ශලනිට අමතක නොවන දුරකථන ඇමතුමක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සිරස කුමරි තරගය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ශලනි තාරකා සැබවින් ම අද ජනප්‍රිය නිළියක් සද පිණි බිදක ටෙලිනාට්‍ය හරහා ද මේ දිනයන්හි ඇය ඔබට දැක ගන්නට පුළුවන්. ස්වර්ණවාහිනියේ මනාලියන්ට අන්දවල විස්තර කරන වැඩසටහනක මනාලියකට ඇඳන් හිටි අවස්ථාවේ පටන් ඇය තවමත් කැමරාව ඉදිරියේ රංගනයේ යෙදෙමින් සිටිනවා.

2007 අවුරුද්දේ සිරස කුමරිය ලෙස කිරුල හිමි කරගැනීම ඉතාම අනපේක්ෂිත සිදුවීමක් බැව් ශලනි මාධ්‍යක් හා එක්වෙමින් පැවසුවා ය. අනෙක් ගැහැණු ළමුන් වගේ ම ශාලිනිත් අඬනවලු එත් ඒ නිකන් නම් නෙවෙයි ඉකි ගගහ ඉතිං හැමදාම වගේ අඬනවාලු....

ජනප්‍රිය නිළියන්ට දුරකථන ඇමතුම් එන එක සාමාන්‍ය දෙයක් ශලනිටත් ඒ වගේ

දුරකථන ඇමතුම් ඇවිත් තියෙනවාලු පසු ගිය දිනක හද ගැස්ම මාධ්‍ය හමුවට එක්ව ඇය පැවසු ඒ අමතක නොවන දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

එක්තරා පිරිමි ළමයෙක් මුල් කාලේ ඉඳලම ශලිනිට call කරාලු.. SMS එහෙමත් එව්වලු එත් ඇය ඒවට රිප්ලයි කළත් නැතත් ඔහු හැමදාම වගේ SMS කළාලු....

පස්සේ නිතරම වගේ call කර කර ආදරය කරන්න පටන් ගත්තාලු.... ඔහු අවුරුදු ගාණක් තිස්සේ ශලිනිගේ ගෙදරට තෑගි බෝග පවා එව්වලු... ඒ තමයි ශලනිට ලැබුණු අමතක නොවන දුරකථන ඇමැතුම.

ශලනිට ක්ෂේත්‍රයේ දැන් ඉන්න හොදම කිහිප දෙනෙකුත් ඉන්නවා. සාරංග දිසාසේකර , ඩිනක්ෂි, ශේෂාද්‍රි, හෂිනි ගෝනගල, මේ අය ඒ අතරින් විශේෂයි.

ශලනිට මෑතක දි ඉදන් රංගනයේ යෙදෙන කොට අපහසුතාවයකට පත් වූ බව පවසමින්,.

"මට ප්‍රේම ජවනිකා රඟපාද් දි නම් කිසිම අපහසුතාවක් දැනිලා නෑ....... හැබැයි මට මේ මෑතක් වෙනකල්ම යටිගිරියෙන් කෑගහන්න බෑ. සැබෑ ජීවිතයේදීත් මොකක් හරි කරදරයක් වුණත් මට කෑගහගන්න බෑ..... හිරවෙනවා. වචන පිටවෙන්නේ නෑ.....

රඟපාද් දි අවශ්‍ය වෙලාවට කෑගහගන්න බැරිව මම හරියට අපහසුතාවට පත්වෙනවා. මේ ළඟ දි රූගත කරපු 'ස්පන්ධන' කියන චිත්‍රපටයෙ දි තමයි මම හරියටම කෑගහන්න පටන් ගත්තේ."

කැමරාව ඉදිරියේ දි ශලනිගේ පළමු පෙම්වතා ලෙස රංගනයේ යෙදී සුරාජ් මාපා ය.

ශලනිට අවුරුදු දොළහේ විතර ඉඳන් ප්‍රේම යෝජනා එනවලු..... ඉතින් ශලනිට මුලින් ම "I Love You" කියපු කෙනාව නම් හරියට මතක නෑලු..... එත් පෙම්වතෙක් අයට දුන්නු මුල්ම තෑග්ග නම් හොදට මතකයිලු.... ඒ විදිහට අයට මුලින් ම ලැබිල තියෙන්නේ පෑනක් සමග චොක්ලට් එකකි.

2005 වසරේ පෙම්වතියක් වුණු ශලනිගේ අතට ලැබුණු ලොකුම ත්‍යාගය වුණේ සිරස කුමරිය වීමෙන් පසු ඇයට ලැබුණු ලක්ෂ 10යි. ගොඩක් වෙලාවට මහන්සිවෙලා වැඩ කළාට පස්සේ ලැබෙන්න ඕන සල්ලි නොදුන්නම රඟපෑම තිත්ත වෙලා තියෙන බවත් ඇය පවසා තිබුණි.

"ඇයි අපි මෙහෙම බාල්දු වෙන්නේ...." කියලා පවා ඇයට හිතිලා තියෙනවාලු.
 
Top