අපි ඇතුළෙදී කෙලගෙන එලියට ඇවිත් කරට අතදා ගෙන කැන්ටිමෙන් තේ බොනවා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පාර්ලිමේන්තුව ඇතුළෙදී අපි බැනගෙන හැප්පිලා හැප්පිලා එලියට ඇවිත් දෙන්නම කරට අතදා ගෙන කැන්ටිමෙන් තේ බොනවා යයි යැයි ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මතුගම ශ‍්‍රවණාගාරයේදී කීවේය.
පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සම්පත් අමාත්‍යංශය මගින් කළුතර දිස්ත‍්‍රික්කයේ තෝරාගත් සත්ත්ව පාලන ගොවීන් සදහා අභිජනනය කළ කිකිළි පැටවුන්, පොල් පැළ සහ කිරි එකතු කිරීමේ භාජන බෙදා දීම සදහා පැවති උත්සවයේදී ඇමතිවරයා එසේ ප‍්‍රකාශ කළේය.

‘එහාට බනිනවා මෙහාට බනිනවා. කෑගහගන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන් හරියට

පොර කුකුල්ලූ වගෙයි. කෙළගන්නමයි බලන්නේ. පාර්ලිමේන්තුවේ ඇතුළෙදී අපි කෙළගන්නවා. මෙහෙම බැනගෙන බැනගෙන දෙන්නා හැප්පිලා හැප්පිලා එළියට ඇවිල්ලා කරට අතදාගෙන කැන්ටිමට ගිහිල්ලා තේ බොනවා. විපක්ෂයේ අය ඒ පැත්තෙන් එනවා. අපි මේ පැත්තෙන් යනවා.ඔක්කොම කරට අතදාලා මචං කියලා තේ එක බොනවා. ඇත්තමට පාර්ලිමේන්තුවේ වෙන්නේ මේක.

අද කුකුළු ජාති කීපයක් ඉන්නවා.සට හදන කුකුල්ලූ බොයිලර්.බිත්තර සදහා හදන එවුන් ලේයර්. ගමේ ඇති කරන්නේ ගම් කුකුල්ලූ. ඊට පස්සේ ඉන්නවා පොර කුකුල්ලූ කියලා ජාතියක්. ඉස්සර මොවුන්ව දාලා කුකුලන් කෙටවීමත් කළා. උන්ගේ වැඬේ කොටා ගන්න එකමයි. හරියට අපේ දේශපාලඥයෝ වගෙයි. කිකිළි පැටවුන් වුණත් හරියට බලාගන්න ඕනෑ. දැන් බිත්තරයක් රුපියල් 15-20යි. මාසෙකට ලොකු ආදායමක් ගන්න පුළුවන්’ යයිද ඇමතිවරයා එහිදී කීය.
 
Top