ඇමැති දයාශ්‍රිත නිවාඩුවකට යද්දී සනීපාරක්ෂක තුවාත් අරන් ගිහින් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

රාජ්‍ය සංවර්ධන සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා මහනුවර පන්විල ගල්පීල්ල බංගලාවේ නතරවීමට පැමිණි දින තුනක කාලයකට ඇමැතිවරයාගේ පරිභෝජනය සඳහා යැයි කියමින් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ මුදලින් මිලට ගෙන ඇති භාණ්ඩ අතර කාන්තා සනීපාරක්‍ෂක තුවා පැකට් දෙකක්ද වේ.
මේ සනීපාරක්‍ෂක තුවා පැකට්ටු දෙකද ඇතුළුව ඇමැතිවරයා වෙනුවෙන් යැයි කියමින් රුපියල් දස දහස් හත්සිය හැටහතක් වටිනා පාරිභෝගික භාණ්ඩ මිලදී ගෙන ඇත්තේ දැනට තනතුරෙන් ඉවත් කර සිටින ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා වූ ආචාර්ය විමල් විමලදාස මහතාය.
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවා සඳහා

පසුගිය අප්‍රේල් මස 23 වනදා ගෙවීම් සිදුකල අංක 524 වවුචර්යේ එම වියදම් සඳහන් වන අතර එම වියදම් පියවා ගැනීමට අංක 208077 යටතේ චෙක්පතක් විමලදාස මහතා නමින් නිකුත්කොට ඇති අතර ඔහු අත්සන් කොට එය බාර ගෙනද තිබේ.

මේ පිලිබඳ දයාශ්‍රිත තිසේරා මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වන රොහාන් මහතා වෙබ් අඩවියකට ප්‍රකාශ කර තිබුනේ මෙවන් දෙයක්

"ආචාර්ය විමල් විමලදාස ගැන පරීක්ෂණයකුත් මේවන විට පැවැත්වෙනවා..ඒ ගැන මම නම් දන්නේ නැහැ සභාපති මොනවා ගෙනහින් තියෙනවද කියල..

ආයතනයෙන් බඩුවක් ගන්නකොට ඒ ගොල්ලෝ බිල්පොතක් දාන්න ඇති. විමල් විමලදාස දැන් අයින් කරලා තියෙන්නේ..එක එක කාරනා හේතුවෙන්..එයාට ඕන බිලක් එයා දාගන්න ඇති..දැන් මම ගියා කියල හිතන්නකෝ..මම ගිහින් ගෙනාපු බඩු ලිස්ට් එකේ බිල්පත පෙන්නන්න කියල කියන්නේ නැහැනේ.."


 
Top