Fire at BMICH Premises

බී එම් අයි සී එච් එකේ ගින්න

අද සෙනසුරාදා දහවල් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුපස ඉදිකර තිබුණ ශාලාවේ ගින්නක් හටගත් අතර එය නිවා දැමීමට ගිනි නිවන හමුදාවද කැඳවුවා.
සිද්ධිය වන අවස්ථාවේ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයක්ද පැවති අතර ඒ නිසා විශාල පිරිසක්ද එහි රැඳී සිටියා. නමුත් දවල් 11ට පමණ ඇතිවූ ගින්නෙක් කිසිවෙකුට හානියක් නොවූ බවත්

ගින්න සාර්ථකව මැඩපැවැත්වූ බවත් පොලිසිය පසුව ප්‍රකාශ කළා.
ගින්නට හේතුව තවම අනාවරණය නොවේ.
මෙම ගින්න හටගත්තේ සම්මන්ත්‍රණ ශාලාව වසාදමා ඉදිකිරීම් පැවති කාලයේ උත්සව සඳහා බහුල වශයෙන් යොදාගත් තාවකාලිකව ඉදිකළ ශාලාවෙහිය.චොගම් පැවති කාලයේ මාධ්‍ය මධ්‍යස්ථානය ලෙස භාවිත කලේද එම ශාලාවයි.ගින්න නිසා එයට දැඩි අලාභහානි සිදුවුණා.
සිද්ධිය අවස්ථාවේ පටිගත කළ වීඩියෝවක් පහතින්

මා වරදක්‌ කළේ නැහැ! විදුහල්පති හාමුදුරුවෝ මට හොඳටම ගැහුවා

පුතාගේ උදරයේ සෛල මැරිලා
මාස 02 ක්‌ ළමා රෝහලේ ප්‍රතිකාර ගත්තා
- දරුවාගේ මව කියයි


ගිරිඋල්ල, අධ්‍යාපන කලාපයට අයත් අලව්ව - හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වැහැර සුධම්ම හිමියන් වෙතින් නොකළ වරද කට එහි ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් දඬුවම් කර තිබෙන පුවතක් වාර්තා වෙනවා.
" මට මගෙ පන්තියේ හිටපු හොඳම යාළුවො නැති වුණා. ඒ ගැන දුකයි. ඒත් මට ආයෙ ඒ ඉස්‌කෝලෙට යන්න බෑ......" මම වදරක්‌ කරලා නැති වුණත් විදුහල්පති හාමුදුරුවෝ මට හොඳටම ගැහුවා. මට වෙන ඉස්‌කෝලෙකට යන්න ඕනෑ." යෑයි ගිරිඋල්ල, අධ්‍යාපන කලාපයට අයත් අලව්ව - හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති

වැහැර සුධම්ම හිමියන් වෙතින් නොකළ වරදකට අමානුෂික අන්දමින් දඬුවම් ලැබූ එම විද්‍යාලයේම 04 බී. ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එල්. හංසික ශ්‍රී ඉඳුරංග ලියනගේ සිසුවා " දිවයින" ට කීය.

"මම වරදක්‌ කළා නම් මමත් එක්‌ක ගිනි පෙට්‌ටිය ගේන්න කැන්ටිමට ගිය නිපුනගෙනුයි තරුපතිගෙනුයි අහලා බලන්න....,"

" මම ජාතික ගීය කියන කොට දුවන්න ගියෙ නෑ......., සීරුවෙන් හිටියා. ලොකු පංතියක අයියා කෙනෙක්‌ එතනින් දිව්වේ. මමත් එක්‌ක හිටිය යාළුවො දෙන්නත් ඒක දැක්‌කා......"

මේ පිළිබඳ අදහස්‌ දැක්‌ වූ හංසික ශ්‍රී ඉඳුරංග ලියනගේ සිසුවාගේ මව වන හුම්බුළුව, උඩත්තවගෙදර චන්ද්‍රd ජයවික්‍රම මහත්මිය මෙසේ කීවාය.

මට ගිය බදාදා (20දා) දින පුතාලගෙ පංතියට උදේ කෑම වේල තිබ්බෙ. මම කෑමත් හදාගෙන පුතා ඉස්‌කෝලෙ යන වෙලාවටම ඉස්‌කෝලෙට ගිහින්, පංතිය සුද්ධ කරලා බුදු පහන පත්තු කරන්න ගිනි පෙට්‌ටියක්‌ බැලුවත් තිබ්බෙ නෑ. මම පුතාට සල්ලි දීලා කිව්වා කැන්ටිමෙන් ගිනි පෙට්‌ටියක්‌ අරගෙන එන්න කියලා. පුතා තව පුතාල දෙන්නෙක්‌ එක්‌ක ගිනි පෙට්‌ටියක්‌ කැන්ටිමෙන් අරගෙන එනකොට ඉස්‌කෝලෙ පටන් ගන්න බෙල් කරලා ජාතික ගීය වාදනය වෙලා.

පුතාල ජාතික ගීයට සීරුවෙන් ඉඳලා තියෙනවා. එතැනින් ලොකු පන්තියක පිරිමි දරුවෙක්‌ දුවගෙන ගිහින් තියෙනවා.

නමුත් විදුහල්පති හාමුදුරුවො මගෙ පුතත් එක්‌ක හිටිය පුතාල දෙන්න කාර්යාලයට ගෙන්වලා මගෙ පුතාට තමයි හොඳටම ගහලා තියෙන්නෙ. මම ඒ වෙන කොට පුතාගෙ පංති කාමරයෙ හිටියෙ. අනිත් පුතාල දෙන්නා මට ඇවිත් කිව්වා නැන්දෙ හංසිකට හාමුදුරුවො හොඳටම ගහනවා කියලා. මම දුවගෙන කාර්යාලයට ගියා. පුතා කෑ ගහනවා මම නෙවෙයි දිව්වෙ කියලා. මම කිව්වා හාමුදුරුවන්ට මගෙ පුතාට ගහන්න එපාය කියලා.

ඒත් ගානකට ගත්තෙ නෑ....., පස්‌සෙ පුතාව මගෙ ළගට ඇදලා ගත්තා. නැත්නම් පුතාට හොඳටම ගහනවා. මට බලාගෙන ඉන්න බැරිම තැන තමයි පුතාව ඇදලා ගත්තෙ.

පුතා අසනීප දරුවෙක්‌, හාමුදුරුවො ඒ ගැනවත් හිතුවෙ නෑ. පුතාගෙ උදරයේ සෛල මැරිලා රෝගීව බොරැල්ල ළමා රෝහලේ නතර වෙලා මාස 02 ක්‌ ප්‍රතිකාර කරලා පුතාට සුව වුණාට පස්‌සෙ මාසෙකට විතර කලිනුයි ඉස්‌කෝලෙ යන්න පටන් ගත්තෙ......,

මගෙ පුතාට වුණු අසාධාරණය ගැන මම පොලිසියට පැමිණිලි කළා. වැරැද්දට දඬුවම් දුන්නට කමක්‌ නෑ. ඒත් වරද කළේ කවුරුවත් දඬුවම් දුන්නෙ කාටවත්. පුතාට ආයෙ ඉස්‌කෝලෙ යන්න බෑ කියනවා. දැන් පුතාගෙ ඉස්‌කෝල ගමනත් නතර වෙලා. වැරැද්දක්‌ කළා නම් දඬුවම් කරන්න ඕනෑ. ඒක මමත් පිළිගන්නවා. ඒත් මේ වගේ නිරපරාදේ අමානුෂිකව දඬුවම් කරන්න හොඳ නෑ. හාමුදරුවන්ට දරුවන් පේන්න බැරි වුණාට දරුවන්ට දෙමාපියො ආදරෙයි. මේ වගේ සිද්ධි මීට කලින් මේ පාසලේ වුණේ නෑ. මගෙ පුතාට වුණු අසාධාරණකම් වෙනත් දුවලා පුතාලට නම් වෙන්න ඉඩ තියන්න එපා යෑයි ඇය වැඩිදුරටත් පැවැසුවාය.

සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු හුම්බුළුව විද්‍යාලයේ විදුහල්පති වැහැර සුධම්ම හිමියන් පොල්ගහවෙල මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප නියම කිරීමෙන් පසු වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් මස 19 වැනි දිනට කල් තැබූ මහෙස්‌ත්‍රාත්වරයා අමානුෂික අන්දමින් සිසුනට දඬුවම් නොපමුණුවන ලෙස අවවාද කිරීමෙන් පසු මුදා හැර තිබේ.

ශේෂාද්‍රි ප්‍රියසාද් ජනවාරි මස යුගදිවියට !

චිත්‍රපට අධ්‍යක්ෂක මෙන්ම නිෂ්පාදක වරයෙකු වන දිනේෂ් ප්‍රියසාද් ගේ දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් ලබන වසරේ ජනවාරි මස යුග දිවියට එළඹීමට සුදානමින් පසුවන්නේ යැයි වාර්තා වේ.
ශේෂාද්‍රි අතිනත ගැනීමට සුදානම් වන්නේ සම්පත් ද සිල්වා සමගිනි. සම්පත් ද සිල්වා යනු ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වා මහතාගේ පුතුය.

රන්ජන්ද සිල්වා මහතා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකුද වේ. ඔහුගේ ජනප්‍රිය ටෙලිනාට්‍යය අතර රතුරෝස, සුදු පරෙවියෝ, උදාගිර, අරවින්ද සහ ඉන්දු, සංග්‍රාමය වේ.
දිනේෂ් ප්‍රියසාද් පවුල සහ රන්ජන් ද සිල්වාගේ පවුල අතර වසර තිහකට අධික

සම්බන්ධතාවක් තිබී ඇතිඅතර එහි ප්‍රතිඵලයකි දෙපාර්ශවයේ කපුකම සිදුකොට ඇත්තේ ප්‍රේමසිරි කොඩිකාර මහතා විසිනි.

එම යෝජිත විවාහයට දෙපාර්ශවයේම කැමැත්ත හා ආශීර්වාදය මේවනවිට හිමිවී ඇතිඅතර විවාහ උත්සවය ලබන වසරේ ජනවාරි මස සිදුකිරීමට සැලසුම් කොට ඇත. කිංග්ස්බරි හෝ ලේක්සයිඩ් හෝටලයේ විවාහය පැවැත්වීමට සුදානමින් පසුවන අතර තවමත් නිශ්චිතවම පැවැත්වෙන හෝටලය අප වෙත තහවුරු වී නොමැත.

විවාහ වීමට සුදානම් වන ශේෂාද්‍රි හා සම්පත්ගේ පෙම් සම්බන්ධතාවයකට මාස හයකි. ශේෂාද්‍රි ගේ පෙම්වතා වන සම්පත් ද සිල්වා සිංගප්පුරු ජාතික විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය හා තොරතුරු තාක්ෂනය පිලිබඳ උපාධිධාරියෙකු වන අතර මේවනවිට ඔහු රැකියාවක නිරත වේ. 








සිරි සමන්ත භද්‍ර හිමි අරහත් වෙලා නෑ: විවාදයකට මා සූදානම්

පිටිදූවේ සිරිධම්ම හිමියන් පසුගිය කාලයේ තමන් සකෘද්ධාගාමී වූ බව පවසා මහා පරිමාන ප්‍රසිද්ධියක් ලබාගන්නා ලදි. අනතුරුව සිවුරේ පැහැයද වෙනස් කරගත් අතර නම ද සිරි සමන්ත භද්‍ර ලෙස වෙනස් කරගන්නා ලදි.
මීට පෙර පොහොය දිනයන්හිදී රූපවාහිනී වැඩසටහන් වලට නැතිවම බැරි කෙනෙක් වූ පිටිදූවේ සිරිධම්ම හිමියන් පසුගිය අවුරුද්දකට වැඩි කාලයක් රූපවාහිනියේ දක්නට ලැබුණේ නෑ. ඒ උන්වහන්සේ විසින් මාර්ගඵල අවබෝධකරගෙන ඇති බවට ගෙනගිය ව්‍යාජ ප්‍රචාරය නිසාය.
එම හේතුවෙන් උන්වහන්සේ ශාසනයෙන් ඉවත් කළ යුතු බවටද විශාල කතිකාවතක් ඇතිවී තිබුණි. පසුගිය පොහෝදා ස්වර්ණවාහිනි ධර්ම දේශනාව සජීවීව වැඩසටහන සිරි සමන්තබද්‍ර හිමියන්ගේ ආශ්‍රමයේ සිට පැවැත්වූ අතර

එහිදී උන්වහන්සේ තමාගේ නව දහම් අවබෝධය පිලිබඳ පැහැදිලිකරමින් ඒ සම්බන්ධව අභියෝගයක්ද මෙලෙස සිදුකරනු ලැබුවා.

"ඕනෑම කෙනෙකුට මාව පරීක්ෂා කරන්න ඉඩ තියනවා. උගතුන්, ඥානවන්තයන්, ශාස්ත්‍රවන්තයන්, ධර්මදරයන්, විද්‍යාඥයන්, දේශපාලඥයන්, සමාජයේ සියළුම තරාතිරම් වල මිනිස්සු මාව සභාවකට කැඳවලා මගෙන් ප්‍රශ්න කරලා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මාව පරද්දන්න. කිසිවෙකුට මාව පරාජයට පත්කල නොහැක"


ඒ අනුව උන්වහන්සේ අභියෝගාත්මකව කරන ලද ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් ඕනෑම මාධ්‍යයක සජීවී ප්‍රසිද්ධ විවාදයකට තමන් සූදානම් බව කෝට්ටේ, ඇතුල්කෝට්ටේ, දෙවැනි පටුමඟේ, ජයවීර මාවතේ, අංක 49/5 දරන ස්ථානයේ පදිංචි කිත්සිරි ආනන්ද මහතා පවසයි.

සිරිධම්ම හිමියන්ගේ ධර්ම ඥානය හෝ අවබෝධයට අභියෝග කළ හැකි කිසිවකු මේ මනුෂ්‍ය ලෝකයේ නැති බව උන්වහන්සේ ප්‍රකාශ කර ඇති බවත් මෙවැනි හාස්‍යජනක ප්‍රකාශ කිහිප අවස්ථාවකදීම උන්වහන්සේ කර ඇති බවත්, පෙන්වාදෙන කිත්සිරි ආනන්ද මහතා සිරිධම්ම හිමියන්ගේ මේ හැසිරීම් චිරාත් කාලයක් නිකළැල් ලෙස මහා සංඝරත්නය ආරක්‍ෂා කරගෙන ආ උතුම් ධර්මයට කරන අපහාසයක් බව තමන්ට ඔප්පු කළ හැකි බවද පවසයි.

උන්වහන්සේ පවසන ආකාරයේ ධර්ම ඥානයක් උන්වහන්සේට නොමැති බවත්, උන්වහන්සේගේ ප්‍රකාශ ධර්ම විරෝධී බවත්, එසේම ධර්මයට අනුව විමසන විට සමන්තභද්‍ර හිමියන්ට රහත් බව වැනි ඉහළ අධිගමයක් කෙසේවත් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවත් එය ඔප්පු කිරීමට තමන්ට හැකි බවද හෙතෙම පවසයි.

සමන්තභද්‍ර හිමියන් විවිධ හේතු දක්වා මේ විවාදයට මඟ නොහැර ඉදිරිපත් වන්නේ නම් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස උන්වහන්සේට සත්‍ය අවබෝධ කරගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම කළ හැකි බවත් ඒ සඳහා ධර්මාවබෝධය ඇති භික්‍ෂුන් වහන්සේ විශාල පිරිසක් වැඩසිටින බවත් කිත්සිරි ආනන්ද මහතා පෙන්වා දෙයි.

දවසකට කෝටි දහයක මුදල් යටගහන කටුනායක ඩියුටි ෆ්‍රී වංචාව

දෙවසරකට වැඩි කාලයක් විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගියකුට හිමි තීරු බදු රහිත භාණ්ඩ ලබාගැනීමේ වරප්‍රසාදය (ALLOWENCE) අක්‍රමිකව යොදා ගැනීමෙන් දිනකට රුපියල් දස කෝටිය (10,00,00,000) ඉක්ම වූ තීරු බදු වංචාවක් කටුනායක ගුවන්තොට ආශ්‍රිතව සිදුවන බව වාර්තාවේ.
දෙවසරකට වැඩි කාලයක් විදේශගතව මෙරටට එන එවන් ගුවන් මගියකුට ඇ.ඩොලර් 1750ක (රුපියල් 1750×135=2,36,250) දෙලක්‍ෂ තිස්හයදහස් දෙසීය පනහක උපරිමයකට යටත්ව තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලට ගැනීමේ වරප්‍රසාදය හිමිය.

එසේ වුවත් දින දෙක තුනක් විදේශගතව පැමිණෙන මගියකුටද

එම වරප්‍රසාදය හිමිකරදීමෙන් මේ වංචාව කෙරෙන බව හෙළි වී තිබේ.

එවන් ගුවන් මගියකුට හිමි වරප්‍රසාද යටතේ ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර වැනි විදුලි උපකරණ මෙන්ම විදේශ මත්පැන් තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිලට ගත හැකි අතර එම භාණ්ඩ එසේ මිලට නොගන්නා මගීන්ගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු ලේඛනවල භාණ්ඩ මිලට ගත් බව සඳහන් කර එම ගුවන් මගියාද සමඟ භාණ්ඩ ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පිටට ගෙන ඒමෙන් මේ වංචාව කෙරේ.

ගුවන්තොටුපොළ රාජකාරි කරන දූෂිත නිලධාරීන් කීපදෙනකුගේ සහ දේශපාලන රැකවරණය ලබන තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයන් සුළු පිරිසක් මේ ජාවාරම කාලයක් තිස්සේ කරගෙන එන බව අනාවරණය වී තිබේ.

ගුවන්තොට ආගමන විගමන ආරංචි පවසන අන්දමට දිනකට පැමිණෙන මගීන් සංඛ්‍යාව දහසක් ඉක්මවන බවය.
අඩුම තරමින් මේ ගුවන් මගීන් පිරිසගෙන් අඩක් (500) හෝ යොදාගෙන මේ වංචාව කෙරෙන්නේ නම් (1750×135×500=11,81,25,000) අවම වශයෙන් රුපියල් එකොළොස් කෝටි අසූඑක් ලක්‍ෂ විසිපන්දහසක් පමණ වටිනා භාණ්ඩ දිනකට වංචනිකව බැහැර කෙරෙන බවද ඒ අනුව රුපියල් දසකෝටියක (10,00,00,000) තරම් තීරු බදු වංචාවක් දිනපතා සිදුකෙරෙන බවද රේගු ගිණුම් ආරංචි කියයි.

මේ පිළිබඳ විමසීමේදී ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්‍ෂ සනත් නෝනිස් මහතා පැවැසුවේ කාලයක් තිස්සේ මේ කටයුත්ත සංවිධානාත්මක කල්ලියක් විසින් ක්‍රියාත්මක කරනු ලබන බවය.

මේ වංචාවට ගොදුරුකරගනු ලබන්නේ කාලයක් තිස්සේ මැදපෙරදිග සේවයේ යෙදී සිට පැමිණෙන ගම්බද කාන්තාවන් බවයි. තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ කිසියම් පිරිසක් මේ මගී කාන්තාවන් සමඟ කතාබහ කර ඔවුන්ට කිසියම් මුදලක් දෙන බවට පොරොන්දු කරවාගෙන ඔවුන්ගේ ලිපිලේඛනවල භාණ්ඩ ගත් බවට සටහන් කරවා ඔවුන් සමඟ භාණ්ඩ පිටකෙරෙන බවය.

මේ වංචාව අවම කිරීමට එම සාප්පු සංකීර්ණයෙන් අලෙවි කෙරෙන සෑම භාණ්ඩයකම 'තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් අලෙවි කළ බවට මුද්‍රාවක් තැබූ බවද කොළඹ මල්වත්ත පාරේ බොහෝ වෙළෙඳසල්වල ඇති බොහොමයක් භාණ්ඩවල මෙම මුද්‍රාව ඇත්තේ ඒ නිසා බවද පසුගිය දිනවල සැක සහිත ගුවන් මගීන් කීපදෙනකු පරීක්‍ෂා කර රුපියල් අසූදාහක් (80,000) පමණ වටිනා ශීතකරණ හයක් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත් බවද රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් වී. විජේවීර මහතාගේ උපදෙස් මත ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙන බවද නෝනිස් මහතා කීය.

ශ්‍රී ලංකා නිදහස් රජයේ රේගු වෘත්තීය සමිති සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.ඇම්.ආර්.පී. විජේකෝන් මහතා කීවේ දේශපාලන රැකවරණය ලබන 'මාෆියාවක්' මේ පසුපස ක්‍රියාත්මක වන බවයි. තම සංගමයේ නිලධාරීන්ට අවස්ථා කීපයකදීම දැලිපිහිකරුවන්ගේ අතවරවලට මුහුණ පෑමට සිදුවූ බවද මේ වංචාව අවම කිරීමට නම් මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විජේවීර සහ මුදල් නියෝජ්‍ය ඇමැතිතුමාගේ මැදිහත්වීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු කීය. 


සටහන - චන්ද්‍රසේන මාරසිංහ

ඇමැති දයාශ්‍රිත නිවාඩුවකට යද්දී සනීපාරක්ෂක තුවාත් අරන් ගිහින්

රාජ්‍ය සංවර්ධන සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා මහනුවර පන්විල ගල්පීල්ල බංගලාවේ නතරවීමට පැමිණි දින තුනක කාලයකට ඇමැතිවරයාගේ පරිභෝජනය සඳහා යැයි කියමින් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ මුදලින් මිලට ගෙන ඇති භාණ්ඩ අතර කාන්තා සනීපාරක්‍ෂක තුවා පැකට් දෙකක්ද වේ.
මේ සනීපාරක්‍ෂක තුවා පැකට්ටු දෙකද ඇතුළුව ඇමැතිවරයා වෙනුවෙන් යැයි කියමින් රුපියල් දස දහස් හත්සිය හැටහතක් වටිනා පාරිභෝගික භාණ්ඩ මිලදී ගෙන ඇත්තේ දැනට තනතුරෙන් ඉවත් කර සිටින ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා වූ ආචාර්ය විමල් විමලදාස මහතාය.
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවා සඳහා

පසුගිය අප්‍රේල් මස 23 වනදා ගෙවීම් සිදුකල අංක 524 වවුචර්යේ එම වියදම් සඳහන් වන අතර එම වියදම් පියවා ගැනීමට අංක 208077 යටතේ චෙක්පතක් විමලදාස මහතා නමින් නිකුත්කොට ඇති අතර ඔහු අත්සන් කොට එය බාර ගෙනද තිබේ.

මේ පිලිබඳ දයාශ්‍රිත තිසේරා මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වන රොහාන් මහතා වෙබ් අඩවියකට ප්‍රකාශ කර තිබුනේ මෙවන් දෙයක්

"ආචාර්ය විමල් විමලදාස ගැන පරීක්ෂණයකුත් මේවන විට පැවැත්වෙනවා..ඒ ගැන මම නම් දන්නේ නැහැ සභාපති මොනවා ගෙනහින් තියෙනවද කියල..

ආයතනයෙන් බඩුවක් ගන්නකොට ඒ ගොල්ලෝ බිල්පොතක් දාන්න ඇති. විමල් විමලදාස දැන් අයින් කරලා තියෙන්නේ..එක එක කාරනා හේතුවෙන්..එයාට ඕන බිලක් එයා දාගන්න ඇති..දැන් මම ගියා කියල හිතන්නකෝ..මම ගිහින් ගෙනාපු බඩු ලිස්ට් එකේ බිල්පත පෙන්නන්න කියල කියන්නේ නැහැනේ.."


Tharaka Probodani New


http://gossiplankalive.blogspot.kr/2013/11/tharaka-probodani.html

Tharaka Probodani New

Akalanka & Shachini Photos


http://gossiplankalive.blogspot.kr/2013/11/akalanka-shachini-new-photos.html

Akalanka & Shachini Photos

Jana Daluwaththa New


http://gossiplankalive.blogspot.kr/2013/11/jana-daluwaththa-new-photos.html

Jana Daluwaththa

Urban Renewal Fashion Editorial


http://gossiplankalive.blogspot.kr/2013/11/urban-renewal-fashion-editorial.html

Urban Renewal Fashion Editorial

Samanali Fonseka New


http://gossiplankalive.blogspot.kr/2013/11/samanali-fonseka-new.html

Samanali Fonseka New

Piumi Hansamali New Photos


http://gossiplankalive.blogspot.kr/2013/11/piumi-hansamali-new-photos.html

Piumi Hansamali New Photos

Oshadi's Son's First Birth Day


http://gossiplankalive.blogspot.kr/2013/11/oshadis-sons-birth-day.html

Oshadi's Son's First Birth Day

Ransi's Birthday party


http://gossiplankalive.blogspot.kr/2013/11/ransis-birthday-party-sirasa-tv.html

Ransi's Birthday party

Gayathri Dias new photos


http://gossiplankalive.blogspot.kr/2013/11/gayathri-dias-new-photos.html

Gayathri Dias new photos

Swarnamahal Miss Working Girl 2013


http://gossiplankalive.blogspot.kr/2013/11/swarnamahal-miss-working-girl-2013.html

Swarnamahal Miss Working Girl 2013

Kanchana Sandamali New Photos

http://gossiplankalive.blogspot.kr/2013/11/kanchana-sandamali-new-photos.html

Kanchana Sandamali New Photos

මම ලංකාවේ ජනාධිපති වෙනවාමයි… – සජිත් පේ‍්‍රමදාස

තමන් යන්නේ දිග ගමනක් බවත් ඒ ගමන නවතින්නේ ජනාධිපති පුටුවේ බවත් හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
පේ‍්‍රමදාස මහතා එසේ රන්න, දික්කුඹුර මංසන්ධියේදී ඉකුන් 19 වැනිදා සවස පැවති ජනහමුවක් අමතමිනි.
පාසල් ළමයින් ඇතුළු කුඩා දරුවන් පිරිසක් අතරේ ටිකිරි ළමා ගිණුම් පාස්පොත් බෙදාදීම නිමිත්තෙන් මෙම ජනහමුව පැවැත්විණි.
පේ‍්‍රමදාස මහතා මෙසේද කීය.

‘මගේ ගමන හුසේන් බෝල්ට් මීටර් 100 දුවනවා වගේ නෙවෙයි. මම යන්නේ මැරතන් ගමනක්. ඒ මැරතන් ගමනට මාත් එක්ක එකතුවෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ රටේ තිබෙන්නේ එජාපය සහ ශී‍්‍රලනිපය කියන දේශපාලන පක්‍ෂ දෙක පමණයි. කවුරු හිටියත් නැතත් මේ සෝඩා බෝතලේ කැඩුවා වගේ බිහිවන පක්‍ෂ පවතින්නේ කෙටි කාලයයි. ඒප ක්‍ෂ පස්සේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා. එදා රාජාලියාගේ පක්‍ෂයක් බිහිවුණා. අද ඒ පක්‍ෂය නැතිවෙලා ගිහින්. ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තරයේ අවධානයට ලක්වෙන විට මේ රට තුළ ලොකු පෙරැළියක් ඇතිවේ යැයි බොහෝ අය සිතුවා. රටේ ජනතාවට සහන ලැබේවි යැයි බලාපොරොත්තු වුණා.

නමුත් අද ජනතාව අන්ත දුගී බවට පත්වී එදා වේල පිරිමහගන්න බැරි තත්ත්වයට පත්වී එදා වේල පිරිමහගන්න බැරි නන්නත්තාර වෙලා වෙලා.

එංලගන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා ඇවිල්ල රජ මැදුරේ ඉඳන් උපන් දින කේක් කැපුවාම රටේ ජනතාවට කේක් බිඳක්වත් ලැබුණාද? රටේ ජනතාවට හුල්ල හුල්ලා බලා ගෙන ඉන්නයි සිද්ධවෙලා තිබෙන්නේ.

බොහෝ දෙනෙක් රටට නව උදාවක් පමග අලූත් බලවේගයක් බලාපොරොත්තු වෙනවා. වෙනවා. ඒ සඳහා ශක්තිය ලබාදෙන්න එජාපය සුදානම්. ඊට ජනතා ශක්තිය අන්‍යවශ්‍යයි.

රටේ වගකීමත් මහා භාණ්ඩාගාරයේ බලයත් සජිත් පේ‍්‍රමදාසට ලැබුණොත් එදා පටන් රටේ ජනතාවගේ බඩ කට පුරවන කාර්ය ආරම්භ කරනවා. බඩ කට පුරවන කොළ පාට අලියගේ යුගයක් දැන් රටට අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා ජනතාව අප වටා ඒකරාශී වෙන්න ඕනෑ’

අපි ඇතුළෙදී කෙලගෙන එලියට ඇවිත් කරට අතදා ගෙන කැන්ටිමෙන් තේ බොනවා

පාර්ලිමේන්තුව ඇතුළෙදී අපි බැනගෙන හැප්පිලා හැප්පිලා එලියට ඇවිත් දෙන්නම කරට අතදා ගෙන කැන්ටිමෙන් තේ බොනවා යයි යැයි ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මතුගම ශ‍්‍රවණාගාරයේදී කීවේය.
පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සම්පත් අමාත්‍යංශය මගින් කළුතර දිස්ත‍්‍රික්කයේ තෝරාගත් සත්ත්ව පාලන ගොවීන් සදහා අභිජනනය කළ කිකිළි පැටවුන්, පොල් පැළ සහ කිරි එකතු කිරීමේ භාජන බෙදා දීම සදහා පැවති උත්සවයේදී ඇමතිවරයා එසේ ප‍්‍රකාශ කළේය.

‘එහාට බනිනවා මෙහාට බනිනවා. කෑගහගන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන් හරියට

පොර කුකුල්ලූ වගෙයි. කෙළගන්නමයි බලන්නේ. පාර්ලිමේන්තුවේ ඇතුළෙදී අපි කෙළගන්නවා. මෙහෙම බැනගෙන බැනගෙන දෙන්නා හැප්පිලා හැප්පිලා එළියට ඇවිල්ලා කරට අතදාගෙන කැන්ටිමට ගිහිල්ලා තේ බොනවා. විපක්ෂයේ අය ඒ පැත්තෙන් එනවා. අපි මේ පැත්තෙන් යනවා.ඔක්කොම කරට අතදාලා මචං කියලා තේ එක බොනවා. ඇත්තමට පාර්ලිමේන්තුවේ වෙන්නේ මේක.

අද කුකුළු ජාති කීපයක් ඉන්නවා.සට හදන කුකුල්ලූ බොයිලර්.බිත්තර සදහා හදන එවුන් ලේයර්. ගමේ ඇති කරන්නේ ගම් කුකුල්ලූ. ඊට පස්සේ ඉන්නවා පොර කුකුල්ලූ කියලා ජාතියක්. ඉස්සර මොවුන්ව දාලා කුකුලන් කෙටවීමත් කළා. උන්ගේ වැඬේ කොටා ගන්න එකමයි. හරියට අපේ දේශපාලඥයෝ වගෙයි. කිකිළි පැටවුන් වුණත් හරියට බලාගන්න ඕනෑ. දැන් බිත්තරයක් රුපියල් 15-20යි. මාසෙකට ලොකු ආදායමක් ගන්න පුළුවන්’ යයිද ඇමතිවරයා එහිදී කීය.

සිදුහත් කුමරුන් උපන් ස්ථානය සොයාගනී [Photo]

ලොව පැරණිතම බෞද්ධ විහාරයේ නටබුන් සිද්ධාර්ථ කුමරු උපන් ලුම්බිණි සල්උයනෙන් හමු වූ බව බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යාඥ රොබින් කොනින්හැම් ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය රොබට් කොනින්හැම් ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක් මේ කැනීම් මෙහෙයවා ඇත. විකිරණ කාබන් පරීක්ෂාවෙන් සිදුහත් කුමරු උපන් කාලය ගැන සිදු කර ඇති පර්යේෂණය අනුව මේතාක් අනුමාන කළ වර්ෂයට වඩා අවුරුදු 100 කට පමණ පෙර බුද්ධ උත්පත්තිය සිදුව ඇති බවද අනාවරණය කරගෙන තිඛෙනවා.
ක්‍රිස්තු පූර්ව හයවන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැති වීමෙන් එය සල් ගස ආවරණය කළ සැකිල්ල ලෙස විද්‍යාඥයින් සැක පහළ කළා.
ලූම්බිණියේ වර්තමානයේ පිහිටි

මායාදේවි විහාරයේ තිබී විහාරගෙයක් වැනි ලී ආකෘතිය ඔස්සේ සිදු කළ කැනීම් වලදී මෙය හමුවී තිබුණා.

මහාමායා දේවිය සල් ගසක් අසල සිදුහත් කුමරුට උපත ලබාදීම පිළිබඳ කතා පුවත හා සැසඳීමේදී එම ගස වටා බැඳි ලී ආකෘතිය මෙය බවට පුරාවිද්‍යාඥයන් අනුමාන කළා.
එම කතා පුවත සමග මෙය ඛෙහෙවින් සමාන බවත් සල් ගස වටා බඳින ලද වහළක් රහිත බෝධිඝරයක් වැනි ලී ආකෘතියක් ඇති බවත් ඒ වටා
මායාදේවි විහාරය ඉදිකර ඇති බවටත් සැක පළකරන බවත් කියැවුණා.

බුදුරජාණන් වහන්සේ විසූ බවට සැළකෙන්නේ ක්‍රි.පූ. 623 වන යුගයේ වුවද මෙය සොයාගැනීමත් සමග එය තවදුරටත් අතීතයට දිවයන බව කියැවුණා.
මේ ගැන අදහස් දැක්වූ මහාචාර්ය කොනින්හැම් ලුම්බිණියේ සිදුහත් කුමරු ඉපදුණේ යයි සැලකෙන මායාදේවී විහාර භූමියේ ගසක් ආවරණය කරමින් ඉදි කර තිබූ ලී සහ ගඩොල්වලින් සැදි විහාර ආකෘතියක් සොයා ගැනීමට තම පර්යේෂණයේදී හැකි වූ බවද විකිරණශීලී කාබන් සමස්ථානික පර්යේෂණයකට අනුව ක්‍රි.පූ. හයවැනි සියවසට අයත් බවට ස්ථිර වශයෙන්ම තහවුරු කර ගැනීමට හැකි වූ බවද කියා සිටියා. මේ පිළිබඳව තමන් පුරාවිද්‍යා පර්යේෂණ පත්‍රිකාවක් පළ කළ බවත පෙරේදා බි්‍රතාන්‍යයේදී මුල් වරට මාධ්‍ය වෙත අනාවරණය කළ බවත් කියා සිටියා.

විද්‍යාත්මක ලෝකය තුළ බුදුන් වහන්සේගේ ජීවත්ව සිටි කාලය ක්‍රි.පූ 3 - 4 සියවස්වලද නැතිනම් 6 වැනි සියවසේද යන්න පිළිබඳව මතවාද තිබුණ නමුත් ස්ථිරව බෞද්ධ විහාරස්ථාන ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ සිට තිඛෙන බව මෙමගින් අනාවරණය වන බව ඔහු කියනවා.

අප පසුගිය කාලය තිස්සේ නේපාලයට අයත් ලුම්බිණියේ මායාදේවී විහාරයේ කැණීම් කළා. මෙම විහාරය ක්‍රි.පූ 229 දී අශෝක අධිරාජ්‍යයා විසින් කරවන ලද්දක්. එහි මීටර දෙකක් යටින් දැනට පවතින විහාරයට බොහෝ දුරට සමාන ආකෘතියක් අපට හඳුනා ගත හැකි වුණා. එය ගල් සහ ලී වලින් කළ එකක්. අපට පැහැදිලි වුණා මෙම ආකෘතිය විහාරයක බව. ඒ වගේම එය යම් වෘක්ෂයක් ආවරණය කරමින් නිර්මාණය කර ඇති බව. අශෝක අධිරාජ්‍යයා නව මායා දේවී විහාරය ඉදි කර තිඛෙන්නේ
එම විහාරයට උඩින්.

නේපාල පුරාවිද්‍යාඥයන් විසින් සලකනු ලබන්නේ මායා දේවී විහාරය ලුම්බිණි සල් උයනේ දී මහාමායා දේවීය විසින් සිදුහත් කුමරුන් බිහි කළ ස්ථානය ලෙසයි. මෙම නව සොයා ගැනීම් ආශ්‍රිතව වෘක්ෂයක් තිබිම මගින්ද එය ගැන යම් මතයකට අපට එළැඹිය හැකි වුණා.
මෙම විහාරය බෝධි ඝරයක ලක්ෂණ පෙන්නුම් කරන බවත් පියස්සක් නොමැති විවෘත ආකාරයකට තිබූ බවට සලකුණු පවතින බවත් ඔහු කිව්වා.

මෙම පර්යේෂණය යුනෙස්කෝ සංවිධානයේ සහ ජපාන රජයේ ආධාර මත ක්‍රියාත්මක කරනු ලබන එකක් බවත් සෑම විටෙකම බැතිමතුන්ගෙන් පිරී ඇති මෙම සිද්ධස්ථානයේ කැණීම් සිදු කිරීම මහත් අභියෝගයක් වූ බවත් ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධ මායාදේවි විහාරයේ කැණීම් කළ කොටසේ ඡායාරූප පහතින්. 






හිටපු පෙම්වතා අතවර කරන්න හැදුවැයි සුපර් ස්ටාර් ශානිකා උසාවියේ

තමා මව සමග නගරයට ගිය අවස්ථාවක තරුණයෙකු තමන්ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් අතවර කරන්නට හැදුවේ යයි සිරස සුපර් ස්ටාර් කිරුළ දිනූ ශානිකා මධුමාලි ඉදිරිපත් කළ පැමිණිල්ලක් පසුගිය සතියේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වුණා.
2010 වසරේ පැවති සිරස සුපර් ස්ටාර් සීසන්3 තරගයේ ජයග්‍රාහිකාව වූයේ පොල්ගහවෙල පදිංචි 22 හැවිරිදි ඇයයි.
ඇය මව සමග කුරුණෑගල ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පුවකට ගොස් නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේ මේ පුද්ගලයා තමාගේ අතින් ඇද බලෙන් රැගෙන යාමට හැදූ බවත් මව පැමිණි ඔහුව තල්ලූ කර දමා තමාව බේරාගත් බවත්

ඇය පොලිස් කාන්තා කාර්යාංශයට කර තිබූ පැමිණිල්ලේ දැක්වෙනවා. ඔහු තමා දන්නා කාර් සේල් එකක් පවත්වා යන පුද්ගලයෙකු යයි ඇය ඔහුව හඳුන්වාදුන් නමුත් විත්ති පාර්ශ්වය කියා සිටියේ මේ ඇගේ හිටපු පෙම්වතා බවයි.

මෙම පුද්ගලයාට තමා සිරස සුපර් ස්ටාර් තරගයෙන් ජයගත් අවස්ථාවේ ත්‍යාග වශයෙන් ලැබුණ මෝටර්
රථය විකුණාදීම සඳහා ලබාදුන් නමුත් තවම එහි වටිනාකමින් ලබා දුන්නේ කොටසක් පමණක් බවත් ඇය සඳහන් කර තිඛෙනවා. එසේම ඔහු තමාගේ අලූත් පෙම් සබඳතා කඩා දමන බවට නිතරම දුරකථනයෙන් තර්ජනය කරන බවත් විදේශගත වන්නට හැදුවොත් ගමන්මල්ලට මොනවා හෝ දමා නීතියට හසුකරවන බවට කියා ඇතැයි ඇය සඳහන් කර තිඛෙනවා.

මෙම චෝදනා ගැන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියේ සියල්ල අසත්‍ය ඒවා බවකි. පොල්ගහවෙල ප්‍රදේශයේ කාර් සේල් එකක හිමිකරු වන මේ තරුණයා මුදල් වංචා සිදුකරන්නට අවශ්‍යතාවක් නැති බවත් පැමිණිලිකාරියගේ අදාළ වාහනය විකුණා ඇයට සියලූ වත්කම් ලබාදී එම ගනුදෙනුව අවසන් කර ඇති බවත් අධිකරණය නොමග යවමින් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඔවුන් කියනවා.

ශානිකා මධුමාලි සමග පෙම්වතා සිටි ඡායාරූප කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් කළ විත්ති පාර්ශ්වයේ නීතීඥයින් මේ දෙදෙනා පෙම්වතුන් ලෙස කාලයක් තිස්සේ ඇසුරු කර විවාහවීමට අපේක්ෂාවෙන් සිටි නමුත් පෙම් සබඳතාව අතහැර දැමීමට කාර් සේල් හිමි තරුණ පෙම්වතා තීරණය කළ නිසා පලිගැනීමේ අටියෙන් අසත්‍ය කරුණු ගොනු කර පැමිණිල්ලක් කර ඇති බව පැවසුවා.
රුපියල් දසදහසක ඇප මත තරුණයා මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර වැඩිදුර විභාගය ලබන ජනවාරි මස 30 වනදා පවත්වන්නට තීරණය කළා.


චිලි‍පේස්ට් හදන්න නරක් වූ පණුවන් ගැසූ කූණිස්සන්

චිලි‍පේස්ට් හදන්න නරක් වූ පණුවන් ගැසූ කූණිස්සන් යොදාගන්නා ජාවාරමක්
ගෝනි 2000ක් පිටකොටුවේ ගබඩාවක

කොළඹ සහ ඒ අවට චීන හෝටල්වල චිලිපේස්ට් සෑදීම සඳහා කල් ඉකුත් වී නරක් වී ආහාරයට නුසුදුසු පණුවන් සහිත කූණිස්සන් සැපයීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළිකරගත් පාරිභෝගික අධිකාරිය එවැනි කූණිස්සන් ගෝනි දෙදහසකට වැඩි ප්‍රමාණයක් ගොඩගැසූ ගබඩාවක්ද පිටකොටුවෙන් සොයාගෙන තිබේ.

මේ ගබඩාවේම කල් ඉකුත් වූ ආහාරයට නුසුදුසු

සහල් ගෝනි තුන්දහස් එකසියයක්ද සොයා‍ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.‍

ඊයේ (25) දහවල් මේ වැටලීම සිදු කෙරුණි. ඒ වන විටත් එම ගබඩාවෙන් කූණිස්සන් තොග නිකුත් කරමින් තිබිණි.

කොළඹ චීන හෝටල් විශාල ප්‍රමාණයක් මෙම කල් ඉකුත් වී පණුවන් ගැසූ කූණිස්සන් අඩු මිලට ලබා ගන්නා බවටද කරුණු අනාවරණය වී තිබේ.‍

එහි තිබූ සහල් තොග මාස තුනකටත් වඩා කාලයක් කල් ඉකුත් වී තිබූ ඒවා වෙයි. මේවා මිලදී ගෙන චිලිපේස්ට් හදන චින හෝටල් සහ සෙසු හෝටල් පිළිබඳව වැටලීම් සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද පියවර ගෙන ඇත.‍

අදාළ ව්‍යාපාර ගබඩා පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

ශලනිට අමතක නොවන දුරකථන ඇමතුමක්

සිරස කුමරි තරගය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ශලනි තාරකා සැබවින් ම අද ජනප්‍රිය නිළියක් සද පිණි බිදක ටෙලිනාට්‍ය හරහා ද මේ දිනයන්හි ඇය ඔබට දැක ගන්නට පුළුවන්. ස්වර්ණවාහිනියේ මනාලියන්ට අන්දවල විස්තර කරන වැඩසටහනක මනාලියකට ඇඳන් හිටි අවස්ථාවේ පටන් ඇය තවමත් කැමරාව ඉදිරියේ රංගනයේ යෙදෙමින් සිටිනවා.

2007 අවුරුද්දේ සිරස කුමරිය ලෙස කිරුල හිමි කරගැනීම ඉතාම අනපේක්ෂිත සිදුවීමක් බැව් ශලනි මාධ්‍යක් හා එක්වෙමින් පැවසුවා ය. අනෙක් ගැහැණු ළමුන් වගේ ම ශාලිනිත් අඬනවලු එත් ඒ නිකන් නම් නෙවෙයි ඉකි ගගහ ඉතිං හැමදාම වගේ අඬනවාලු....

ජනප්‍රිය නිළියන්ට දුරකථන ඇමතුම් එන එක සාමාන්‍ය දෙයක් ශලනිටත් ඒ වගේ

දුරකථන ඇමතුම් ඇවිත් තියෙනවාලු පසු ගිය දිනක හද ගැස්ම මාධ්‍ය හමුවට එක්ව ඇය පැවසු ඒ අමතක නොවන දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

එක්තරා පිරිමි ළමයෙක් මුල් කාලේ ඉඳලම ශලිනිට call කරාලු.. SMS එහෙමත් එව්වලු එත් ඇය ඒවට රිප්ලයි කළත් නැතත් ඔහු හැමදාම වගේ SMS කළාලු....

පස්සේ නිතරම වගේ call කර කර ආදරය කරන්න පටන් ගත්තාලු.... ඔහු අවුරුදු ගාණක් තිස්සේ ශලිනිගේ ගෙදරට තෑගි බෝග පවා එව්වලු... ඒ තමයි ශලනිට ලැබුණු අමතක නොවන දුරකථන ඇමැතුම.

ශලනිට ක්ෂේත්‍රයේ දැන් ඉන්න හොදම කිහිප දෙනෙකුත් ඉන්නවා. සාරංග දිසාසේකර , ඩිනක්ෂි, ශේෂාද්‍රි, හෂිනි ගෝනගල, මේ අය ඒ අතරින් විශේෂයි.

ශලනිට මෑතක දි ඉදන් රංගනයේ යෙදෙන කොට අපහසුතාවයකට පත් වූ බව පවසමින්,.

"මට ප්‍රේම ජවනිකා රඟපාද් දි නම් කිසිම අපහසුතාවක් දැනිලා නෑ....... හැබැයි මට මේ මෑතක් වෙනකල්ම යටිගිරියෙන් කෑගහන්න බෑ. සැබෑ ජීවිතයේදීත් මොකක් හරි කරදරයක් වුණත් මට කෑගහගන්න බෑ..... හිරවෙනවා. වචන පිටවෙන්නේ නෑ.....

රඟපාද් දි අවශ්‍ය වෙලාවට කෑගහගන්න බැරිව මම හරියට අපහසුතාවට පත්වෙනවා. මේ ළඟ දි රූගත කරපු 'ස්පන්ධන' කියන චිත්‍රපටයෙ දි තමයි මම හරියටම කෑගහන්න පටන් ගත්තේ."

කැමරාව ඉදිරියේ දි ශලනිගේ පළමු පෙම්වතා ලෙස රංගනයේ යෙදී සුරාජ් මාපා ය.

ශලනිට අවුරුදු දොළහේ විතර ඉඳන් ප්‍රේම යෝජනා එනවලු..... ඉතින් ශලනිට මුලින් ම "I Love You" කියපු කෙනාව නම් හරියට මතක නෑලු..... එත් පෙම්වතෙක් අයට දුන්නු මුල්ම තෑග්ග නම් හොදට මතකයිලු.... ඒ විදිහට අයට මුලින් ම ලැබිල තියෙන්නේ පෑනක් සමග චොක්ලට් එකකි.

2005 වසරේ පෙම්වතියක් වුණු ශලනිගේ අතට ලැබුණු ලොකුම ත්‍යාගය වුණේ සිරස කුමරිය වීමෙන් පසු ඇයට ලැබුණු ලක්ෂ 10යි. ගොඩක් වෙලාවට මහන්සිවෙලා වැඩ කළාට පස්සේ ලැබෙන්න ඕන සල්ලි නොදුන්නම රඟපෑම තිත්ත වෙලා තියෙන බවත් ඇය පවසා තිබුණි.

"ඇයි අපි මෙහෙම බාල්දු වෙන්නේ...." කියලා පවා ඇයට හිතිලා තියෙනවාලු.

චරිත දෙන්නම් කියලා කරන ලිංගික බලපෑම් ගැන නෙතු ප්‍රියංගිකා කරන හෙළිදරව්ව

මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ‘‘දම්සාරි’’ ටෙලි නාට්‍යයේ නිම්සාරි චරිතය රඟන්නේ ඇයයි. ඒ වගේම ‘‘මිරිඟු දිය’’ ටෙලි නාට්‍යයෙන් ද ඇය ඔබට මේ දිනවල දැක ගන්න පුළුවන්. පසුගිය කාලයේ විකාශය වූ ‘‘අංගනා’’ ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ චන්තුලිගේ චරිතය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඒ හින්දා සමහරු ඇය හඳුන්වන්නෙත් චන්තුලි කියලයි.

ඇය තමයි නෙතු පි‍්‍රයංගිකා. පුංචි තිරයේ මේ දිනවල ජනපි‍්‍රය වී සිටින මේ රුවැත්තියටත් එක එක අමුතු යෝජනා ක්ෂේත‍්‍රයෙන් වගේම පිට අයගෙනුත් ලැඛෙනවාලූ. ඉතිං නෙතු ඒවාට මොනව ද කරන්නේ කියලා අපි ඇයගෙන්ම දැන ගනිමු.

ඔයාට දුරකථන ඇමතුම්වලින් යෝජනා එහෙම එනවා ඇති නේද?
‘‘මෙහෙමයි. දුරකථන ඇමතුම් එනවා. ඒවා ඉතිං අපට ගන්න වෙනවානේ. අනවශ්‍ය දෙයක් ගැන නම් කතා කරන්නේ මා ඉක්මනින් ඒවා විසන්ධි කරනවා. පේ‍්‍රක්‍ෂකයෝ ඉතිං අපට තිඛෙන ආදරයටයි

කෝල් කරන්නේ. ඒ අයට මම උත්තර දෙනවා. ඒ අතරේ ඉතිං විවාහ වෙන්න යෝජනාත් ගේනවා. ඒවාත් කොහොම හරි බේරාගෙන තරහා වෙන්නේ නැති විදිහට ඔවුන්ට පිළිතුරු දෙනවා.
-අනවශ්‍ය දුරකථන එන ප‍්‍රමාණය අඩුයි. එස්.එම්.එස්. නම් එන්නේ නැති තරම්. අනවශ්‍ය ඒවා ආවත් කතා කරලා බලනවා. ඔවුන් එන්නේ වැරැුදි පාරක නම් හෙමිහිට මා එයින් අයින් වෙනවා. මොකද මට හොඳට මේ ක්ෂේත‍්‍රය ගැන වැටහීමක් තිඛෙන හින්දා.”

එතකොට ඔයාගේ ෆීල්ඞ් එකේ අයගෙන් යෝජනා එන්නේ නැද්ද?

‘‘ෆීල්ඞ් එකේ නම් ප‍්‍රශ්නයක් ඇති වෙලා නෑ. මොකද මා දන්නවා කරන්න ඕනෑ දේ හා නොකළ යුතු දේ. හැබැයි ඉතින් එකට වැඩ කරද්දී ආදර සබඳතා ඇති වෙන්න පුළුවන්. එහි දී විවාහ යෝජනාත් එනවා. එහෙම වෙන්නේ අපි කාලයක් එකට වැඩ කරන විට ඇති වන බැඳීම හින්දයි. එහි වරදක් මා දකින්නේ නෑ. නමුත් ඉතිං අපි ඔලූව කල්පනා කරලා වැඩ කරන්න එහි දී ඉගෙන ගන්න වෙනවා.”


අද අලූත් නිළියන්ට ලිංගික බලපෑම් කලා ක්ෂේත‍්‍රයේ සිදු වන බවට මතයක් තිඛෙනවා. ඔයාටත් එවැනි දේවල්වලට ආරාධනා කරලා නැද්ද?

-බොරු කියන්න ඕන නැහැනේ. මටත් එවැනි ආරාධනා ලැබී තිඛෙනවා. හැබැයි ඉතිං ගොනා හැරෙන්නෙ පොල් පැළය කන්නයි කියලා මා අවබෝධ කරගන්නවා. සමහරු නිර්මාණවල දී අර ප‍්‍රධාන චරිතය දෙන්නම් කියලා ලිංගික බලෑපම්වලට ආරාධනා කරන අය ඉන්නවා. එවැනි අය මට හම්බ වෙලා තිඛෙනවා. එතන දී මම අයින් වෙනවා. මොකද අපි නිර්මාණයට අපේ දක්ෂතාව පෙන්වනවා මිස තව පෙනෙන්ට අපේ ඇඟ විකුණලා නිර්මාණ ලබා ගන්න අවශ්‍ය නෑ කියලයි මා හිතන්නේ.
-නිළියක් විදිහට නිර්මාණයක චරිතයට අදාළ දේ කරනවා මිස ෆීල්ඞ් එකේ වෙනත් දේ කරන්න මා යන්නේ නෑ. මම එවැනි දේවලට ආරාධනා කළොත් ඒ නිර්මාණයට දායක වෙන්නෙත නෑ. මම ක්ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ හින්දා බොහෝ දෙනා මම කොයි වගේද කියලා දන්නවා.”

ඔයා බොහෝ වෙලාවට කොට ඇඳුම් අඳිනවා. මේවා හින්දත් සමහරු වැරැදි විදිහට ඔයා ගැන හිතන්න පුළුවන් නේද?
-ඒකට මම මොනවා කරන්න ද? මට අවශ්‍ය තැනට සරිලන ඇඳුම් අඳිනවා. අනෙක මම කොට ඇඳුම් අඳිනවා. බොහෝ වෙලාවට චරිතයට අදාළව මට යම් යම් ඇඳුම් අඳින්න සිද්ධ වෙනවා. එහි දී යම් කෙනෙක් අපි ගැන වැරැුදියට හිතනවා නම් ඒ ඔහුගේ තිඛෙන දුර්වලතාවක්. කෙල්ලෙක් කොටට ඇන්ඳා කියලා කොල්ලන් පිස්සු වැටෙනවා නම් ඒ ඔවුන්ගේ මානසිකත්වයේ වැරැුද්දක්. මොකද අපි නිරුවතින් රඟපාන්නේ නැහැනේ. අනික තරුණ කාලයේ දී විලාසිතා කරන්න ඕනේ. එය මට උචිත ආකාරයට තමයි කරන්නේ.”

ඔයාගේ ආදර සම්බන්ධතාවක් ළඟ දී කැඩුණා කියලා ආරංචි වුණා. ඇත්ත ද නෙතු ඒ කතාව?

‘‘ඔව්. පසුගිය කාලයේ මට ‘එෆෙයාර්’ එකක් තිබුණා. දැන් මාස 3-4කට ඉස්සෙල්ලා ඒක නැති වුණා. ඒ හින්දා දැන් මම තනිකඩවයි ඉන්නේ. ගෙදරින් එන යෝජනාවක් බලලා ඉදිරියේ දී ආදර සම්බන්ධයක් පටන් ගන්නයි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා දැනට මගේ ජීවිතයේ හිස් තැන පුරවන්න ඇබෑර්තුවක් තිඛෙනවා.”

උපුටාගැනීම ලංකාදීප

Raja Horu Film On Location

Raja Horu Film On Location                   See All Pix
http://photo.gossip9lanka.co.uk/2013/11/blog-post_4009.html

මම ආයෙත් රඟපානවා - උදාරි

ඕනෑම අම්මා කෙනෙක් වගේම තමන්ගේත් එකම අරමුණ දරුවගෙ වැඩවලට මුල් තැන දීම බව උදාරි  පවසනවා. උදාරි මෙහෙම කියන්නේ වසරක් විතර කාලයක් සිංගප්පූරුවේ ගත කරමින් සිට මෙහි පැමිණියාට පසුවයි. දැන් දුව ටිකක් ලොකු නිසා තමා රගපෑමට නැවතත් එක්ව සිටින බවත් සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇය පවසා තිබෙනවා. එම සාකච්ඡාව පහතින්

කොහොමද උදාරි, මොනවද අලූත් විස්තර?
අවුරුදු දෙකක් විතරම හිටියෙ සිංගප්පූරුවෙ. ඒත් මාස දෙකින් දෙකට වගේ ලංකාවට ඇවිත් ගියා. මේ මාසෙන් පසුව දිගටම ලංකාවේ ඉන්නයි කල්පනාව.

නැවතත් රගපෑමට එක්වෙන්නද සූදානම?
සූදානම නෙවෙයි, දැනටමත් රගපෑමේ කටයුතු බාරගෙනයි තියෙන්නේ.

මොනවද බාර ගත්ත දේවල්?
නිල්වලා ආයතනයේ සහ තවත් මෙගා නාට්‍ය කීපයක රගපෑම් බාරගත්තා.

සමහරු මෙගා නාට්‍ය ප‍්‍රතික්ෂේප කරනවා. ඒත් ඔබ ඒවාට ආසයි වගේ?
අද මෙගා කිව්වට ඒවා බොහෝ වෙලාවට සීමා වන්නේ කොටස් සියයකට වගෙයි. ඉතින් ඒවගේ නාට්‍යවල රගපාන්න කැමතියි.

සමහර ශිල්පිනියන් මවක් වුණාට පස්සේ එක්කෝ රගපෑමෙන් ඉවත් වෙනවා. නැත්නම් සෑහෙන කාලයක් ගිහින් රගපෑමට එක්වෙන්නේ. ඒත් ඔබ ඉක්මනට නැවත රගපෑමට ඇවිත්. ඒ ගැන මොනවද කියන්න පුළුවන්?
මවක් තම යුතුකම් වටහා ගන්න ඕනෑ. ඒ යුතුකම් ඉටු කරන අතරේ, මට මගේ ආදරණීය පේ‍්‍රක්ෂක ජනතාවගෙන් ලැබුණ ආදරයට ගරු කරන්නත් ඕනෑ. දරුවා ලැඛෙන්නට පෙර මම ජනප‍්‍රිය නිළිය සම්මානය රැගෙන ගෙදර ගියේ. ඉතින් පේ‍්‍රක්ෂක ජනතාවගේ ඒ ආදරයට මම ගරු කරන්න ඕනෑ.

නැවතත් ඒ ජනප‍්‍රියත්වය ලැබේවි කියලා හිතනවද?
ඒක මට නැතිවෙලා නැහැ. මට ඉන්නෙ අවංක පේ‍්‍රක්ෂක පිරිසක්.

ඒ කියන්නේ ඔබ රගපාන්න ජනප‍්‍රියත්වය වෙනුවෙන්මද?
ඒ වෙනුවෙන්ම නෙවෙයි. රගපෑම මගේ විනෝදාංශයයි. ඒ නිසා පේ‍්‍රක්ෂකයින් පිනවීමට ලැබීම භාග්‍යයක්.

රගපෑමෙන් පේ‍්‍රක්ෂකයින් පිනවීම විතර ද බලාපොරොත්තු වන්නෙ?
පේ‍්‍රක්ෂකයින් පිනවීම සරල කාරණයක් නෙවෙයි. ඒ වෙනුවෙන් හොඳ රගපෑමක්, හොඳ නිර්මාණයක් කරන්න ඕනෑ. සරල හෝ ශාස්ත‍්‍රීය ඕනෑම දෙයක් හරියට කරන්න ඕනෑ.

සැමියාගෙන් මේ කටයුතුවලට හොඳ දායකත්වයක් ලැඛෙනවද?
ඇත්තටම සුජිත් මට ලොකුම හයියක්. ඒ වගේ කෙනෙක් ලැබීම මගේ වාසනාවක්. කලා කටයුතුවලට මාව උනන්දු කරවන්නේ එයා.

දැන් සැමියත් රගපානවා කියලා ආරංචියි?
එයාට රගපාන්න තියා හෙල්ලෙන්න එවලාවක් නැහැ. වෛද්‍යවරයකු හැටියට සුජිත් අතිශයින්ම කාර්ය බහුලයි.

එහෙම නම් ඔහු සහ ඔබ පෙනී සිටි වීඩියෝ එක මොකක්ද?
සුජිත්ගෙ උපන් දිනයට මට එයාට තෑග්ගක් දෙන්න ඕනෑ වුණා. ඒ නිසා සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ ලිව්ව ගීතය භාතිය - සන්තුෂ් සංගීතවත් කළා. මම ගැයුවා. සිංගප්පූරුවෙ අපේ ගෙදර අපේ පරිසරයේදී සියල්ල රූගත කළේ ඉන්දික මල්ලවාරච්චි අයියා. ඒ විදියට තමයි මම සුජිත්ට මියුසික් වීඩියෝ එකක් කළේ. ඒ ආදර කතාවට මමයි සුජිතුයි හැර වෙන කවුරුවත් අවශ්‍ය නැහැ. ඇත්තටම ඔහුටත් හොඳට රගපාන්න පුළුවනි.

මවක් වූ හැටියෙ බොහෝ කාන්තාවන් මහත් වෙනවා. ඒත් ඔබ පෙරටත් වඩා නම්‍යශීලී පෙනුමින් යුතු බවයි බොහෝ දෙනා කියන්නේ? මොකක්ද එහි රහස?
දරුවා ප‍්‍රසූත කළ දවස්වල මම ගොඩක් තරබාරු වුණා. රාත‍්‍රියට නින්ද නොයන තරමටම එය පීඩනයක් වුණා. ඒත් අපේ තාත්තා මට ව්‍යායාම් ගැන කියලා දුන්නා. තාත්තා ගුවන් හමුදාවේ ක‍්‍රීඩා අංශයේ නිලධාරියෙක්. දැන් විශ‍්‍රාමිකයි. තාත්තා කියාදුන් පුහුණුවීම් කළා. ආහාරපානවලදී පවා ගොඩක් සැලකිලිමත් වුණා. තෙල් කෑම ගොඩක්ම අඩු කළා. ඒ නිසා ඉක්මනට සුපුරුදු නම්‍යශීලී හැඩයට හදාගන්න පුළුවන් වුණා.

කොහොම වුණත් ”මවක්” රගපෑම හොඳ දෙයක්ද?
මව සහ රඟපෑම කියන්නේ දෙකක්. රඟපෑම මම මගේ ගෙදරට ගෙනියන්නේ නැහැ. මේ දක්වා දරුවාගේ වැඩ කළේ මමයි. කාටවත් ඒවා බාර දුන්නෙ නැහැ. ඒ නිසා කිසිවක් පටලවාගෙන යමක් කරන්න මම කැමති නැහැ.

සමකාලීන ටෙලි ශිල්පිණියන් සමග ඔබගෙ බැඳීම් මොන වගේද?
පසුගිය කාලය පුරාවට කවුරුවත් ඇසුරු කරන්න බැරි වුණා.


පසුගිය කාලයේදී ටෙලි කෂේත‍්‍රයේ බොහෝ දෙනා ගැන විවිධ කතා අහන්න ලැබුණා. ඒ ගැන මොකද හිතන්නේ?
කටකතා උපරිමයි, අන්නතයි තමයි. ගොඩක් දේ ගැන දකින් අහන්න ලැබුණත් තමයි. ඒත් සමහර විට මතුපිටින් දකින දේට වඩා ඇතුළාත්නය වෙනස් වෙන්න පුළුවනි.

සිංගප්පූරුවේ ටෙලි නාට්‍ය විකාශය වන්නෙත් මේ විදියටද?
නැහැ, එහෙ ගොඩාක්ම තියෙන්නේ විකට ඒවා. ඒ අතින් අපේ නිර්මාණ සහ අපේ නළු නිළියන් ඉතා විශිෂ්ටයි.

දුව ගැන මොනවද කියන්න පුළුවන්?
මවක ලෙස මගෙන් ඉටුවිය යුතු සියල්ල සැමදා කරනවා. මුල් තැන මගේ පවුලටයි.

කවුද ක්ෂේත‍්‍රයේ සිටින ඔබගේ හොඳම යාළුවෝ?

හොඳම යාළුවෝ නැහැ. ඒත් ඔක්කොමලා හොඳ යාළුවෝ.

ඇමති රෝහිතගේ කට්ටිය ඇමති රාජිතගේ දෙදෙනෙක් දණ ගස්සලා

වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ විසින් ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ආධාරකරුවන් දෙදෙනකු දණගස්‌සවා බලහත්කාරයෙන් සමාව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක්‌ වාර්තා වෙනවා.

ඇමැතිවරුන් දෙදෙනාගේ ආධාරකරුවන් දෙපිරිස අතර කාලයක සිට පවතින ආරවුලක්‌ මීට හේතු වී තිබේ. කලුවාමෝදර මොරගල්ල ප්‍රදේශයේ පදිංචි මේ දෙපිරිස අතර පෙරේදා (23 වැනිදා) රාත්‍රි සිදු වූ බහින්බස්‌ වීමක්‌ දුරදිග ගොස්‌ ගැටුමක්‌ හටගෙන තිබේ. එහිදී රාජිත ඇමැතිවරයාගේ ආධාරකරුවකු අනෙක්‌ පාර්ශ්වයේ අයකුට බෝතලයකින් හිසට පහර දී ඇත.

ඉන් බරපතළ තුවාල සිදුවීමක්‌ හෝ දෙපිරිසේ කිසිවකු රෝහල්ගත වීමක්‌ සිදුවී නැත. මේ ගැටුමෙන් පසු

රෝහිත ඇමැතිවරයාගේ පාර්ශ්වයේ පිරිස විසින් රාජිත ඇමැතිවරයාගේ ආධාරකරුවන් දෙදෙනා තමන්ගෙන් සමාව ගත යුතු යෑයි බලපෑම් කර කලුවාමෝදර මොරගල්ල හන්දියේ පිහිටි පිළිරුවක්‌ අසල දණගස්‌වා සිටියදී රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා ද එම ස්‌ථානයට පැමිණ සිටි බව ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුවේ


"සිද්ධිය වූ අවස්‌ථාවේම මට ආරංචි වුණා. මම මගේ දෙන්නට පොලිසියට යන්න කියලා කිව්වා. අපේ දෙන්න දණගස්‌වල සිටිය තැනට රෝහිත ඇමැතිතුමා ආවා කියලා කිව්වා. එතන පොලිසියත් හිටියා කියලා කිව්වා. මම ඒ සේරම පොලිසියට කියන්න කියල උපදෙස්‌ දුන්නා. කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා මහතාට ද කතා කර මේ සම්බන්ධයෙන් දැනුම් දෙන බවත් පොලිසිය සාධාරණ පරීක්‍ෂණයක්‌ කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වරාය සංවර්ධන ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ කීය.

"මම බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිට පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරු දරා ඇමැතිවරයෙක්‌ව සිටිනවා. මට බේරුවල ඡන්ද පදනමක්‌ තියෙනවා. සිද්ධියට සම්බන්ධ දෙපාර්ශ්වයම මම දන්නවා. මම සිටින විට කිසිවෙක්‌ දණගස්‌වලා හිටියේ නැහැ. කන්දෙ විහාරයට යන්න එනකොට දෙපාර්ශ්වයම දැකලා කතා කරල පොලිසියට ගිහින් සමාදාන වෙන්න කියල මම එතනින් ගියා.

මම එතනින් ගියාට පසුවයි දෙන්නෙක්‌ දණගස්‌වලා කියල දැනගන්න ලැබුණේ. මම දැක්‌ක නම් එහෙම දෙයක්‌ කරන්න දෙන්නේ නැහැ. දැන් මට මඩ ගහන්න ඡන්ද පදනමක්‌ නැති ඇමැතිවරයෙක්‌ විවිධ ප්‍රචාර පතුරුවනවා. හෙට ඡන්දයක්‌ තිබ්බත් බේරුවල ප්‍රදේශයෙන් මට සීයට අසූවක්‌ ඡන්ද ලබාගන්න පුළුවන්

Gossip9Lanka Events

සිරස TV හි නිවේදිකාවක වන රංසි ගමගේ ගේ 21 වන උපන්දිනය පසුගියදා සැමරුවා. එදින ගත් ජායාරූප එකතුවක් පහතින්.
http://photo.gossip9lanka.co.uk/2013/11/21.html

පසුගියදා ලංකාවට පැමිණි මිස් ෆ්‍රාන්ස් තරුණියන් ආපසු සිය රට බලා පිටත්ව ගියා. ඔවුන් ලංකාවේදී ගත් ජායාරූප කිහිපයක් හා ගුවන් තොටුපලින් ආපසු ප්‍රංශයට ලඟාවූ ජායාරුප එකතුවක් පහතින්. 


http://photo.gossip9lanka.co.uk/2013/11/blog-post_25.html

මට තියෙන කොන්ද ගොඩක්‌ අයට නැහැ - ගයේෂා පෙරේරා

"ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටය තහනම් වුණේ ආරක්‍ෂක අංශවල ප්‍රතිරූපයට හානිවන නිසා කියල තමයි දැනගන්න තියෙන්නේ. නමුත් එය ප්‍රසිද්ධ වුණේ ගයේෂා පෙරේරාගේ රංගනය බවයි. ගොඩක්‌ දෙනෙක්‌ගේ මතය. මේ ගැන බොහෝ දේ කතා කළ යුතු වුණත් අප මෙතැනදී ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ නැහැ. නමුත් බොහෝ කාලයක්‌ මේ ගැන කිසිත් නොකියා මාධ්‍යයෙන් ඈත්වෙලා සිටි ගයේෂා පසුගියදා වෙබ් අඩවියකින් ඒ ගැන කතා කරලා තිබුණා.

මම ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ නිරුවත් දර්ශනයකට පෙනී සිටියා තමයි. ඒක ඇත්ත නමුත්

මා එය කළේ ඒ නිර්මාණයට එය අවශ්‍යව තිබුණු නිසයි. නමුත් එම චිත්‍රපටය නිසා අපවාදයට ලක්‌වුණේ මාව විතරයි. අනිත් අයට කිසිම චෝදනාවක්‌ නැහැ. චිත්‍රපටයේ නොමැති විදිහට අන්තර්ජාලයට එම දර්ශන නැවත නැවත සම්බන්ධ කරල මුදාහැරලා තිබුණා.

මේකට උත්තර දෙන්න ඕන. එහි අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර වුණත් එයා කොරියාවට වෙලා හැංගිලා ඉන්නවා. හැමෝම කතා කරන්නේ එහි නිරුවත් දර්ශනය ගැන විතරයි. නමුත් මේ රටේ සිනමාව වෙනුවෙන් මේ චිත්‍රපටය කරන්න ගිහින් අපි කාපු කට්‌ට ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේකේ රඟපාන්න අපි ත්‍රිකුණාමලයට ගියේ කෝච්චියෙන්. හරියට වාහනයක්‌වත් තිබුණේ නැහැ. සංජීව දුක කියන කොට මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රුපියල් තිස්‌දාහයි මම ගත්තේ. ගොඩක්‌ දුක්‌වින්දා මේ නිසා. නමුත් ඒ හැමදේම වෙනුවෙන් මට ලැබුණු තෑග්ග තමයි මේක.

මේ කිසිම දේකින් මා සැලෙන්නේ නැහැ. ඕනෑම දේකට මුහුණ දෙන්න මගේ කොන්ද ඔය හැමෝටම වඩා හොඳට පණ තියෙනවා. ගැහැනියක්‌ විදියට මට තියෙන ධෛර්යය ඔය ගොඩක්‌ අයට නැහැ. මම වැඩිය කතා නොකර හිටියේ කාටවත් බයේ නෙවෙයි. මමත් හිත හයිය යකඩ ගැහැනියක්‌.

මෙසේ ඇය තමන්ට සිදුවූ බව පැවසෙන අසාධාරණය වෙනුවෙන් තම හැඟීම් මුදාහැර තිබුණේ ඉදිරියේදී කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලනය තෝරා ගන්නා බවටද යම් ඉඟියක්‌ කරමිනි.

පරණ වාහන මිල වැඩිවන්නේ මෙහෙමයි

පරණ වාහන ආනයනයට අදාළ ක්ෂය කිරීම් අනුපාත වෙනස් කරන බව මෙවර අයවැය මගින් පැවසීය. මේ නිසා, පරණ වාහනවල මිල අවමය රුපියල් ලක්ෂ තුනකික් පමණ වැඩිවන බව එම වාහන ආනයන කරුවන් සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ මෙම ක්ෂය කිරීම් අනුපාත අනුව මීට පෙර මාස හයකට අඩු කාලයක් පාවිච්චි කර තිබූ වාහන මෙරටට ගෙන්වීමේදී

එම වාහන වලට අදාළ වන සමස්ත බදු අනුපාතයෙන් අයකළේ සියයට 90 ක් පමණක් බවයි. එනම්, සියයට 10 ක බදු ප්‍රමාණයක් අයකර තිබුණේ නැත. එම සියයට 10 ක බදු ප්‍රමාණය ක්ෂය කිරීම් අනුපාතයක් ලෙස අඩුකර තිබුණි. මීට අමතරව, මාස හයට වැඩියෙන් අවුරුද්දකට අඩුවෙන් පාවිච්චි කළ වාහන ආනයනයේදීද අයකර තිබුණේ සමස්ත බදු අනුපාතයෙන් සියයට 80 ක ප්‍රමාණයකි. මෙහිදී, සියයට 20 ක බදු ප්‍රමාණයක් ක්ෂය කිරීම් අනුපාතයක් ලෙස අඩුකර තිබුණි.

නමුත්, මෙවැනි තත්ත්වයක් තුළ කිලෝ මීටරයක් පවා ධාවනය කර නොතිබූ සු‍‍ඛෝපභෝගී බෙන්ස් රථ පවා මාස හයට අඩුවෙන් පාවිච්චි කළ මෝටර් රථ කාණ්ඩයට දමා සියයට 90 ක බදු පමණක් ගෙවමින් මෙරටට ගෙනවිත් තිබුණු බව ආටිගල මහතා පැවසීය.

“මෙවැනි අක්‍රමිකතාවයන් මග හැරවීමට තමයි, මෙම ක්ෂය කිරීම් අනුපාතය වෙනස් කළේ.“

පරණ වාහන ආනයනයේදී පනවා තිබෙන නව ක්ෂය කිරීම් අනුපාත වලට අනුව අවුරුද්දකට අඩුවෙන් භාවිතා කර මෙරටට ගෙන්වන වාහන සඳහා මීට පෙර ලබාදුන් සියළුම බදු සහන 2014 අයවැය මගින් අහෝසි කර තිබේ.

එනම්, වසරට අඩු කාලයක් භාවිතා කර මෙරටට ගෙන්වන වාහන සඳහා නව අනුපාත අනුව අළුත් වාහනයක් ආනයනය කිරීමේදී ගන්නා ආකාරයේම සියයට 100 ක බද්දක් අය කරනු ලබයි.

නව සංශෝධනය අනුව, ක්ෂය කිරීම් අනුපාතයක් ලෙස බදු අඩු කිරීමට පියවර ගෙන තිබෙන්නේ අවුරුද්දකට වඩා වැඩියෙන් පාවිච්චි කර මෙරටට ගෙන්වන මෝටර් රථ සහ වාහන වලට පමණි.

මේ අනුව, නව බදු සංශෝධන වලට අනුව අවුරුද්දේ සිට අවුරුදු දෙකක් දක්වා පාවිච්චිකළ මෝටර් රථ හා වාහන ආනයනයේදී සමස්ත බදු වටිනාකමින් සියයට 10 ක් අඩුකර සියයට 90 ක බදු අනුපාතයක් අය කිරීමට පියවර ගෙන තිබේ.

මීට පෙර, අවුරුද්දත් අවුරුදු එකහමාරත් අතර කාලයක් පාවිච්චිකළ වාහන සඳහා අයකළේ සමස්ත බදු අනුපාතයෙන් සියයට 75 කි. අවුරුදු එකහමාරත් අවුරුදු දෙකත් අතර කාලයක් පාවිච්චි කළ වාහන සඳහා අයකළේ සමස්ත බදු වලින් සියයට 70 කි.

මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා පැවසුවේ මෙම නව බදු සංශෝධන නිසා ආනයනය කරන පැරණි වාහනවල මිල අනිවාර්යෙන්ම වැඩිවන බවයි.

- Vimasuma.com

මුරලිට එරෙහි යෝජනාවක් සම්මත කරලා

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා මුණගැසීමෙන් අනතුරුව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක 'මුත්තයියා මුරලිදරන්' විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය හෙළා දකිමින් චාවකච්චේරි නගර සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කර තිබෙනවා.
පසුගිය 21 වෙනිදා පැවැති නගර සභා මාසික රැස්වීමේ දී මේ යෝජනාව නාගරික මන්ත්‍රි පී. ශ්‍රී දරන් විසින් ඉදිරිපත් කරන ලදුව නාගරික මන්ත්‍රි 'කිශෝර්' විසින් ස්ථීර කිරීමෙන් පසු මන්ත්‍රිවරු සියලු දෙනා එම යෝජනාවට සහාය පළ කර ඇත.
"උතුරේ තරුණ තරුණියන් අතුරුදන් වෙද්දී උතුරේ ජනතාව ඒ වෙනුවෙන් දුක් විඳිද් දී

මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටරටවල ක්‍රිකට් ගැහුවා. උතුරේ තරුණයන් අවතක්සේරුවට ලක්කරමින් මුරලිදරන් පැවැසූ දේ නිසා එවන් අතුරුදන් වූ තරුණ, තරුණියන් වෙනුවෙන් දුක් වෙන අයගේ හැඟීම්වලට ඔහුගෙන් අපහාසයක් වෙනවා. මේ නිසා ඔහු උතුරේ ක්‍රිකට් පුහුණු කඳවුරු පවත්වන්න එන විට අපේ විරෝධය ඔහුට පළ කරනවා..." යැයි යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී දරන් මන්ත්‍රිවරයා පවසා තිබුණි.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා මුණගැසුණු මුත්තයියා මුරලිදරන් පසුව මාධ්‍යවලට පවසා තිබුණේ වෙනත් අය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වැරැදි තොරතුරු බ්‍රිතාන්‍ය අගමැතිවරයාට සපයා ඔහු මුළාකර ඇති බවත්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් වී නැති බවත් ය.

මිහින්තලේ චිත්‍රපට රූගතකිරීම අතර රාජ පුරුෂ නළුවා තුවායක් ඇඳන් පොලිසියේ

රාජ කථාවක් ඇසුරෙන් මේ දිනවල මිහින්තලේ ප්‍රදේශයේ රූගත කෙරෙමින් පවතින චිත්‍රපටයක රාජපුරුෂයාගේ චරිතය නිරූපණය කරන නළුවෙකු දර්ශන තලයේ ඇතිවූ අකරතැබ්බයක් පැමිණිලි කිරීමට තුවායක් ඇඳගෙන ගමන් මල්ලක් සමග පොලිසියට ආ පුවතක් පෙරේදා වාර්තා වුණා.
ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙකු විසින් නිර්මාණය කරනු ලබන මෙම චිත්‍රපටයේ රාජපුරුෂයෙකුගේ චරිතයට තෝරාගෙන තිබුණ ඩික්සන් ජෙරාඩ් නමැති මේ නළුවා වසර විස්සක පමණ කාලයක සිට

වේදිකා ටෙලි නාට්‍ය හා චිත්‍රපට ගණනාවක චරිත නිරූපණය කර ඇති අයෙකි. ඔහු වේදිකා නාට්‍ය අටක් පමණ නිර්මාණයෙන්ද දායක වූවෙකි.
රාජ කතාවේ ඔහුට ලැබී ඇත්තේ රාජ පුරුෂයෙකු ලෙස රඟපාන්නටය.එහි රගපෑම් ගැන අධ්‍යක්ෂවරයා සමග කථීකා කරගැනීමෙන් අනතුරුව පසුගිය 17 වනදා සිට මිහින්තලයේ නැවතී රූගත කෙරුණ ජවනිකා සඳහා ඔහු මිහින්තලේ කළුදියපොකුණ ප්‍රදේශයට පැමිණ ඇත. පසුව එම කටයුතුවලට දින දෙක තුනක් යෙදී සිටින අතර 20 වනදා ඔහුව රාජ පුරුෂයාට අන්දවා මේකප් කිරීමෙන්ද පසු චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා සමග අනපේක්ෂිත ආරවුලකට මැදිවී ඇත. ඔහු කියා ඇත්තේ කැමරා ආම්පන්න ටික සෙට් එකට ඔසවා එන ලෙසය. මට ඕව කරන්න බෑ.. කියමින් ඒ විධානය මොහු ප්‍රතික්ෂේප කිරීම නිසා කැමරා අධ්‍යක්ෂවරයා මොහුට බැණ වැදී ඇත.


අනතුරුව මූ ගාණට වැඩියි..අපි චාන්ස් එකක් දුන්නාම ලොකුකම හිතට අරන්..මං කරන්නංකො හොඳ වැඩක් කියා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට මොහු ගැන පැමිණිලි කර තිඛෙනවා. වැඩක් නෑ මුගෙන්..ඇඳුම් ටික ගළවලා මූව දැන්ම පන්නල දුන්නෙ නැත්තං මං වැඩ නවත්තනවා. කැමරා අධ්‍යක්ෂවරයා පවසා ඇත. 


ඒ බහට අවනතවූ අධ්‍යක්ෂවරයා මොහුව ඒ අනුවම පන්නා දැමීමට ක්‍රියාකර තිඛෙනවා. මේ අවස්ථාවේ සහෝදර ශිල්පීන් කිසිවෙකු ඔහුට උපකාර කර නැති අතර ඔහුගේ ඇඳුම් උනා දමා ඔහු පිටවී යන දෙස සිනාසෙමින් බලා සිට තිඛෙනවා.

ඩික්සන් ජෙරාඩ් චිත්‍රපට රූගත කරන ස්ථානයේ සිට පොලිසියට ආවේ යට ඇඳුම උඩින් තුවායක් පමණක් ඇඳගෙනය. ඔහු අතේ තිබුනේ මිහින්තලයට එනවිට රැගෙන ආ ගමන් මල්ලය. බුලත්කොහුපිටියේ පදිංචිකරුවෙකුවූ ඔහුට බසයක නැගී එහි යන්නට හැකි ඇඳුමක් අඳින්නටද වේලාවක් දී නැත.
සිද්ධිය ගැන පොලිසියේ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔහු ඇඳුම් මාරු කරගෙන පොලිසියෙන් පිටත්ව නිවස බලා ගොස් තිබුණා. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කරන බව පොලිසිය පැවසුවා.

ඡායාරූපය - අතුල බණ්ඩාර

රූපවාහිනී වැඩසටහනකට සතුන් මරා දැමු නිවේදිකාව

ඇමරිකානු ජාතික නිවේදිකාවක් සතුන් දඩයම් කරනා රූපවාහිනී වැඩසටහනක් අතර තුරේදී මරා දමනා ලද විශාල සිංහයෙකුගේ ජායාරුපයක් ට්විටර් ඔස්සේ ප්‍රචාරය කිරීම නිසා ඇයට බොහෝ අපවාද එල්ලව තිඛෙනවා.
Melissa Bachman නමැති නිවේදිකාව දකුණු අප්‍රිකාව තුලදී සිදුකරන ලද ඔවුන්ගේ වැඩ සටහනේ රූපගත කිරීමක් අතර තුර මෙලෙස සිංහයෙක් ඇතුළු සතුන් රැසක් මරා දමා ඇති බවයි කියවෙන්නේ.
පහත දැක්වෙන්නේ මේ රූපවාහිනී වැඩසටහන පිලිබදව වීඩියෝවක් හා ඇය විසින් ට්විටර් ඔස්සේ ප්‍රචාරය කර තිබු ජායාරුප කිහිපයකුයි.