පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද දෝෂාභියෝග යෝජනාව සැලකිල්ලට ගනිමින් අග‍්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලබන සඳුදා (14) අග‍්‍රවිනිශ්චයකාර ධූරයෙන් ඉවත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව නව අගවිනිසුරුවරයා ලබන අඟහරුවාදා (15) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
නව අග‍්‍රවිනිශ්චයකාර ධූරයට හිටපු නීතිපති ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා පත් කිරීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව, මොහාන් පීරිස් මහතාගේ නම හෙට (13) දිනයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යැවෙනු ඇතැයි ද පැවැසේ.
ජනාධිපතිවරයා නිර්දේශ කර යවන නම ව්‍යවස්ථා සභාවෙන් අනුමත කර එවීමෙන් පසුව නව අග‍්‍රවිනිශ්චයකාරවරයා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.
