විදේශිකයා යටකොට වාහනය පලා යයි
අද(10)උදෑසන ගාල්ල මාදම්පාගමදී සුදු ජාතිකයෙකු රිය අනතුරකින් මියගොස් තිබේ.ඔහු කොළඹ-ගාල්ල මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද අලුයම කිසියම් වාහනයක් මොහුව අනතුරට පත්කොට පලා ගොස් තිබෙන බව වාර්තා වේ. මියගිය පුද්ගලයාගේ සිරුර දුටු ප්‍රදේශවාසියෙක් 119 තුලින් ඇමතුමක් ලබා දී මේ බව සැලකොට තිබෙන අතර මෙ වනවිට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රෝහලට ගෙනවිත් තිබේ. විදේශිකයා මරණයට පත්කළ වාහනය සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
