මුලතිව් උදයාර්කට්ටුකුලම් කැලෑ ප්‍රදේශයක සිදුවු කිසියම් පිපුරුමකින් හමුදා සාමාජිකයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් තුවාල ලැබු අනෙක් සෙබළා අනුරාධපුර ශික්ෂණ රෝහලට යවා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද හෙතෙම කීවේය.
