sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
බොලිවුඩයේ සිදුවූ දරුණුම අපරාධයට දීපිකා සහ රන්වීර් සම්බන්ධයි - දුටු තැන අල්ලන්න ඉන්දීය අධිකරණයක් නියෝග කරයි.
සුපිරි බොලිවුඩ් නළු නිළි යුවලක් වහාම අත්අඩංගුවට ගන්නැයි බිහාර් ප‍්‍රාන්ත මුෂාෆර්පුර් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගන්නැයි නියමිතව තිබෙන්නේ දීපිකා පදුකෝන් හා රන්විර් සිං. ඒ, ඔවුන් රගපෑ " රාම් ලීලා " චිත‍්‍රපටයේ ඇතැම් දර්ශන හේතුවෙන් හින්දු ආගමේ විශ්වාසයන්ට බලපෑම් එල්ල වී ඇතැයි කියන චෝදනාව හේතුවෙන්.
මීට අමතරව චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලිට එරෙහිවද වරෙන්තු නිකුත් කර ඇතැයි " හින්දුස්ථාන් ටයිම්ස් " වෙබ් අඩවිය වාර්තා කළා.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන එළැඹෙන ජූනි 4 වැනිදාට අධිකරණය හමුවට පමුණුවන ලෙසටයි මුම්බායි පොලිස් කොමසාරිස්වරයාට නියෝග කර ඇත්තේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අධිනීතීඥවරයෙකු වන සුධිර් කුමාර් ඕවා විසින් ඉකුත් නොවැම්බර් මාසයේ ගොනු කරන ලද පැමිණිල්ලක් සැළකිල්ලට ගනිිමින්.
පසුගියදා පැවති අයිෆා සිනමා සම්මාන උළලේදී හොඳම නිළිය වූ දීපිකා පදුකෝනි, රන්විර් සිංගේ පෙම්වතිය ද වනවා.
ඔවුන් රගපෑ " රාම් ලීලා " චිත‍්‍රපටය 2013 වසරේ වැඩිම ආදායමක් ඉපයූ චිත‍්‍රපට අතරට ඇතුළත් වන අතර " ෆිල්ම් ෆෙයාර් " සම්මාන අටකට නිර්දේශ වී ඉන් සම්මාන තුනක් දිනා ගත්තා.
ඒ අතර හොඳම නිළියට හිමි සම්මානය ද වනවා.
ඔවුන් රගපෑ " රාම් ලීලා " චිත්‍රපටයේ ඡායාරූප












