ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට 7%ක දීමනා වැඩිවීමක් - චන්දිමාල්ටත් උසස්වීමක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොන්ත්‍රාත් හිමිවන ක්‍රීඩකයින් වෙනුවෙන් 2014 වසර සඳහා 7%ක දීමනා වැඩිවීමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එම ආයතනයේ තේරීම් කමිටුව ඊයේ පැවැත් වූ රැස්වීමකින් අනතුරුව 2014/15 වර්ෂ සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකු වාර්ෂික කොන්ත්‍රාත් පදනමට ඇතුළත්කර ගෙන ඇත.

එම කොන්ත්‍රාත් ක්‍රීඩකයින් 17 දෙනා 1, 2, 3 හා 4 වශයෙන් අංශ 4ට බෙදා ඇති අතර විශේෂ කාණ්ඩයක්ද හඳුන්වා දී තිබේ.

විශේෂ අංශයට ප්‍රසන්න ජයවර්ධන මෙන්ම ටෙස්ට් තරඟවලට ක්‍රීඩා නොකරන තිලකරත්න ඩිල්ෂාන් හා ලසිත් මාලිංගද ඇතුළත්ය.


එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාල් පළමු කාණ්ඩයේ ගිවිසුමට ඇතුළත් කර තිබේ.


1 කාණ්ඩයට අයත් ක්‍රීඩකයින්

කුමාර් සංගක්කාර

මහේල ජයවර්ධන

නුවන් කුලසේකර

ඇන්ජලෝ මැතිව්ස්

රංගන හේරත්

දිනේෂ් චන්දිමාල් ( 2වන කාණ්ඩයේ සිට පළමු කාණ්ඩයට ඇතුළත් කර ඇත)


2 කාණ්ඩයට අයත් ක්‍රීඩකයින්

ලහිරු තිරිමාන්න ( 3වන කාණ්ඩයේ සිට 2 වන කාණ්ඩයට ඇතුළත් කර ඇත)

අජන්ත මෙන්ඩිස්


3 කාණ්ඩයට අයත් ක්‍රීඩකයින්

කුසල් ජනිත් පෙරේරා ( 4 වන කාණ්ඩයේ සිට 3 වන කාණ්ඩයට ඇතුළත් කර ඇත)

තිසර පෙරේරා


4 කාණ්ඩයට අයත් ක්‍රීඩකයින්

ෂමින්ද එරංග

සචිත්‍ර සේනානායක

කෞෂාල් සිල්වා ( පළාත් කාණ්ඩයේ 1 අංශයේ සිට ජාතික මට්ටමේ කාණ්ඩ 4 ඇතුළත් කර ඇත)

සුරංග ලක්මාල්



විශේෂ අංශය

තිලකරත්න ඩිල්ෂාන්

ලසිත් මාලිංග

ප්‍රසන්න ජයවර්ධන


ඉකුත් වසරේ දෙසැම්බර් 31දා වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඉහත කාණ්ඩවලට ඇතුළත් කර ඇත.

එසේම ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන අනුව ද මෙවර වර්ධක ලබාදීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

2013 වසරේ ක්‍රීඩකයන් 23 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් ලබාදුන්නත් මෙම වසරේදී එය ක්‍රීඩකයන් 17 දක්වා අඩුකර තිබීමද විශේෂත්වයකි.
 
Top