sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
විවාහක පුද්ගලයෙකුට කාන්තාවක් දුරකථනයෙන් කරදර කරලා
විවාහක පුද්ගලයෙකුට දුරකථනයෙන් නිතර නිතර කතාකර තම බිරිඳගෙන් දික්කසාද වී ඇගේ ඇසුරට පැමිණෙන ලෙසට බලකර කරදර සිදුකරන්නේ යැයි කියන කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධියේ පැමිණිලිකරු සහකාර මිනින්දෝරුවෙකු වන අතර, තම ජංගම දුරකථනයට 'සුමුදු' නමින් හඳුන්වාගත් කාන්තාවක් නිතර නිතර කෙටි පණිවුඩ (SMS) සහ දුරකථන ඇමතුම් ලබාගෙන බිරිඳගෙන් දික්කසාද වී තම ඇසුරට එන ලෙසට කරදර කරන බව ඔහු පොලීසියට පවසා ඇත.
තමා බිරිඳගෙන් දික්කසාද වුවහොත් බිරිඳ වෙනුවෙන් වන්දි ගෙවීමට වුවත් තමා සූදානම් බව එම කාන්තාව පවසා ඇති බවත්, මෙම හිරිහැර කිරීම තුළින් තම ඉදිරි පවුල් ජීවිතයටද තර්ජනයක් විය හැකි බවත් ඔහු කොම්පඤ්ඤවීදිය පොලීසියට පවසා ඇත.
ඒ අනුව මෙම සැකකාරිය භාවිත කළේ යැයි කියන ජංගම දුරකථනය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ලබාගෙන ඇය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලීසියට නියෝග කළේය
