ධුරයෙන් නෙරපන ලද හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායත මහත්මිය සිය නීතීඥ කණ්ඩායමේ රොමේෂ් ද සිල්වාට පරුෂ වචනයෙන් බැණ වැදී ඇතැයි වාර්තා වේ.
පසුගිය සිකුරාදා දිනයේ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර දිනයේ හිටපු අගවිනිසුරුවරිය සූදානම් වී ඇත්තේ ධුරයෙන් ඉල්ලා අස්වන්නටය. එහෙත් එය වලකා ඇති නීතීඥ රොමේෂ්ද සිල්වා පවසා ඇත්තේ තමන්ට රජයේ ප‍්‍රබලම අමාත්‍යවරයෙකු හා සමීප සම්බන්ධයක් ඇති බවත් දෝශාභියෝග යෝජනාව විවාදයට නොගෙන කල් දමන බව ඔහු තමන්ට දැනුම් දුන් බවත්ය.
එය විශ්වාස කර ඇති හිටපු අගවිනිසුරුවරිය සිය ඉල්ලා අස්වීම කල් දමා ඇත. කෙසේ වෙතත් සිකුරාදා දිනයේ දෝශාභියෝගය පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යොමු කල අතර ඔහු අදාල අධිකාරී පත‍්‍රයට අද දිනයේ අත්සන් තැබීමත් සමඟ දෝශාභියෝග ක‍්‍රියාවලිය අවසන් වී ඇත.
මේ හේතුවෙන් බලවත් සේ කිපී ඇති ඇය සිය නීතීඥයා තමන් නොමඟ යැවූ බව කියමින් මහ හඬින් බැණ වැදී ඇත.
දුෂණ චෝදනා මත ධුරයන් පහ කරනු ලැබීම හේතුවෙන් විශ‍්‍රාම වැටුප අහිමිවීම හා වෙනත් ජාත්‍යන්තර තනතුරක් ලැබීමට නුසුදුස්සෙක් වීම ඇය තවත් කෝපගන්වා ඇතැයිද පැවසේ.
