
පෙරේදා රිසනාගේ ගෙදරදී - ඡායාරූප සමන් මල්ලවආරච්චි ත්‍රීකුණාමලය
මේ තත්ත්වය මැද මානව හිමිකම් සංවිධාන පවසන්නේ රිසානාට මරණ දඬුවම පැමිණ වීම වැරදි ක්‍රියාවක් බවයි. ඇගේ උප්පැන්න සහතිකයේ දැක්වෙන්නේ ඇය උපන්නේ 1988 බවයි. එහෙත් රැකියා ඒජන්සි කරු විසින් එය 1982 යනුවෙන් වෙනස් කර ගමන් බලපත්‍රයක් ලබා දී තිබේ. මේ බව සෞදි බලධාරීන් දැන සිටි බවද දක්වන මානව හිමිකම් නිලධාරීන් එම තත්ත්වය මත රිසානාට මරණ දඬුවම පැමිණ වීමම නීති විරෝධී ක්‍රියාදාමයක් බව පැවසීය. සෞදි අධිකරණය රිසානා වැඩිහිටියකු නොව දැරියක් බවට විමර්ශනයක්ද කර නැතැයි තවදුරටත් අනාවරණය වේ.
![]() රිසානා | ![]() රිසානාගේ පියා | ![]() රිසානාගේ මව | ![]() |
කෙසේ වෙතත් රිසානා නෆික්ව ඝාතනය කිරීම සම්බන්ධව ඇමිනෙස්ටි ඉන්ටනැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් යන මානව හිමිකම් සංවිධාන පැවසූවේ සෞදි රජය ජාත්‍යන්තර ළමා ආරක්ෂක සම්මුතිය උල්ලංඝනය කළ බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සෞදි රජය පරස්පර විරෝධී ප්‍රකාශ කර තිබුණි. මේ වසරේ ජනවාරි මාසයේදී සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ පැවසූවේ. දරුවාගේ මව සමග රිසානා ඇති කර ගත් අර්බුදයක් නිසා ළදරුවා මරා දමා ඇති බවයි. එසේ වූවත් පසුව එම අමාත්‍යාංශයට පැවසූවේ රිසානා ළදරුවාට කිරි පොවා ඔහුව මැරූ බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් නිසි සාක්ෂියක්ද නැත. රිසානාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සවුදි මහජන සංනිවේදන අධ්‍යක්ෂක ජනරාල් අන්සුල් ජහාන් පැවසූවේ සෞදි වේලාවෙන් දවල් 11.40 ට දවාදමී බන්ධනාගාරයේදී ඇයට මරණ දඬුවම පැමිණ වූ බවයි.ඒ සඳහා නියෝග කර ඇත්තේ සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයයි. මේ අමාත්‍යාංශය බාරව ක්‍රියා කරන්නේ මොහොමඩ් බින් නයාµa බින් අබ්දුල් අසීස් යෑයි අනාවරණය වී ඇත. සෞදි අරාබියාවේ ශරියා නැමැත නීතිය යටතේ රිසානාට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇතැයි දැන් සනාථ වී තිබේ. අධිකරණය විසින් මරණ දඬුවම ස්ථීර කර පැය දෙකක් ගත වීමට මත්තෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ඇයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගය නිකුත් කර ඇත. රිසානාට අභය දානය දෙන්නැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්රමුඛ මානව හිමිකම් සංවිධානය සෞදි රජයෙන් කළ ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් ලැබී නැත. ඇයට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව සෞදි බලධාරීන් කල් තියා ශ්‍රී ලංකා රජයට දැනුම් දී නොතිබූ බව වාර්තා විය. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් ප්රඥප්තිය සෞදි බලධාරීන් විසින් කඩකර ඇති බවයි.
සෞදි අරාබියාවේ ශරියා නීතියේ අඩුපාඩු කම් රැසක් ඇති බවද එකී සංවිධාන තවදුරටත් කියා සිටී. තම දියණියව බේරා ගැනීමේ අරමුණින් රිසානාගේ මව්පියන් ළදරුවාගේ මව්පියන් වෙත ලිපියක් ද යවා තිබූ බව අනාවරණය වී විය. එහෙත් එම ලිපියට ද නිසි ප්‍රතිචාරයක් ලැබී නැත. අභයදානය දෙන්නැයි ජාත්‍යන්තර ප්‍රජාව විසින් සෞදි රජු අබ්දුල් බින් අබ්දුල් අසීස් වෙත කරන ලද ඉල්ලීමටද සවන් දී නැත. මේ අතර රියාද් නුවර පදිංචි ශ්‍රී ලාංකික දන්ත වෛද්‍යවරියක වන කිµdයා ඉµaතිකාර් පැවසුවේ තමා රිසානාව බැලීමට බන්ධනාගාරය වෙත ගිය බවත් ඇය තමාට හිමිවන ඉරණම ගැන දැන සිටියේ නැති බවත්ය. ශ්‍රී ලංකාවට ගොස් තම මව්පියන් සමග එක් වීම රිසානාගේ බලාපොරොත්තුව වී තිබූ බවද ඉෆ්තිකාර් මහත්මිය තවදුරටත් කියා සිටියාය.
මේ පසුබිම මැද රියාද් නුවර සිටින ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝජිත මසූර් මවුලානාගේ බිරියද ළදරුවාගේ දෙමව්පියන් වූ නයිµa ජිසාන් යුවළ හමු වී රිසානාට සමාව දෙන ලෙසද ඉල්ලීමක් කර තිබේ. එහෙත් ඊටද නිසි ප්‍රතිචාරයක් ලැබී නැත. මේ තත්ත්වය මැද මානව හිමිකම් සංවිධාන පවසන්නේ රිසානාට මරණ දඬුවම පැමිණ වීම වැරදි ක්‍රියාවක් බවයි. ඇගේ උප්පැන්න සහතිකයේ දැක්වෙන්aනේ ඇය උපන්නේ 1988 බවයි.
එහෙත් රැකියා ඒජන්සි කරු විසින් එය 1982 යනුවෙන් වෙනස් කර ගමන් බලපත්‍රයක් ලබා දී තිබේ. මේ බව සෞදි බලධාරීන් දැන සිටි බවද දක්වන මානව හිමිකම් නිලධාරීන් එම තත්ත්වය මත රිසානාට මරණ දඬුවම පැමිණ වීමම නීති විරෝධී ක්‍රියාදාමයක් බව පැවසීය. සෞදි අධිකරණය රිසානා වැඩිහිටියකු නොව දැරියක් බවට විමර්ශනයක්ද කර නැතැයි තවදුරටත් අනාවරණය වේ. එහිදී ඔවුන් අනුගමනය කර ඇත්තේ පොලිසිය විසින් යොමු කළ පාපොච්චාරණයයි. මේ පාපොච්චාරණය වැරදි යයි රිසානා කළ ප්‍රකාශයද අධිකරණය පිළිගෙන නැත. එසේම රිසානාගේ පාපොච්චාරණය අරාබි භාෂාවෙන් ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කළ පුද්ගලයාට භාෂා පරිවර්තනය පිළිබඳව හැකියාවක් නොතිබූ බවද පසුව අනාවරණය විය. අධිකරණය විසින් රිසානාට මරණ දඬුවම නියම කිරීමට පෙර මේ අපූරු භාෂා පරිවර්තකයා සෞදි අරාබියාවෙන් පිටව ගොස් ඇත.
මෙහිදී නැගෙන ප්රශ්නය නම් සෞදි බලධාරීන් රිෂානා වෙනුවෙන් පෙනී සිටීමට අවසර නොදුන්නේ මන්ද යන්නයි. ඇය පසුව පැවසූවේ සෞදි පොලිසිය තමාට ශාරීරික ප්‍රහාරයක් එල්ල කර එකී පාපොච්චාරණය ලබා ගත් බවයි. ළදරුවා මිය ගියේ බෝතලයෙන් දිගටම කිරි බීමට තැත් කිරීමෙන් යෑයිද රිෂානා පසුව කියා සිටියාය. රිසානාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පර්යේෂිකාවක් වූ නීෂා වාරියා පැවසූවේ ශරියා නීතිය යටතේ ළමුන් වරදක් කළත් සෞදි අරාබියාව විසින් මරණ දඬුවම පමුණුවන බවයි.
මේ අතර ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අධ්‍යක්ෂක පිලිප් ලූතර් පැවසූවේ රිසානාට මරණ දඬුවම පැමිණ වීමට පෙර තම සංවිධානය විසින් සෞදි බලධාරීන් වෙත සන්දේශයක් යවමින් ඇය වෙනුවෙන් නීතිවේදීන්ට පෙනී සිටීමට අවසර ලැබී නැති බවත් ඒ නිසා මරණ දඬුවම කල් දමන්නැයි ඉල්ලා සිටි බවත් පළ කළේය. ඇමිනෙස්ටි සංවිධානයේ එම ඉල්ලීමටද සෞදි බලධාරීහු ප්‍රතිචාරයක් දක්වා නැත.
නිව්යෝක් නුවර හියුමන් රයිට්ස් සංවිධානය පැවසූවේ ළදරුවාගේ දෙමාපියන් සහ සෞදි සහජීවන කමිටුව අතර යම් විසඳුමක් ඇති කර ගන්නා තුරු මරණ දඬුවම පැමිණ වීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා රජයද ඉල්ලා සිටි බවයි. මෙයට පෙර සෞදි අරාබියාවේ සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ගෘහසේවිකාවකටද මරණ දඬුවම නියම විය. එහිදී ඉන්දුනිසීයානු රජය ඩොලර් පන් ලක්ෂ තිස්හතර දහසක් සෞදි පවුලට ගෙවා ගෘහසේවිකාව මුදා ගත්තාය. ඒ සඳහා එකඟතාවයක් ඇති කර ගැනීමට ඉන්දුනිසියානු බලධාරීන් කළ ඉල්ලීමට ද සෞදි බලධාරීන් කැමැත්ත පළ කර තිබූ බව වාර්තා විය. එහෙත් රිසානා නµSක්ගේ සිද්ධියේදී සෞදි රජය අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතකි.
එලෙස ළදරුවාගේ පවුලේ අයට මුදල් ගෙවා රිසානා මුදා ගැනීමට කාලය පවා ලබා දී නැත. මින් සනාථ වන්නේ සෞදි බළධාරීන්ගේ ම්ලේච්ච පිළිවෙතයි. තාලිබාන් ත්රස්තවාදීහු ශරියා නීතිය යෑයි කියමින් පකිස්තානයේ ස්වැට් ප්‍රාන්තයේ මලාලා යුසුප්සායි දැරියව ඝාතනය කිරීමට උත්සාහ කළේය. ඊට සමගාමීව තවත් කාන්තාවට වෙඩි තබා මරා දැමීය. පරවියන් ඇති කළ පිරිසකටද ශරියා නීතිය යටතේ තාලිබාන් ත්රස්තවාදීහු වෙඩි තබනු ලැබීය. මේ නීති සමුදාය ජාත්‍යන්තර නීතියට අනුකූල නොවේ. මේ අතර විදෙස් මාධ්‍ය පවා ප්‍රශ්න කරන්නේ සෞදි අරාබියාව එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් ප්රඥප්තිය අනුමත කර ඇත්නම් රිසානාට මරණ දඬුවම නියම කළේ කෙසේ ද යන්නයි.
මෙය මුළුමනින්ම එම ප්රඥප්තිය බිඳ දැමීමකි. 2010 දී විදේශ වාර්තාකරුවකු වූ රිසානා උපන් මුතූර් ගම්මානයට ගොස් විමර්ශනයක් පවත්වා ඇත. එහිදී රිසානා ඉගෙනුම ලැබූ පාසලටද ගිය එම වාර්තාකරු පාසලේ ලියාපදිංචි ලේඛනයේ ඇත්තේ රිසානා 1988 උපත ලැබූ තැනැත්තියක් බවට සනාථ කළේය. එහෙත් මේ නිවැරදි තොරතුරු පිළිගැනීමට සෞදි රජය ක්‍රියා නොකළේ මන්ද? මේ නිසා පැහැදිලි වන්නේ සෞදි අරාබියාවේ ක්‍රියාත්මක වන ශරියා නැමැති අන්තවාදී ම්ලේච්ජ නීති සමුදායට ඇයද ගොදුරු වූ බවයි.
මෙහිදී තවදුරටත් වාර්තා වූ සිද්ධියක් නම් මේ ශරියා නීති රීති යටතේ ළමුන්ද වැඩිහිටියන් ලෙස සැළකීමට විනිසුරුවන්ට බලතල හිමි වී ඇති බවයි. හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ සෞදි අධිකරණය විසින් අවුරුදු 13 වියෑති ළමුන්ට පවා මරණ දඬුවම නියම කර ඇති බවයි. මේ නීතිය නිසා අහිංසකයන්ද මරණ දඬුවමට ලක් වන බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය තවදුරටත් කියා සිටී. 2012 දී සෞදි අරාබියාව තුළ 69 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත.



