කෝටිපතියාගේ ගණිකා නිවාස වටලයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කාලයක් පුරා මරදාන ටෙක්නිකල් හංදිය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (29* වැටලූ පානදුර වලාන මධ්‍යම ¥ෂණ මර්දන බලකායේ නිළධාරීන් තරුණියන් 07 දෙනෙක් ඇතුළුව 09 දෙනෙකුව එහිදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත එම ගණිකා නිවාසය වටලූ බව ¥ෂණ මර්දන බලකාය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් තරුණියන් අතර වයස අවුරුදු 17ක තැනැත්තියක්ද සිටින බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් තරුණියන් අතර දෙමළ සහ සිංහල යන දෙවර්ගයේම අය සිටින අතර එම පිරිස දෙහිවල,වව්නියාව, ලූණුගල, මාතලේ බඩල්කුඹුර සහ රත්මලාන යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

ගණිකාවන් ඇසුරට පැමිණෙන අයට මෙහි බීර අලෙවි කර ඇති බවත් වැටලීමේදි බීර බෝතල් 27ක් පොලිස් භාරයට ගැණුනු බවත් පොලිසිය සදහන් කරයි.

බලපත‍්‍ර නොමැතිව බීර අලෙවි කිරීමට සැකපිට සහ ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට පිරිමින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම ගණිකා නිවාසය සහ ගණිකා නිවාස ගොඩනැගිල්ලෙහි හිමිකරු මඩකලපුවේ පදිංචි කෝටිපතියෙක් බව අනාවරණය වී ඇත.

එම ගොඩනැගිල්ලෙහි පවත්වාගෙන ගිය ගණිකා නිවාසයේ සේවකයෙක් ලෙස මෙයට වසර ගණනාවකට පෙර මඩකලපුවෙන් පැමිණි ඔහු දැන් එහි හිමිකරු පමණක් නොව කොට්පතියෙක්ද වී සිටින බව පොලිසිය සදහන් කරයි.

ඔහුව අත්අඩංගුවට ගැනීමටද පොලිස් පරීක්‍්ෂණ ක‍්‍රියාත්මකය. ඔහු පොලිසියේ උසස් නිලධාරීන් සමග සම්බන්ධකම් පවත්වන අයෙක් බවද සදහන් වේ.

පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත වලාන ¥ෂණ මර්දන බලකායේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍්ෂක දුමින්ද බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

මෙම ස්ථානයට ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම් ගැන නඩු රාශියක් ඇති බවත් යම් පොලිසියක් එම ස්ථානය වැටලීමට අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගත් සැනින් ඒ පිළිබඳ තොරතුරු ඔවුන්ට ලැබීමේ ජාලයක්ද තිබුණූ බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

අළුයම් කාලයේ එම ස්ථානය සෝදිසියකට ලක්කරක්නට මධ්‍යම ¥ෂණ මර්දන බලකාය පියවරගෙන ඇත්තේ එබැවිනි.
 
Top