එංගලන්ත තරුණියන්ගේ හිරි ඔතප් බිඳින්න ගිහිල්ල


කොළඹ සිට ගාල්ල බලා ත‍්‍රිරෝදයකින් එමින් සිටි එංගලන්ත ජාතික තරුණියන් දෙදෙනකුගේ හිරි ඔතප් බිඳීමට තැන්කළ බැව් කියන ත‍්‍රිරෝද රියැදුරකුට එරෙහිව විදේශීය තරුණියන් දෙදෙනා ඊයේ රාත‍්‍රි ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත මෙම විදේශීය තරුණියන් දෙදෙනා කොළඹ පිටකොටුවේ සිට ගාල්ල බලා ත‍්‍රිරෝදයකින් එමින් සිටියදී රියැදුරා බණ්ඩාරගම බමුණුමුල්ල ප‍්‍රදේශයේ  නතර කර තරුණියන් දෙදෙනාගේ හිරි ඔතප් බිඳීමට උත්සාහ කර ඇතැයි විදේශීය තරුණියන් ගාල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ
මෙම තරුණියන් ත‍්‍රිරෝදයෙන් පැන අසල නිවෙසකට දුවයද්දී ත‍්‍රිරෝදයේ රියැදුරා පලාගොස් තිබේ


පසුව ප‍්‍රදේශවාසීන් එක්ව තරුණියන් දෙදෙනා ගාල්ල බසයක නංවා ඇති අතර ඔවුන් ගාල්ලට පැමිණ මේ පිළිබඳ ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ
සිද්ධියට සම්බන්ධ පැමිණිල්ල ගාල්ල පොලිසියේ සටහන් කිරීමෙන් පසුව වැඩිදුර පරීක්‍ෂණ සඳහා බණ්ඩාරගම පොලිසියට යොමුකර ඇත