ජනපතිට විකල්පයක් නෑ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීමෙන් පසු අගවිනිසුරුවරිය ඉවත් කරනවා හැර මහින්ද රාජපක්ෂ මහතාට වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසයි.

ඔහු එසේ පැවසු බව රජයේ නිල පුවත් වෙබ් අඩවියේ සඳහන්ය.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 106කින් ඊයේ සම්මත විය.

එකී යෝජනාවට පක්ෂව ඡන්ද 155ක්ද විපක්ෂව ඡන්ද 49ක්ද ලැබිණු අතර එය පාර්ලිමේන්තුවේද තුනෙන් දෙකකටත් වඩා බහුතරයකි.

දෝෂාභියෝගයට අදාළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව විසින් පැවැත්වු විමර්ශනයෙන් පසු ඇයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පවත්වා එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ඇත්තේ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති ප්‍රතිපාදන අනුව යැයි ඔහු පේනවාදෙයි.

එකී ප්‍රතිඵලයට අනුව අගවිනිසුරුවරිය ඉවත් කරනවා හැර‍ වෙනත් විකල්පයක් ජනපතිට නැතැයිද මොහාන් සමරනායක මහතා කියයි.
 
Top