ජනපති මහින්දගේ ගෙදරටත් ආර්ථික අගහිගකම් තියෙනවා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ගෙදරටත් අගහිගකම් ඇතැයි පාර්ලිමේන්තුකටයුතු පිළිබදඇමතිනී ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.

පළාත් සභා මැතිවරණය වෙනුවෙන් වූ ජන හමුවක් අමතමින් ඇය මේ අදහස් පල කලේය.

‘ගම්බද පළාත්වල ජීවත්වෙන උදවියට ඔය කියන විදියේ අගහිග කමක් නෑ. ඒ වගේ තමයි අපේ ගම්බද කාන්තාවන් කවුරුවත් තමන්ගේ ස්වාමිපුරුෂයා දෙන මුදලෙන්ම ගෙදර

ගම්බද හැම ගෙවත්තකම පාහේ වගා කරලා තියෙනවා. ඒ නිසා ගම්බද ගෘහණියන් වැඩි දෙනෙකුට එළවළු කඩෙන් මිලදී නොගත්තට

තමන්ගේම ගෙවත්තෙන් ඒ අවශ්‍යතාවය පිරිමහ ගන්න පුළුවන්කම ලැබී තිබෙනවා.

නගරබද විශේෂයෙන්ම මහල් නිවාස වල ජීවන් වන අයට නම් ගෙදරට අවශ්‍ය එළවළු ආදීය කඩෙන් ගන්න සිද්ධ වෙනවා තමයි. ඒත් නගරබද වෙසෙන කාන්තාවන් වැඩි දෙනෙක් එක්කෝ රැකියාවල් කරනවා. නැත්නම් ස්වයං රැකියාවක නිරතවෙනවා.

ඔය කරවිල කාල වේල පිරිමහගත්තා කියන කතාව මටනං පිළිගන්න බෑ. ඒක මධ්‍ය අතේ ගොතලා පළකළ ප‍්‍රවෘත්තියක් වෙන්න ඕනෑ. මොකද කරවිල කන්න වෙන්න අලබතල මයියොක්කා වැනි දේවල් ගම්බද පෙදෙස්වල ඕනැ තරම් තිබෙනවා.

ඒ වගේම තමයි ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ පවුල් වල අයත් රජ සැප විදිනවයි කියන එකත් කට කහනවට කියන කතාවක් කියලයි මටනං කියන්න තියෙන්නේ. අපේ ගෙවල්වලත් අගහිගකම් තියනවා. එහෙම නැතැයි කියනව නම් ඒක බොරුවක්’ යයිද ඇය වැඩිදුරටත් කීවාය.
 
Top