සීනි ලක්‍ෂ 8 ක් වැලි එක්ක කවන්න හදලා
රුපියල් ලක්‍ෂ 800 ට අධික වටිනාකමකින් යුතු බ්‍රසීලයෙන් ආනයනය කර තිබූ වැලි මිශ්‍රිත දුඹුරු කිලෝග්‍රෑම් ලක්‍ෂ 8 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ. සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි සේදවත්ත පෞද්ගලික ගබඩා සංකීර්ණයක තිබී මෙම සීනි තොගය අත්අඩංගුවට ගෙන ඇත. මෙතෙක් පාරිභෝගික අධිකාරිය විසින් වැටලීමට ලක් කළ වැඩිම සීනි ප්‍රමාණය මෙය වේ. මෙම සීනි තොගය ද ඉකුත් අදෙසැම්බර් 31 දා පාරිභෝගික අධිකාරිය භාරයට ගත් වැලිමිශ්‍රිත සීනි තොගයේම කොටසක් බවත් එකම කාණ්ඩ අංකය යටතේ මෙම සීනි තොග ආනයනය කර ඇති බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.
