ශ‍්‍රී ලංකා ජයග‍්‍රහනය ඉන්දීය මාධ්‍ය වාර්තා කර හැටි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

විස්සයි විස්ස ක‍්‍රිකට් ලෝක කුසලානය මහේලට සහ සංගක්කාරට ලැබුණු සමුගැනීමේ ත්‍යාගයක් බව ද හින්දු පුවත්පත පවසනවා. අවස්ථා 04කදී ලෝක කුසලාන පෙනී පෙනී ගිලිහි ගිය ශ‍්‍රී ලංකාවට ඊයේ සිය ජයග‍්‍රහණයේ වාරයද අවස්ථා කිහිපයක දී ජයග‍්‍රහණයේ සතුටවිඳි ඉන්දියාවට පරාජයේ වේදනාව විඳින අවස්ථාව ඊයේ උදා වූ බවයි එහි දැක්වෙන්නේ. ඉන්දියාව ලැබු එම පරාජය සම්බන්ධයෙන් වඩාත් පසුතැවෙනු ඇත්තේ යුවරාජ් සිං බවයි ද හින්දු පුවත්පත වැඩිදුරටත් කියා සිටින්නේ.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකාව හමුවේ ඉන්දියාව ලද පරාජයේ වගකීම සිය පුත‍්‍රයාගේ උරහිස් මත පමණක් පැටවීම සාධාරණ නොවන බව යුවරාජ් සිංගේ පියා වන යෝරාජ් සිං පවසනවා. එන්.ඞී.ටී.වී. ප‍්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ

සිය පුත‍්‍රයා මෙන්ම ඉන්දීය කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ද එම පරාජයට වගකිව යුතු බවයි. ශී‍්‍ර ලංකාවේ පන්දුයැවීම හමුවේ විරාත් කෝලි පවා අවසන් පන්දුවාර කිහිපයේදී දැඩි පීඩනයකට ලක් වූ බවද ඔහු සිහිපත් කරනවා.

මේ අතර ඊයේ තරගයේදී ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රහණය සඳහා තීරණාත්මක සාධකය ලසිත් මාලිංගගේ පන්දු යැවීම සහ කුමාර් සංගක්කාරයේ පිතිහරඹය බවයි හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ. ලකුණු 131ක ඉලක්කය හඹා යාමේදී ශ‍්‍රී ලංකාවට මුහුණ දීමට වු එකම අභියෝගය ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ඉක්මනින්ම දැවීයාම බවයි එහි පළකළ වාර්තාවක දැක්වෙන්නේ. එහෙත් මහේලගේ සන්සුන් පිතිහරඹය නිසා එම අභියෝගය ද ජයගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වු බව කතුවරයා පවසනවා.

මීර්පූර්හී ශ‍්‍රී බංග්ලා ක‍්‍රිඩාංගණයේදී ශ‍්‍රී ලංකාව ඊයේ ලැබු ජයග‍්‍රහණය වසර ගණනාවක් ඔවුන් පසුපස හඹා ආ අවසන් තරගයේ සාපය සුනුවිසුණු කිරීමක් බවයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය පවසන්නේ. එම ජයග‍්‍රහණයත් සමග වසර ගණනාවක සිය කැපවීමට මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග දිනාගත් අගය කිරීමක් බවද ඔවුන් පෙන්වා දෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ රත්තරන් පරම්පරාව නියෝජනය කරන බවද එහි සඳහන්.
 
Top