ලෝකයේ සතුටින්ම සිටින මිනිසා ශ්‍රී ලංකාවේ සුගතපාල | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ලෝකයේ සතුටින්ම සිටින මිනිසා
ශ්‍රී ලංකාවේ සුගතපාල

ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සතුටින්ම ජීවත්වන පුද්ගලයා හැටියට අන්තර්ජාලයේ ‘යූටීයුබ්’ අන්තර් ජාතික වීඩියෝ වැඩ සටහනින් ඉකුත් අගෝස්තු 23 වැනිදා වන විට ශ්‍රී ලාංකිකයෙකු පෙරට පැමිණ තිබෙනවා. වැලිපැන්න විතානගේ සුගතපාල නැමැති ආරක්ෂක නිලධාරියා දෙලක්‍ෂ පනස් අට දහස් දස දෙනෙකුගේ මනාපය ලබා


මෙලෙස ලෝකයේ සතුටුම මිනිසා ලෙස කිරුළ දිනා ගෙන තිබේ. සුගතපාලගේ සේවා ස්ථානය වූ මග්ගොන නිව් මෝනිස් (පුද්) සමාගමට දෙස් විදෙස් ජනතාව පැමිණෙන්නේ ‘හලෝ සුගතපාල’ යන නමින් ආමන්ත්‍රණය කරමිණි. සුගතපාල නිසා සේවා ආයතනයත්, සේවා ආයතනය නිසා සුගතපාලත් අන්තර් ජාතික කීර්තියට පත් වී සිටී.
අන්තර් ජාලයේ www.amillionsmilesmovie.com යූටියුබ් වැඩසටහන යටතේ සෑම පුද්ගලයකුටම සුගතපාලගේ සිනාවෙන් පිරි අභිරූපන රංගනය නැරඹිය හැක.

වැලිපැන්න විතානගේ සුගතපාල (60) බේරුවල දූව , බලවත්ත,කරඳගොඩ ලිපිනයේ පදිංචි තිදරු පියෙකි. පාසලේ 8 වැනි ශ්‍රේණිය දක්වා උගත් සුගතපාල 1990 වර්ෂයේදී ගල්කිස්ස ඒෂියන් කොට්න් මිල්ස් ආයතනයේ රැකියාවේ නිරතව සිට පසුව ඉන් ඉවත් වී මෙයට වසර 08 කට පෙර පුද්ගලික ආරක්ෂක සමාගමක සේවකයෙක් හැටියට ම‍ග්ගොන ගාලු පාරේ නිව් මෝනිස් ආයතනයට එක්වීය.

වාහනවලට කථා කර තම සේවා ආයතනයට එන්න යැයි කරනු ලබන ආරාධනාව දේශිය හා විදේශිය ජනතාව ඉහළින් අගය කරයි. මේ නිසා විශ්වාසය තහවුරු වී තමන්ගේ කාලය ඉතිරිකර ගන්නට හැකි වී තිබෙන බව ඔවුහූ සතුටින් කියා සිටී. සැහැල්ලුවෙන්, ප්‍රියමනාප ලීලාවෙන් හැසිරෙන මෙ අපූරු රසවතා පවසන්නේ ජීවත්වන කෙටි කාලයේ කාගේවත් හිත් නොරිද්දා සතුටින් සිටීම තමන්ට සැපතක් බවයි.



 


බැසිල් ඩී කලපුගේ / වසන්ත තෙවරප්පෙරුම

 
Top