉන්නවා

ඩයනා නිරෝෂනී කාලෙකට පස්‌සේ අලූත් නිර්මාණයකට දායකවෙලා කියලා අපිට ආරංචි වුණා. ඒක හින්දාම අපිත් කාලෙකට පස්‌සේ ඩයනා සමග පොඩි පිළිසඳරක යෙදුණා. මේ එහි පෙළගැස්‌මයි.


ඩයනා කොහොමද මේ දවස්‌වල ජීවිතේ ගෙවෙන්නේ ?

ගොඩක්‌ම නිරූපණ කටයුතුවල තමයි නියෑළී ඉන්නෙ. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලටත් දායක වෙනවා.

ඇයි දැන් පුංචි තිරයෙන් වැඩිපුර දකින්න නොලැබෙන්නේ ?

වැඩිපුර නිරූපණයට යොමුවෙලා ඉන්නවා.

ඒක හින්දා වෙන්න ඇති.

රගපෑම එපාවෙලාවත්ද?

අයියෝ නැහැ. මම වැඩිපුර කැමැති නිරූපණයට.

අලූත් මුහුණු ඩයනාගේ තැන උදුරගෙන වගෙයි ?

මට රංගනය පස්‌සේ එළවන්න ලොකු  ඕනකමක්‌් නැහැ. ලැබෙන හොඳ වැඩක්‌ භාරගන්නවා. එච්චරයි. හැබැයි රංගනයට මම අකැමැති නැහැ.

ඔය කියන්න හදන්නේ පස්‌සෙන් ගිහින් වැඩ ඉල්ලන්නේ නැහැ කියලද?

පැහැදිලිවම. මම කවදාවත් වැඩ ඉල්ලගෙන පස්‌සෙන් යන්නේ නැහැ. මුල ඉඳන්ම එහෙමයි.

ඩයනා නිතර දකින්න නොලැබුණොත් මිනිස්‌සුන්ට අමතක වෙයිද දන්නෙත් නැහැ ?

ප‍්‍රශ්නයක්‌ නැහැ. හැමදාම කාලෙන් කාලෙට අලූත් මුහුණු මෙතැනට එනවා. හැමදාම මිනිස්‌සුන්ගේ හිතේ රැුඳුණු චරිත ඉන්නවා. හැබැයි මේ වෙනකොට අද මිනිස්‌සුන්ට මතක මුහුණ හෙට මතක නැහැ. එහෙම තත්ත්වයක්‌ ක්‍ෂේත‍්‍රයේ තියෙන්නේ. මතක හිටින චරිත අද හරි අඩුයි.

ඔබව මිනිස්‌සුන්ට මතක තියෙනවා කියලා හිතනවාද?

ඔව්. අදටත් මාව දැක්‌කහම සමහර මිනිස්‌සු මම රගපෑ චරිතවල නම්වලින් අමතනවා. වැඩ බදාගෙන කරනවාට වඩා හොඳ එක චරිතයක්‌ කළහම ඇති කියලයි මම නම් හිතන්නේ.

ඉක්‌මන් කොටයි, එහෙමද?

මම කොහොමත් හෙමින් ගමනක්‌ යන කෙනෙක්‌.

තිරයේ නිතර දකින්න නොලැබීම හින්දා අනෙක්‌ නිළියන් කෙරෙහි පොඩි හරි ඉරිසියාවක්‌ ඇතිවෙන්නේ නැතිද?

එහෙම නැහැ. අද බලද්දී දකින දකින හැමෝම නිළියක්‌ කියන තත්ත්වයට වැටිලා. දැන් නිළියක්‌ වෙන එක හරි සිම්පල්. ඒ වගේම නිළියකගේ තියෙන වටිනාකම අද කාලේ හුගාක්‌ දුරට බාල්දුවට ලක්‌වෙලා.

ඉගෙන ගෙන යමක්‌ කළා නම් මීට වැඩිය හොඳයි නේද?

මම මේ දේවල් කළා කියලා අද දුක්‌වෙන්නේ නැහැ. අනෙක්‌ පැත්තෙන් ඉදිරියට යන්න බැරිවුණා කියල දුක්‌වෙන්නෙත් නැහැ.

රගපෑමට වඩා නිරූපණයට ඔබට ඉඩකඩ ලැබෙනවාද?

පැහැදිලිවම.

වැඩිපුර නිරූපණයේ යෙදෙන්නේ මනාලියන් දැක්‌මවලටනේ ?

දෙයක්‌ කරද්දී මම යම් යම් සීමාවන් ඇතුව තමයි වැඩකරන්නේ. මොකද අපේ පවුලේ අයගේ බලපෑමත් එක්‌ක.

මෝස්‌තර නිරූපණයට වැඩිය කැමැති නැහැ ?

මෝස්‌තර නිරූපණයට ගෙදරින් වැඩිය කැමැති නැහැ.

ගෙදරට බයහින්දා හරියට වැඩක්‌ කරන්න වෙන්නේ නැතිද?

එහෙම නැහැ. මගේ සීමාවන් ඉක්‌මවා දෙයක්‌ කරන්නත් කැමැති නැහැ. මම හැමදේම කරන්නේ සීමාවක්‌ ඇතිව.

අද කාලේ තරුණියෝ ළග ඔය කියන සීමාවන් නැහැනේ ?

ඒක එක එක්‌කෙනාගේ කැමැත්ත. සමහරු ජනප‍්‍රිය වෙන්න  ඕනෑදෙයක්‌ කරනවා. සල්ලිවලට  ඕනෑදෙයක්‌ කරන අයත් ඉන්නවා. හැමෝම එහෙම වුණා කියලා මම එහෙම වෙන්න  ඕනෑ නැහැනේ.

පසුගිය කාලයේ අලූත් වැඩකට අතගැසුවා කියලත් ආරංචියි ?

චන්දන හේවාපතිරණ අධ්‍යක්‍ෂණය කරපු ලාල් කුලරත්න නිෂ්පාදනය කළ තීර්තතරණය කියලා අලූත් නිර්මාණයකට දායක වුණා. මම හිතනවා ඒක හොඳ නිර්මාණයක්‌ වෙයි කියලා. ක්‍ෂේත‍්‍රයේ ඉන්න ගොඩක්‌ හොඳ ප‍්‍රවීණයන් සමග කාලෙකට පස්‌සේ වැඩකරන්න ලැබුණා. පැහැදිලිවම ඒක හොඳ නිෂ්පාදනයක්‌ කියලා මට හැගෙනවා.

නිර්මාණයට සාධාරණයක්‌ ඉටුකළා කියලා හිතනවාද?

මම උපරිම සාධාරණයක්‌ ඉටුකළා. ඒ වගේම ගොඩක්‌ හොඳ කතාවක්‌. මේ දිනවල නිතර දකින කතා රැුල්ලට වඩා වෙනස්‌ම ස්‌වරූපයේ කතාවක්‌ කියලා මට හිතෙනවා.

දැන් ඉතිං ඔහොම ඉඳලත් හරියන්නේ නැහැනේ ?

ඔව්. ඒක නම් ඇත්ත තමයි. (සිනාසෙමින්*

ක්‍ෂේත‍්‍රයේ ඔයත් එක්‌ක වැඩකරපු ගොඩක්‌ දෙනෙක්‌ පිළිවෙළක්‌ වෙලා. ඩයනා තවම තනිකඩයි ?

මම හිතන්නේ ඒකට කාලය එන්න එපායෑ. හරි කාලේ වෙද්දී සුදුසු කෙනා මුණගැසේවි.

තවම හරි කාලය ආවේ නැතිද?

දැන් නම් කාලේ හරි. හැබැයි හරි කෙනා හමුවුණේ නැහැ.

අම්මා මනමාලයෙක්‌ සොයනවා කියලත් ආරංචියි ?

ඔව්. මේ දවස්‌වල ගෙදරින් මට මනමාලයෙක්‌ සොයනවා.


දිනේෂ් විතාන
 
Top