මම ආයෙත් රඟපානවා - උදාරි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඕනෑම අම්මා කෙනෙක් වගේම තමන්ගේත් එකම අරමුණ දරුවගෙ වැඩවලට මුල් තැන දීම බව උදාරි  පවසනවා. උදාරි මෙහෙම කියන්නේ වසරක් විතර කාලයක් සිංගප්පූරුවේ ගත කරමින් සිට මෙහි පැමිණියාට පසුවයි. දැන් දුව ටිකක් ලොකු නිසා තමා රගපෑමට නැවතත් එක්ව සිටින බවත් සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇය පවසා තිබෙනවා. එම සාකච්ඡාව පහතින්

කොහොමද උදාරි, මොනවද අලූත් විස්තර?
අවුරුදු දෙකක් විතරම හිටියෙ සිංගප්පූරුවෙ. ඒත් මාස දෙකින් දෙකට වගේ ලංකාවට ඇවිත් ගියා. මේ මාසෙන් පසුව දිගටම ලංකාවේ ඉන්නයි කල්පනාව.

නැවතත් රගපෑමට එක්වෙන්නද සූදානම?
සූදානම නෙවෙයි, දැනටමත් රගපෑමේ කටයුතු බාරගෙනයි තියෙන්නේ.

මොනවද බාර ගත්ත දේවල්?
නිල්වලා ආයතනයේ සහ තවත් මෙගා නාට්‍ය කීපයක රගපෑම් බාරගත්තා.

සමහරු මෙගා නාට්‍ය ප‍්‍රතික්ෂේප කරනවා. ඒත් ඔබ ඒවාට ආසයි වගේ?
අද මෙගා කිව්වට ඒවා බොහෝ වෙලාවට සීමා වන්නේ කොටස් සියයකට වගෙයි. ඉතින් ඒවගේ නාට්‍යවල රගපාන්න කැමතියි.

සමහර ශිල්පිනියන් මවක් වුණාට පස්සේ එක්කෝ රගපෑමෙන් ඉවත් වෙනවා. නැත්නම් සෑහෙන කාලයක් ගිහින් රගපෑමට එක්වෙන්නේ. ඒත් ඔබ ඉක්මනට නැවත රගපෑමට ඇවිත්. ඒ ගැන මොනවද කියන්න පුළුවන්?
මවක් තම යුතුකම් වටහා ගන්න ඕනෑ. ඒ යුතුකම් ඉටු කරන අතරේ, මට මගේ ආදරණීය පේ‍්‍රක්ෂක ජනතාවගෙන් ලැබුණ ආදරයට ගරු කරන්නත් ඕනෑ. දරුවා ලැඛෙන්නට පෙර මම ජනප‍්‍රිය නිළිය සම්මානය රැගෙන ගෙදර ගියේ. ඉතින් පේ‍්‍රක්ෂක ජනතාවගේ ඒ ආදරයට මම ගරු කරන්න ඕනෑ.

නැවතත් ඒ ජනප‍්‍රියත්වය ලැබේවි කියලා හිතනවද?
ඒක මට නැතිවෙලා නැහැ. මට ඉන්නෙ අවංක පේ‍්‍රක්ෂක පිරිසක්.

ඒ කියන්නේ ඔබ රගපාන්න ජනප‍්‍රියත්වය වෙනුවෙන්මද?
ඒ වෙනුවෙන්ම නෙවෙයි. රගපෑම මගේ විනෝදාංශයයි. ඒ නිසා පේ‍්‍රක්ෂකයින් පිනවීමට ලැබීම භාග්‍යයක්.

රගපෑමෙන් පේ‍්‍රක්ෂකයින් පිනවීම විතර ද බලාපොරොත්තු වන්නෙ?
පේ‍්‍රක්ෂකයින් පිනවීම සරල කාරණයක් නෙවෙයි. ඒ වෙනුවෙන් හොඳ රගපෑමක්, හොඳ නිර්මාණයක් කරන්න ඕනෑ. සරල හෝ ශාස්ත‍්‍රීය ඕනෑම දෙයක් හරියට කරන්න ඕනෑ.

සැමියාගෙන් මේ කටයුතුවලට හොඳ දායකත්වයක් ලැඛෙනවද?
ඇත්තටම සුජිත් මට ලොකුම හයියක්. ඒ වගේ කෙනෙක් ලැබීම මගේ වාසනාවක්. කලා කටයුතුවලට මාව උනන්දු කරවන්නේ එයා.

දැන් සැමියත් රගපානවා කියලා ආරංචියි?
එයාට රගපාන්න තියා හෙල්ලෙන්න එවලාවක් නැහැ. වෛද්‍යවරයකු හැටියට සුජිත් අතිශයින්ම කාර්ය බහුලයි.

එහෙම නම් ඔහු සහ ඔබ පෙනී සිටි වීඩියෝ එක මොකක්ද?
සුජිත්ගෙ උපන් දිනයට මට එයාට තෑග්ගක් දෙන්න ඕනෑ වුණා. ඒ නිසා සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ ලිව්ව ගීතය භාතිය - සන්තුෂ් සංගීතවත් කළා. මම ගැයුවා. සිංගප්පූරුවෙ අපේ ගෙදර අපේ පරිසරයේදී සියල්ල රූගත කළේ ඉන්දික මල්ලවාරච්චි අයියා. ඒ විදියට තමයි මම සුජිත්ට මියුසික් වීඩියෝ එකක් කළේ. ඒ ආදර කතාවට මමයි සුජිතුයි හැර වෙන කවුරුවත් අවශ්‍ය නැහැ. ඇත්තටම ඔහුටත් හොඳට රගපාන්න පුළුවනි.

මවක් වූ හැටියෙ බොහෝ කාන්තාවන් මහත් වෙනවා. ඒත් ඔබ පෙරටත් වඩා නම්‍යශීලී පෙනුමින් යුතු බවයි බොහෝ දෙනා කියන්නේ? මොකක්ද එහි රහස?
දරුවා ප‍්‍රසූත කළ දවස්වල මම ගොඩක් තරබාරු වුණා. රාත‍්‍රියට නින්ද නොයන තරමටම එය පීඩනයක් වුණා. ඒත් අපේ තාත්තා මට ව්‍යායාම් ගැන කියලා දුන්නා. තාත්තා ගුවන් හමුදාවේ ක‍්‍රීඩා අංශයේ නිලධාරියෙක්. දැන් විශ‍්‍රාමිකයි. තාත්තා කියාදුන් පුහුණුවීම් කළා. ආහාරපානවලදී පවා ගොඩක් සැලකිලිමත් වුණා. තෙල් කෑම ගොඩක්ම අඩු කළා. ඒ නිසා ඉක්මනට සුපුරුදු නම්‍යශීලී හැඩයට හදාගන්න පුළුවන් වුණා.

කොහොම වුණත් ”මවක්” රගපෑම හොඳ දෙයක්ද?
මව සහ රඟපෑම කියන්නේ දෙකක්. රඟපෑම මම මගේ ගෙදරට ගෙනියන්නේ නැහැ. මේ දක්වා දරුවාගේ වැඩ කළේ මමයි. කාටවත් ඒවා බාර දුන්නෙ නැහැ. ඒ නිසා කිසිවක් පටලවාගෙන යමක් කරන්න මම කැමති නැහැ.

සමකාලීන ටෙලි ශිල්පිණියන් සමග ඔබගෙ බැඳීම් මොන වගේද?
පසුගිය කාලය පුරාවට කවුරුවත් ඇසුරු කරන්න බැරි වුණා.


පසුගිය කාලයේදී ටෙලි කෂේත‍්‍රයේ බොහෝ දෙනා ගැන විවිධ කතා අහන්න ලැබුණා. ඒ ගැන මොකද හිතන්නේ?
කටකතා උපරිමයි, අන්නතයි තමයි. ගොඩක් දේ ගැන දකින් අහන්න ලැබුණත් තමයි. ඒත් සමහර විට මතුපිටින් දකින දේට වඩා ඇතුළාත්නය වෙනස් වෙන්න පුළුවනි.

සිංගප්පූරුවේ ටෙලි නාට්‍ය විකාශය වන්නෙත් මේ විදියටද?
නැහැ, එහෙ ගොඩාක්ම තියෙන්නේ විකට ඒවා. ඒ අතින් අපේ නිර්මාණ සහ අපේ නළු නිළියන් ඉතා විශිෂ්ටයි.

දුව ගැන මොනවද කියන්න පුළුවන්?
මවක ලෙස මගෙන් ඉටුවිය යුතු සියල්ල සැමදා කරනවා. මුල් තැන මගේ පවුලටයි.

කවුද ක්ෂේත‍්‍රයේ සිටින ඔබගේ හොඳම යාළුවෝ?

හොඳම යාළුවෝ නැහැ. ඒත් ඔක්කොමලා හොඳ යාළුවෝ.
 
Top