රන් පෙන්ඩන්ට් පෙට්ටිය සොරා ගත් කතුන් දෙදෙනා CCTV කැමරාවෙන් මාට්ටු | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මොරටුව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සලකට පැමිණි කාන්තාවන් දෙදෙනකු තම සිගිති දියණිය යොදවමින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන් පෙන්ඩන්ට් සහිත පෙට්ටියක් සොරා ගන්නා ආකාරය එම වෙළෙඳස‍ලේ සී.සී.ටී.වී. කැමරා ආශ්‍රයෙන් අනාවරණය වූ බව එම වෙළෙඳසල හිමියෝ කියති.

පසුගිය 23දා සිගිති දියණිය සමග වෙළෙඳසලට පැමිණ ඇති මොවුන් අත තවත් කුඩා අත දරුවකු ද සිට ඇති අතර

රන් භාණ්ඩ පරීක්ෂා කර මිලදී නොගෙන පිටව ගොස් ඇති බවද කියති.

දිනය අවසානයේදී වෙළෙඳසල වසා තොග ගණනය කිරීමේදී රන් භාණ්ඩ පෙට්ටියක අඩුවක් ඇති බව පෙනී ගොස් ඇති නිසා වෙළෙඳසල් හිමියන් ආරක්ෂක කැමරා පටිගත වීම් නිරීක්ෂණය කිරීමේදී මේ පිළිබඳව අනාවරණය කරගෙන ඇත. 







ඡායාරූප අනුග්‍රහය ලංකාදීප
 
Top