ඇමති ඩිලාන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාදයි!

විදේශ කටයුතු ප්‍රවර්ධන හා සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104 න් පරාජය වී තිබේ.

සවුදි අරාබියේ දී මරණ දඬුවමට ලක්වූ ගෘහ සේවිකාවක ලෙසින් සේවය කරමින් සිටි රිසානා නෆීක් බේරාගැනීම වෙනුවෙන් කටයුතු නොකළ බවට එක්සත් ජාතික පක්ෂය විසින් අමාත්‍ය ඩිලාන් පෙරේරාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලදී.

අද (07) පාර්ලිමේන්තුවේ දී ‍ගෙන එන ලද එකී විශ්වාසභංග යෝජනාවට පක්ෂව 32 ක් ලැබුණු අතර ඊට විපක්ෂව ඡන්ද 136 ක් ලැබිණි.

ඒ අනුව එ.ජා.ප. ය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව ඡන්ද 104 න් පරාජය විණි.