ශේෂාද්‍රි ප්‍රියසාද් ජනවාරි මස යුගදිවියට ! | Gossip lanka news Sinhala News Sinhala Cinema News

චිත්‍රපට අධ්‍යක්ෂක මෙන්ම නිෂ්පාදක වරයෙකු වන දිනේෂ් ප්‍රියසාද් ගේ දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් ලබන වසරේ ජනවාරි මස යුග දිවියට එළඹීමට සුදානමින් පසුවන්නේ යැයි වාර්තා වේ.
ශේෂාද්‍රි අතිනත ගැනීමට සුදානම් වන්නේ සම්පත් ද සිල්වා සමගිනි. සම්පත් ද සිල්වා යනු ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වා මහතාගේ පුතුය.

රන්ජන්ද සිල්වා මහතා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකුද වේ. ඔහුගේ ජනප්‍රිය ටෙලිනාට්‍යය අතර රතුරෝස, සුදු පරෙවියෝ, උදාගිර, අරවින්ද සහ ඉන්දු, සංග්‍රාමය වේ.
දිනේෂ් ප්‍රියසාද් පවුල සහ රන්ජන් ද සිල්වාගේ පවුල අතර වසර තිහකට අධික

සම්බන්ධතාවක් තිබී ඇතිඅතර එහි ප්‍රතිඵලයකි දෙපාර්ශවයේ කපුකම සිදුකොට ඇත්තේ ප්‍රේමසිරි කොඩිකාර මහතා විසිනි.

එම යෝජිත විවාහයට දෙපාර්ශවයේම කැමැත්ත හා ආශීර්වාදය මේවනවිට හිමිවී ඇතිඅතර විවාහ උත්සවය ලබන වසරේ ජනවාරි මස සිදුකිරීමට සැලසුම් කොට ඇත. කිංග්ස්බරි හෝ ලේක්සයිඩ් හෝටලයේ විවාහය පැවැත්වීමට සුදානමින් පසුවන අතර තවමත් නිශ්චිතවම පැවැත්වෙන හෝටලය අප වෙත තහවුරු වී නොමැත.

විවාහ වීමට සුදානම් වන ශේෂාද්‍රි හා සම්පත්ගේ පෙම් සම්බන්ධතාවයකට මාස හයකි. ශේෂාද්‍රි ගේ පෙම්වතා වන සම්පත් ද සිල්වා සිංගප්පුරු ජාතික විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය හා තොරතුරු තාක්ෂනය පිලිබඳ උපාධිධාරියෙකු වන අතර මේවනවිට ඔහු රැකියාවක නිරත වේ. 








 
Top