ගත්ත මනාප හරියටම කිව්වොත් දයාසිරිගෙන් ලක‍ෂයක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ගත්ත මනාප හරියටම කිව්වොත් 
දයාසිරිගෙන් ලක‍්ෂයක් 

වයඹ පළාත් සභා මැතිවරණ අපේක‍ෂක දයාසිරි ජයසේකර මහතා විසින් මෙවර මැතිවරණයේදී ලබා ගන්නා මනාප සංඛ්‍යාව නිවැරදිව සදහන් කරන අයකුට රුපියල් ලක‍ෂයක ත්‍යාග මුදලක් ලබා දෙන බවට වූ ලොතරැයියක් මේ දිනවල කුරුණැගල දිස්ත්‍රික්කය පුරා ඛෙදා හරිමින් සිටී.
මෙම රුපියල් ලක‍ෂයට අමතරව


රුපියල් පනස් දහස සහ රුපියල් විසි පන්දහස බැගින් වූ මුදල් ත්‍යාග දෙකක් සහ තවත් සැනසිලි ත්‍යාග 30 ක්ද, දයාසිරි ජයසේකර මහතා විසින් ලබාගන්නා මනාප නිවැරදිව සටහන් කරන අයට හිමිවන එම ලොතරැයියේ ඇති නම ගම දුරකතන අංක ආදී තොරතුරු සහිත කොටස පුරවා එය සැප්තැම්බර් 18 වෙනිදාට පෙර දයාසිරි ජයසේකර මහතාගේ ඕනෑම මැතිවරණ කාර්යාලයකට භාර දිය යුතු බවද එහි වැඩිදුරටත් සදහන් වෙයි.

මෙම ලොතරැයිය පිළිබද වැඩි විස්තර දැන ගැනීම ස`දහා බව පවසමින් දුරකතන අංක පහක් එහි සදහන් කර ඇති අතර දුරකතන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

එක් අයෙකුට එක් කූපනයකට වඩා පිරවිය නොහැකි අතර, ඔහු හෝ ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දහිමි අයෙකු විය යුතුයි. ජයග්‍රාහකයන්ගේ නාම ලේඛණය පුවත්පත් මගින් පල කෙරේ.

වැඩි විස්තර සදහා 077-2075630, 072-9312430, 072-2697430, 075-2615630 අංක වලට අමතන්න 



 
Top